
(රොමේෂ් මධූෂංක)
මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට රාජකාරියට වාර්තා නොකිරීම නිසා අලුත උපන් දරුවන් සහ ගැබිණි මවුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පාලනාධිකාරිය පවසති.
වෛද්‍යවරයා දින කීපයකට සිට රාජකාරියට වාර්තා කර නැතැයි වාර්තා වේ.
මේ පිළිබඳව මන්නාරම් රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය එම්. හනීෆා මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට කිසිදු දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා කර නැති බවයි.
රෝගීන් පත්වන අපහසුතාවයන් මඟහරවා ගැනීමට එම රෝගීන් වවුනියාව රෝහලේ සහාය ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේම නිවැරදිව දත් මහාචාර්ය විශේෂඥයන් පාර්ළිමේන්තුවේ පිරී සිටී..ඉන් කෙනෙකු අනුයක්ත කරගන්න. ඉපදෙන්න සිටින දරැවා හදිසියේ සමරිසි විය හැකි බැවින් සැලකිලිමත් වන්න