(ඩි.ජි.සුගතපාල)

ගාල්ල මහාධිකරණයෙන් වරෙන්තු ලබා සිටි මිනී මැරුම් නඩුවක විත්තිකරුවෙකු අවුරුදු 31කට පසු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.                         .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වඳුරඹ ඉඳුරුපත්විල පදිංචි  මේ වනවිට 82 හැවිරිදි  පසුවන විත්තිකරුවෙකි

මෙම විත්තිකරු 1984දි එවකට බද්දේගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඳුරුපත්විලදී තවත් තිදෙනෙකු සමග එක්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බවත්  ඒ සම්බන්ධ නඩුව ගාල්ල මහාධිකරණයේ විභාග වෙමින් තිබියදි තින්දුව දිමට පෙර මෙම විත්තිකරු මාලදිවයිනට පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පසුව අනෙක් විත්තිකරුවන් තිදෙනාට මහාධිකරණය විසින් සිර දඩුවම් නියම කර මෙම විත්තිකරුට වරෙන්තු නිකුත්කර ඇත.

මේ අතර එම විත්තිකරුවන් තිදෙනාගේ දඩුවම් අවසන්විමෙන් පසු ගමට පැමිණ ඇති අතර වරෙන්තුකරුද මාලදිවයිනේ සිට ගමට පැමිණ ඇත.

එසේ පැමිණ සිටියදි ලැබුන තොරතුරක් අනුව වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්මන් කොට්ටගේ සැරයන්වරුන්වන සිරිල්(33714) මහින්ද(7449)කොස්තාපල් විජේසිංහ(72882)යන මහත්වරුන් විසින් වරෙන්තුකරු අත් අඩංගුවට ගෙන බද්දේගම පොලිසියට බාරදි ඇති අතර ඔහු අද (17) ගාල්ල මහාධිකරණය වෙතඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි .

වඳුරඹ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්මන් මහතා පැවසුවේ මෙම මිනි මැරුම වන කාලයේ වඳුරඹ පොලිසිය පිහිටුවා නොමැතිව තිබු අතර මෙම ප්‍රදේශයද බද්දේගම පොලිසියට අයත්ව තිබු නිසා වරෙන්තුකරු බද්දේගම පොලිසියට බාරදුන් බවය.