IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘මනාපය ගැන නොසිතා ඡන්දය ගැන හිතනවා“

තම මනාප ගොඩ වැඩි කරගැනීම පසෙකින් තබා පක්ෂයේ ඡන්ද පදනම වැඩිකරගනිමින් එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හා කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව කීවේ ගාල්ලේ පැවති ජන හමුවක දී ය

‘‘ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් ලබා ගන්නවා. විශාල ඡන්ද දායකයන් පිරිසක් අපේ පක්ෂය වටා රොක්වෙමින් සිටිනවා.  මගේනම් කිසිම මනාප පොරයක් නැහැ. අපේ පක්ෂයේ නායකතුමාගේත් මගේත් එකම අපේක්ෂාව පක්ෂයේ ජයග්‍රහණය පමණයි. අපි උත්සාහ ගන්නේ අපේ මනාප ගොඩ වැඩිකරගන්න නෙවෙයි. වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යැවීමට පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව වැඩි කරගන්න. ඒ නිසා අපි සෑම දිස්ත්‍රික්කයකම එකම කණ්ඩායමක් හැටියට වැඩකරගෙන යනවා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එකිනෙකා කුලල්කා ගනිමින් තමන්ගේ ම අපේක්ෂකයන්ට ඡන්දය දෙන්න එපා කියමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යාම පිළිකුල් සහගතයි. “

 



අදහස් (0)

‘‘මනාපය ගැන නොසිතා ඡන්දය ගැන හිතනවා“

කුමාර් Saturday, 08 August 2015 03:00 PM

කොහොමත් ඔයාට මනාප නැහැ. හය දෙනෙක් අාවොත් විතරක් ඔයා ඇතුලේ (නදී)

:       0       0

සෙනරත් Saturday, 08 August 2015 04:24 PM

එල්.ටී.ටී එකට පක්ෂව කතාකරල තමා ඔය තත්වෙට වැටුනේ. නැත්නම් එදා හිටියේ ඔය අද ඉන්න නියෝජ්‍ය නායකයන්ට ඉහලින්. දැන්වත් අවංකව රට ගැන හිතන්න, පක්ෂය දෙවනුව. (නදී)

:       0       0

මුණසිංහ Sunday, 09 August 2015 01:52 AM

ගාල්ලේ වැඩිපුරම තියෙන්නේ මෙතුමාගේ කටවුට්. ඒවා නීතියට අනුකූලද? (නි)

:       0       0

හපුආරච්චි Sunday, 09 August 2015 05:00 AM

ඔයා මෙදාත් ගෙදර වගෙයි නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site