
(ටී.කේ.ජී.කපිල )
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින රමේෂ් ප්‍රියජනක නොහොත් " මන්නා රමේෂ් " නැමැති අය අද දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ හරහා රැගෙන පැමිණියහ .
32 හැවිරිදි වියේ පසුවන මන්නා රමේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු මීට මාස කීපයකට පෙර ඩුබායි හී දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔහු වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විශාල පිරිසක් ද කැදවා තිබුණි .

--------------------------------------------------------
2024-05-07
05:30 AM
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන රැගෙන ගෙන ඒමට නියමිතය.
මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය කියයි.
රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.
ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.
මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු, අපේ ලෝයර්ලට හුඟක් සතුටු හිතෙයි !!
ගෙන්නුවට වැඩක් නෑ උසාවි දාලා දඬුවම් දෙන්න බොරුවට ඡන්දේ ඉවරවෙනකම් අල්ලන් තියන් ඉඳලා මිනිස්සු රවට්ටන්නෙ නැතුව.
ඔන්න අපේ ලෝයර්ස්ලාට හොඳ හොද්දක්. :)
ඔක්කෝම ගෙනාවා ඒත් තාම අර්ජුන මහේන්ද්‍ර ගෙනාවේ නැ තාම
මේ වගේ පාතාලේ උන්ට හොර පාස්පෝර්ට් හදන්න පහසුකම් දෙන, ග්‍රාමසේවක , JP , ආගමන විගමන ඔෆ්ෆිස් එකේ ඉන්න උන්ව ඉස්සරවෙලාම හිරේ යවන්න ඕනේ. මේ වගේ පාතාල මැරයින් ට පහසුවෙන් ඒ රටවලට යන්න ලැබෙන නිසා,ලංකාවෙන් ගිහින් ඩුබායි වල වැඩ කරන 99.99% වන හොඳ මිනිස්සුන්ටත් මේ නිසා ලොකු අවමානයක්, බලපෑමක් වෙනවා.
මාකදුරේ මධුෂ්ට වුණ දේ මෙයාටත් සිදුවෙයිද දන්නේ නෑ?
මේ අය පිටිපස්සෙන් ඉන්න ගද දේශපාලකයොත්, පොලිසියේ අයත් මේ සමගම අත්අඩංගුවට ගන්න.
දැන් එතකොට කවදද ඔය මිනිහව සඟවා තැබූ අවි සොයාගන්න එක්ක යන්නේ?
පාතාල නායකයා ගුවන්තොටුපළේ සිට පොලිසියට අරන් යන්නේ ප්‍රභු ආරක්ෂාව දීලා, ඒ තරමට පාතාලය බලවත් වෙලා රජයේ ජාතික ආරක්ෂාව දුර්වල වෙලා. අවුරුදූ හැත්ත හයක් හැදුව රට.
දැන් අපේ සල්ලි වලින් පින්බත් ගිලින්න දෙන්න වෙයි