IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මෙන්න ප්‍රවෘත්ති - නිවේදකයා ලොක්කගෙ ගෙදර

2016-08-19-ent-02අතීතයේ සිදුවුණු රසමුසු අත්දැකීම් ඉඳහිට හෝ යළිත් අප සිහිපත් කරන්නේ, ඒ තුළින් අපටත් යම්කිසි පාඩමක් උගත හැකි නිසායි.

මේක සිද්ධවෙලා තියෙන්නෙ මීට අවරැදු ගාණකට කලින් ගුවන් විදුලියේ ජනප්‍රිය නිවේදකයකු වූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහට.

එදා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයා ලෙස කටයුතු කළේ ඔහු. ඒ දවස්වල ලෝක ප්‍රවෘත්ති ප්‍රචාරය කළේ වෙනම රාත්‍රී 7.30ට. ඔන්න එදා රූ ගුවන් විදුලි සංස්ථාවෙ සභාපතිගෙ ගෙදර උත්සවයක්. ලොක්කාගෙ ගෙදරට දැන් ගුවන් විදුලියෙ හැමෝම ලෑස්තිවෙලා යනවලු. ධර්ම ශ්‍රීට යන්න විදියක් නෑ ලෝක ප්‍රවෘත්ති සජීවීව ප්‍රචාරය නොකර. ඔහොම ඔහු තැවි තැවී ඉන්නකොට කාර්මික අංශයේ නිලධාරියෙක් ධර්ම ශ්‍රීට කිව්වලු, "ඔන්න ඕක රෙකොඩ් කරලා දාමු. අදට විතරනෙ. ඔයාට ලොක්කගෙ ගෙදර පාටියට යන්නත් පුළුවන් කියලා."

ඔන්න ධර්ම ශ්‍රීත් ප්‍රවෘත්ති රෙකෝඩ් කරලා පාටියට ගියාලු.

ලොක්කගෙ ගෙදර ගුවන් විදුලි යන්ත්‍රය මහ හඬින් දාලා තිබෙනවා. ධර්ම ශ්‍රී ලොක්කා එක්ක සුහද කතාබහක යෙදිලා ඉන්න කොට එක පාරටම රේඩියෝ එකේ යනවලු, "මෙන්න ලෝක ප්‍රවෘත්ති ප්‍රකාශය ධර්ම ශ්‍රී වික්‍රමසිංහ" කියලා.

සභාපති තේවිස් ගුරැගේ මහතා ධර්ම ශ්‍රී දිහා එක පාරයිලු බැලුවෙ. පහුවදා උදේම කාර්යාලයට යද්දි ධර්ම ශ්‍රීගෙ මේසෙ උඩ දඩ කොළයක්ලු. ගුවන් විදුලි සංස්ථාවේ නීති උල්ලංඝනය කළාට රැපියල් 50ක දඩයක්.

එදා ආයතනවල අද වගේ මුහුණු බලලා නීති රීති වෙනස් කරපු කාලයක් නෙවෙයි. කවුරැ වරදක් කළත් වැරුද්ද වැරුද්දමයි.

 

DESHAYA



අදහස් (0)

මෙන්න ප්‍රවෘත්ති - නිවේදකයා ලොක්කගෙ ගෙදර

ලසන්තිකා Sunday, 21 August 2016 08:10 PM

ඒකනේ ඒ කාලේ රට දියුණු!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site