(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මන්නාරම උයිලන්කුලමෙන් රුපියල් කෝටි හතරකට ආසන්න විදී වටිනාකමක් ඇතැයි කියන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3.94 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
යාපනය කලාපය වාර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී ජි.ජි නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක ජි. එම්. ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd