මින්නේරිය ජාතික වනෝද්‍යානයයේ ඇතැම් සේවකයන් සංචාරකයින්ට වන සතුන් පෙන්වීම සඳහා සෆාරී සේවයක් පවත්වාගෙන යවන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා පිළිගනී.
එම සේවය නවත්වන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇතැයි ද ඔහු කියයි.
වනජීවී නිලධරයින්ගෙන් මේ ක්‍රියාවලින් වල් අලින් දැඩි හිරිහැරයට ලක්වන බව පරිසර සංවිධාන කියයි.
වනජීවී නිලධරයින් සතු ජීප් වලින් යන අයට නොමිලේ මඟ පෙන්වන්නන්ද ලැබෙන අතර අසීමීත කාලයක් වනෝද්‍යානයේ රැදී සිටීමට අවසර ලැබෙන බවද කියති.
පෞද්ගලික සෆාරී රියදුරනට මෙයින් තදබල අසාධාරණයක් වෙතියි හබරණ මහසෙන් ජීප් රථ සංගමයේ සභාපති ජි සුමේධ මහතා කියයි.
‘උද්‍යානය දැන් අම්බලමක් වගේ.මිනිසුන් වන සතුන් වගේ හැසිරෙනවා.වන සතුන් මිනිසුන් වගේ හැසිරෙනවා.‘







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පෙනෙනවා වනජීවී අධ්‍යක්ෂක සේවකයන්ට බයයි කියලා. (අ)
මේවා ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්ණ, වන ජීවී අමත්‍යංශය කල අලි පැටවුන් හොරකම් කර ගෙන යාමට ඉඩ නොදීම, සහ අලි මිනිස් ගැටුමට ඉක්මන් විසදුම් සෙවීමයි. වන සතුන් මරන නම් එපා මුළු පවුල් වලටම හෙන වදිනවා. (අ)
පෞද්ගලික සෆාරි එක ජීප් එකෙන් ආරම්භ කරපු සමහරුන් අද වාහන ගණනාවක අයිති කරුවන් වෙලා ඉන්නවා.අනුන්ට ඊර්ෂ්‍යා නොකර කව්රු කව්රුත් බෙදා හදාගෙන කන්න පුරුදුවීම උතුම් ගුණාංගයක් ! (අ)
වැව අසල ඉන්න එළ හරක් හා ගවයිනුත් වන ජීවීන්ද ? (අ)
වැව අසල ඉන්න එළ හරක් හා ගවයිනුත් වන ජීවීන්ද ? (අ)