මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ තිරුකේතිස්වරම් කොටසේ පරීක්ෂණ දුම්රිය ගමන් ඇරඹූ බව ඉදිකිරීම් භාර ඉර්කොන් සමාගම කියයි.
දැනට එම මාර්ගයේ දුම්රිය ගමන් කරනුයේ මඩු දක්වා පමණි. එතැන් සිට කිලෝමීටර් 26 ක් දුර තිරුකේතිස්වරම් දක්වා ඉදිකිරීම් අවසන් කර ඇත. ඒ අතර පිහිටි මුරුක්කන් දුම්රිය ස්ථානයේ වැඩද නිමකර තිබේ.
තිරුකේතීස්වරමේ සිට මන්නාරමට ඇත්තේ තවත් කිලෝ මීටර් 8 ක දුරකි. එම කොටසේ ඉදිකිරීම්ද අවසන් වෙමින් පවතින බව ඉර්කොන් සමාගම මන්නාරම දිසාපති මහින්ද දේශප්‍රිය මහතාට කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ආසාවක් තියෙනවා නිකමට කොළඹ ඉඳලා යාපනයටත්, මන්නාරමටත් ගිහින් එන්න දුම්රියෙන් කවදාවත් උතුරුකරයට ගිහින් නැති නිසා. (ර)
ණයවෙලා හරි මේවා කළොත් තමයි අපේ ළමයි හරි මේ දුම්රිය වල යන්නේ. (නි)
මේ සේරම ආසියානු බැංකුවෙන් කරන දේවල් .ලංකාවට ආධාර පිණිස කාගෙවත් බුදලය නෙමේ හොදේ .අනික නයට අරගෙන කරන්නේ .ගෙවන්නේ අපේ දරුවො තමයි (බ)
මොනතරම් සතුටුදායක ආරංචියක්ද? (නි)
දකිනකොටත් හරිම ආසයි. දැන්මම යන්න හිතෙනවා (නි)
මම අන්තිමට මන්නාරම් ගියේ 1988දී විතර. දකිද්දී යන්න ආශා හිතෙනවා (නි)
අපිට අඩු වියදමින් උතුරටම යන්න පුළුවන්.(හේ)
ඉසුරන්දි එක්ක මාත් එනවා යන්න. මාත් ගිහිල්ලා නැහැ (නි)
මන්නාරම් ගිනිවැල්ලේ කොණ්ඩය කඩාගෙන ඉන්න කුණ්ඩුමනීලා බලන්න යන්න පුලුවන් වෙයි නේද දැන් අපිට? (නි)
බොහොම හොඳයි. සුබ පැතුම්! (නි)
ශ්රී ලංකාව දියුණුවෙන් දියුණුවට පත්වේවා!! පොදු දේපල රැකගැනීම අපි කාගේත් වගකීමක් (නි)
රටේ වන සංවර්ධනය දැක සතුටුවිය හැක. 30 වසරක අවාසනාවන්ත යුගයකට පසු දැන් සතුටුවිය හැක .පසුගිය කාලය අමතක කරන්න එපා.ශ්‍රී ලංකාව තව තවත් දියුණු වේවා! (නි)
මේ කරන දේවල් ඒ අයට මතක තිබුණොත් හොඳයි (නි)