(ජුඩ් සමන්ත)
හලාවත-මුන්නේෂ්වරම වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටින විට ගොඩනැගිල්ලක නටඹුන් මතුවී ඇත. ඓතිහාසික මුන්නේෂ්වරම දේවාලයට සහ තුමුලසෝම පිරිවෙනට මුන්නේෂ්වරම වැවේ ස්ථාන කීපයක රොන් මඩ ඉවත් කිරීම මේ දිනවල සිදු වෙමින් පවතී.
වැවේ ඇති දූපතක් වැනි ස්ථානයක මෙම නටඹුන් හමුවීම විශේෂත්වයකි.විවිධ ප්‍රමාණයේ ගඩොල් වර්ග මෙන්ම පාත්‍ර කොටස් ද ඒ අතර වන බව දක්නට ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම ස්ථානයට පැමිණ විමර්ශණ කටයුතු සිදු කර පසුව රොන් මඩ ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
හමුවී ඇති ගඩොල් සහ පාත්‍ර කොටස් අනුරාධපුර හෝ පොළොන්නරුව යුගයට අයත් විය හැකි බවට අනුමාන කරන බව තරුණ පුරා විද්‍යා ගවේෂකයෙකු වන ඩේවිඩ් ගයාන් ඉන්දික මහතා පවසයි.
රජ සමයේ මෙම වැව බාරව සිටි නිලධාරියාගේ නිවස මෙම ස්ථානයේ තිබෙන්නට ඇති බවට විශ්වාසයක් ඇති නමුත් පාත්‍ර කොටස් හමුවීම තුළින් ඊටත් වඩා වැඩි දෙයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවන බව ඔහු කියයි.
නටුඹුන් හමුවී ඇති ස්ථානයට නුදුරින් පුරාණ තුමුලසෝම පිරිවෙන පිහිටා තිබෙන බැවින් ඇතැම් විට මෙම ස්ථානයේ පිරිවෙනට සම්බන්ධ ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි සමුහයක් තිබෙන්නට ඇති බවට විශ්වාස කරන බවද හෙතෙම කියා සිටියි.
කෙසේ වෙතත් මුන්නේෂ්වරම වැව තුළ නිසි කැණීම් කටයුත්තක් සිදු කරන්නේ නම් මීට වඩා පුරා විද්‍යා වටිනාකමක් ඇති දෑ සොයා ගැනීමට හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන බවද ඩේවිඩ් ගයාන් ඉන්දික මහතා පවසයි.
මෙම වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටින විට පසුගිය මාසයේ දේව ප්‍රතිමාවක්ද හමු විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට රාවණා රජුගේ ආසියන්තරේ කොටස් හම්බවෙන්නත් ඉඩ තියනවා.
ඔතනින් ෆොසිල වෙච්ච වඩේ එකකුත් හම්බවෙලා.. ඒක නිසා ලංකාව වසර මිලියන ගානකට පෙර ද්‍රවිඩ නිජබිමක් කියල ඔප්පු වෙලා...