තම මනාප ගොඩ වැඩි කරගැනීම පසෙකින් තබා පක්ෂයේ ඡන්ද පදනම වැඩිකරගනිමින් එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හා කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව කීවේ ගාල්ලේ පැවති ජන හමුවක දී ය
‘‘ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් ලබා ගන්නවා. විශාල ඡන්ද දායකයන් පිරිසක් අපේ පක්ෂය වටා රොක්වෙමින් සිටිනවා. මගේනම් කිසිම මනාප පොරයක් නැහැ. අපේ පක්ෂයේ නායකතුමාගේත් මගේත් එකම අපේක්ෂාව පක්ෂයේ ජයග්‍රහණය පමණයි. අපි උත්සාහ ගන්නේ අපේ මනාප ගොඩ වැඩිකරගන්න නෙවෙයි. වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යැවීමට පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව වැඩි කරගන්න. ඒ නිසා අපි සෑම දිස්ත්‍රික්කයකම එකම කණ්ඩායමක් හැටියට වැඩකරගෙන යනවා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එකිනෙකා කුලල්කා ගනිමින් තමන්ගේ ම අපේක්ෂකයන්ට ඡන්දය දෙන්න එපා කියමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යාම පිළිකුල් සහගතයි. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔයාට මනාප නැහැ. හය දෙනෙක් අාවොත් විතරක් ඔයා ඇතුලේ (නදී)
එල්.ටී.ටී එකට පක්ෂව කතාකරල තමා ඔය තත්වෙට වැටුනේ. නැත්නම් එදා හිටියේ ඔය අද ඉන්න නියෝජ්‍ය නායකයන්ට ඉහලින්. දැන්වත් අවංකව රට ගැන හිතන්න, පක්ෂය දෙවනුව. (නදී)
ගාල්ලේ වැඩිපුරම තියෙන්නේ මෙතුමාගේ කටවුට්. ඒවා නීතියට අනුකූලද? (නි)
ඔයා මෙදාත් ගෙදර වගෙයි නේද ? (නදී)