බස්නාහිර සහ දකුණු පළාත්වල පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අඟහරුවාදා (11) පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයින් වෙත මනාප අංක නිකුත් කිරීමට නියමිත බවත්, කච්චේරි භූමියට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයාට හා දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට පමණක් බවත් පොලිසිය කියයි.
කිසිම පිටස්තර වාහනයකට හෝ ආධාරකරුවන්ට කච්චේරිය අවට ප්‍රදේශයට පැමිණීමට අවස්ථාව ලබා නොදෙන බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙළපාළි ගිය හොත් මැතිවරණ පනතේ 69 වගන්තිය අනුව නීති විරෝධී පෙළපාළියක් ලෙස සලකා ඊට හවුල් වන පිරිස් හා වාහන අත්අඩංගුවට ගන්නා බව ද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මනාප අංක කච්චේරියේදී එයාලගේ අතට දෙන්නේ.? අදාල පක්ෂයේ නියෝජිතයාට දුන්න නම් පක්ෂයෙන් ඒ අංක ලබා ගන්න කාටත් පුළුවන්නේ අප්පා. නාම යෝජනා දෙන්ට පක්ෂ නියෝජිතයා යනවා නම් අංක ඔක්කොම ගන්ටත් උන්නැහේ ගියානම් කරදරයක් නැහැ නේ. එතකොට පෙළපාලිත් නැහැ. අනවශ්‍ය පිරිස් එකතුවෙන්නෙත් නැහැ.(නදී)
ගිය සැරෙත් ඊට හවුල් වන පිරිස් හා වාහන අත්අඩංගුවට ගන්නා බව ද පැවසුවා නේද .?(දිල්)
අනේ නිකන් ඉන්න මහත්තයෝ, ඔය කියන නිතිය ක්‍රියාත්මක වෙයි ජෙනරාල් තුමා ඇතුළු විපක්ෂයට.(නදී)
අනේ නිකන් ඉන්න මහත්තයෝ , අනේ ඉතින් මගේ කට ! (දී)
අර අදිවේගී මාර්ගයේ කලබල කල කට්ටියට මොකද උනේ (දී)