පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ලබන මාසයේ දී විශ්‍රාම ගැනීමට නියමිතය.
එම පදවිය අපේක්ෂාවෙන් තිදෙනෙක් තරග බිමට එතියි කියති.
එස් එම් වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර හා චන්දන වික්‍රමරත්න ඔවුහුය. චන්දන වික්‍රමරත්න වයසින් බාලයාය. ඔහුට වසර හතරක් පහක් පමණ තවත් සේවය කිරීමට ඉඩකඩ ඇතැයි කියති.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි දැන් දැන් මැතිවරණවලට උසස් නිලතලවලට හා තවත් එවැනි දේට සෑහෙන බලපෑමක් ඇති කරතියි කියති.
ඇතැම් පිරිස් මේ සඳහා තාක්ෂණ වෘත්තිකයෝ යෝදාගෙන සිටිති.
මේ අතර ජයසුන්දර මහතාගේ නමින් ෆේස් බුක් ගිණුම් කිහිපයක් ඇත. ඔහුගේ උපන්දිනයට දැමූ සටහනකට බොහෝ ප්‍රතිචාර ලැබී තිබිනි.
ඔහුගේ නමින් ඇති ෆේස්බුක් ගිණුමක ‘ශ්‍රේෂ්ඨ මිනිසකු තමාගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරන්නේ ඔහු පොඩි මිනිසුන්ට සලකන ආකාරයෙන්ය.‘ යනුවෙන් සඳහන් ඡායාරූපයක් පළ කර තිබිණි.
ඊට ලැබුණු ප්‍රතිචාර අතර එච්එන්ඩීඒ සිසුන්ට පොලිසියෙන් පහර දෙන ඡායාරූපයක් සමග සටහනක් ලියා ඇත. එම සටහනේ ඇත්තේ ‘පොඩි මිනිහාට සලකන ඒ සුන්දර අවස්ථාව ... සාදු කියන්න පින්වතුනි.‘ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද තරග කරුවන් තිදෙනා.(හේ)
මේ රුවන්,වෙනුර ඕගොල්ලෝ කලබ වෙන්න එපා, ඊළඟට කුඩා පොලිසියේ පොලිස්පති කියන එක පොලිස් දෙපර්තමෙන්තුව බලාගැනී, ඔය දෙන්න ඔයාලගේ රස්සවක් කරන ජීවත් වෙන්න,එක එක මිනිස්සුන්ගේ හොඳ නරක බලල නෙමේ පොලිස්පති තෝරන්නේ, (අ)
කොහොමද ටිකිරි මොලේ ??? මෙලෝ රහක් නෑ !!!(රේ)
මේ කට්ටියගෙන් පස්සේ අපේ පොලිස්පති රවී විජේගුණවධන මහතා. අදම මමත් පටන් ගන්නවා ෆේස්බුක් කැම්පේන් එකක් එතුමා වෙනුවෙන්. (බ)
ඩීඅයිජී රවී ගොඩක් හොඳ නිලධාරියෙක්. කුරුණෑගල, අනුරාධපුර පැත්තේ අය මේ ගැන දන්නවා. තනතුරු බලාගෙන වැඩ කළ කෙනෙක් නෙවේ. හැම ආණ්ඩුවකින්ම හොඳ නම තියාගෙන හිටපු කෙනෙක්. පොලිසියට අවශ්‍ය මේ වගේ අය. කඩේ යනවා කියා හිතන්න එපා. දන්නෝ දනිති. (නි)
අපි නම් කාටවත් කඩේ යන්නේ නැහැ. තොරතුරු ෆයිල් වල තියෙනවානේ! (නි)