පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සොයා ගැනීමේ පහසු විද්‍යුත් ක්‍රමයක් මැතිවරණ දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇත. පහත දැක්වෙන සබැඳිය ඔස්සේ ගොස් ඔබ අයත් දිස්ත්‍රික්කය තෝරා ඔබ ඡන්දය දීමට අපේක්ෂාකරන දේශපාලන පක්ෂයේ නම තෝරන්න. එවිට ඒ පක්ෂයේ අදාල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ නම් සහ මනාප අංක ඔබට දර්ශනය වෙයි.
පෝස්ටර් ඇලවීමට නොහැකියැයි තිබූ නීතිය හොඳින් ක්‍රියාත්මක වූ බැවින් තම මනාප අංකය ඡන්ද දායකයන් වෙත ගෙනයාමට නොහැකියැයි අපේක්ෂකයෝ මැසිවිලි නැගූහ. මේ ක්‍රමය ඡන්ද දායකයන්ට තමන් කැමති අපේක්ෂකයාගේ මනාප අංකය සොයා ගැනීමට ඉතා පහසු ක්‍රමයකි. මෙම සේවාව සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලබා දීම ද විශේෂත්වයකි.
අදාල සබැඳියට මෙතැනට යන්න
http://220.247.204.21/loc/Main.aspx

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට මනාප අංක සටහන වැරදි බව පෙනේ.(නදී)
හොද දෙයක් කරලා තියෙන්නේ. පොඩි මිනිහට මේවායෙන් වැඩක් වෙන්නේ නැහැ. (නදී)
ඉතාමත් හොදයි. මෙය තවදුරටත් වැඩි තියුණු වේවීයි අපි සිතනවා.(ම)
අධ්‍යාපන සුදුසුකම් එහෙමත් ඒ එක්කම දැම්ම නම් තමයි හොඳ (ම)
ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්. (බ)
වැඩේ හොදයි. ගමේ අප්පුහාමිලට තමයි ප්‍රශ්නේ. (බ)
නියමයි (නදී)