සීදුව දුම්රිය හරස් මාර්ගය ළඟදී කැලණිය හිටපු ප්‍රාදේශීය සභාපති හා සන්ධාන අපේක්ෂක ප්‍රසන්න රණවීරගේ කැබ් රථයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මනාප අංක හා රුව මුද්‍රිත පෝස්ටර් හා කටවුට් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රසන්න රණවීරගේ නම හා මනාප අංකද රුවද මුද්‍රිත ලේබල් ඇලවූ සිවුරු 7ක්ද එහි තිබී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කෙනෙක් එක රැස්වීමකදී අහලා තිබුණා නේද සිවුරු බෙදුවහම මොකක්ද වැරැද්ද කියලා? (නි)
ඉමේෂ් ඔයා කියනවා වගේ මෙයා කැලණිය ජනතාවට කලාය කියන සේවය මෙච්චර විශාල නම් ඔය බඩු බෙද බෙදා ඡන්ද හිඟන්නෙ අහවල් දේකටද? (නදී)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
දේශපාලඥයෝ ගම කනවා මදිවාට දැන් ආගමත් කන්න හදනවා!! (නි)
ඔය ඔක්කොටම කලින් කැළණිය කුණු ප්‍රශ්නය විසඳලා ඉන්න. රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද ගමේ ප්‍රශ්න විසඳන්නේ නැතුව? (නි)
රටටම දැනගන්න කියන්නේ. කැලණියේ කුණු ගෙනගියේ නැහැ සතියකින්. කුණු පිරිලා ගෙවල්වල, පාරවල් අයිනේ. මෙතුමාව යවමුද පාර්ලිමේන්තුවට රටේම ප්‍රශ්න විසඳන්න? (නි)
ජනතාව නිවැරදි හැන්දෙන් බෙදාවිද බලමු (නි)