IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රථ සහායකයකු මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණ හරියට නොකළැයි මුන්දලම පොලිසියේ තිදෙනකුගේ  වැඩ තහනම් කළ බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ කාර්යාල ආරංචි කියයි.

කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක එම ගිලන් රිය හැපී මේ අනතුර සිදු විය.

සිද්ධියේ පරීක්ෂණ තොරතුරු නිසි පරිදි ඉදිරිපත් නොකළැයි රථවාහන අංශයේ ස්ථානාධිපති ජයතිස්ස බණ්ඩාර අබේසිංහ, සැරයන් ජයවර්ධන හා කොස්තාපල් කරුණාරත්නගේ වැඩ තහනම් කර ඇත.

මරණ දෙකක් සිදු කළ ලොරි රියදුරා ඇප පිට මුදා හරිනු ලැබීය.

 



අදහස් (0)

මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

මාලි Tuesday, 21 October 2014 01:30 PM

හරියටම හරි මම කිව්වනේ ඔය දැන් එලිවෙන්නේ. පොලිස්කාරයෝ බහුතරයක් වැඩකරන්නේ තමන්ට ජරාව ලැබෙන විදියට (නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 21 October 2014 02:55 PM

මේක හොඳ පාඩමක් පොලිසියට.(හේ)

:       0       0

හේරත් Tuesday, 21 October 2014 08:32 AM

පහත් තැනින් යයි ගලා ජලේ (නදී)

:       0       0

සෙනරත් Tuesday, 21 October 2014 08:44 AM

මේකේ පින්තුර පත්තරේ පලවෙලා තිබුණු විදියට, ලොරිය තිබුනේ පාරේ දකුණු පැත්තේ. ගොඩක් දුරට ලොරියේ වරද වෙන්න පුළුවන්. පොලිසිය සාධාරණ පරීක්ෂණය නොකළ බව හිතන්න පුළුවන්.(හේ)

:       0       0

චන්දිම Tuesday, 21 October 2014 08:45 AM

අනේ ඒ දොස්තර දියණියගෙ අම්මා මේ ලෝකෙ තනිවුණා. එතුමිය කොහොම හිත හදාගන්නද මේ වෙච්ච දේට. දැන් කාගෙ පිළිසරණද?(හේ)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 21 October 2014 10:05 AM

මේ අයට ලැබුන ගාණන ගැනත් ටිකක් හොයන්න (නදී)

:       0       0

සඳුනි Tuesday, 21 October 2014 10:15 AM

ලොරිය ආණ්ඩුවේ බලවතෙක්ගේ හෙන්චයියෙක්ගේ. ඉතින් කොහොමද රාජකාරිය හරියට කරන්නේ. බයවෙන්න එපා. රාළහාමිලාට ලබන සතිය වෙනකොට වෙන පොලිසියකට රාජකාරිය හම්බ වෙයි. (නදී)

:       0       0

අහිනා Tuesday, 21 October 2014 10:20 AM

මෙහෙම මාරක රිය අනතුරු සිදුකරන රියදුරන්ව මෙසේ ලේසියෙන් මුදා හැරියාම නැවැත ඔවුන් වැරදි කරන්න බය නැහැ. ඔය කියන විදියට විශේෂ ජනපති බලතල පාවිච්චි කර ඉක්මනින් යුගයට අවශ්‍ය විදියට නීති රීති සම්පාදනය විය යුතුය (නදී)

:       0       0

ඇල්බට් Tuesday, 21 October 2014 12:15 PM

පහත් තැනින් යයි ගලා ජලේ , කෝ ඔය ඕඩර් දීපු අය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site