පාර්ලිමේන්තු මන්ත්‍රීවරියනට පාර්ලිමේන්තුවේ දී සිදුවන බලපෑම් පිළිබඳ වහා සොයා බලන බවත් එවැනි අප්‍රසන්න සිදුවීමක් ගැන කරුණු තහවුරු වුවහොත් පක්ෂය හෝ තරාතිරම නොබලා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා කියයි.
නමුත් එවැනි පැමිණිල්ලක් හෝ චෝදනාවක් මෙතෙක් කිසිදු මන්ත්‍රීවරියක තමාට හෝ වගකිව යුතු නිලධරයකුට හෝ ඉිරිපත් කර නැති බවද කථානායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට වැරදි කරන්න බලපත්‍ර දීලද තියෙන්නේ? (නි)
එතුමාගේ බසට අප කන්දිය යුතුය. එසේ වුවද දැනටමත් පාර්ලිමේන්තු පරිසරය සහ ඒ අවට නම් මේ පුවතට අන්තර්ජාල වේගයෙන් තටු ලැබිලා කියලා තමයි ආරංචි. කොහොම නමුත් සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය රටවැසියාට අනිවාර්යයෙන්ම තිබිය යුතුය. (නි)
ගමේ ගොඩේ ළිඳ ළඟ, එහෙම නැත්නම් වෙන අහුමුලු වලදී මෙවැනි සිදුවීම් වුණා නම් ඒවා සාමාන්‍ය දේවල් හැටියට ගණන් ගන්න තිබුනා. රටේ යහපත වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් පිරිසිදු නීති හදනවා කියන රටේ උත්තරීතර ආයතනය තුළ මෙවැනි දේ සිදුවෙනවා නම් එය කිසිසේත් පිළිගත නොහැකියි. පුදුමය නම් ඒ තුළ සිටින බවලතුන්ගෙන් මේ දක්වාම කිසිම පැමිණිල්ලක් නොලැබීමයි (නි)
අපි නොදන්නා දියවන්නාව? (නි)
අපි නොදන්න චෙස්! (නි)
අපිට නම් අහනකොටත් ලැජ්ජයි (නි)
පාර්ලිමේන්තුවට යවන්න සුදුසු උගත් වැදගත් කාන්තාවන් යවන්න ඡන්ද දායකයෝ දැන ගන්න ඕන. හෙළුවෙන් නටල රටේ ප්‍රසිද්ධ උන අය යැව්වම තමයි ඕවා වෙන්නේ. වැදගත් කාන්තාවන්ට කව්රුවත් බලපෑම් කරන්නේ නැහැ. (ස)
මන්ත්‍රී වරියගෙන් පැමිණිල්ලක් නැත්නම් අනික් අය මොනවා කරන්නද?(කෞ)
කාන්තාව රටේ නීති සම්පාදනය කරන තැනේදී මෙතරම් හිංසනයට පත්වෙනම්, අහිංසක ගැමි දියණියන්, කාන්තාවන් ගැන කුමන කතාද? (කෞ)
පිටිගල, උගත් වැදගත් නෙවෙයි, නුගත් මුඩුක්කුවක ජීවත් වන ගැහැනියකට වුනත් ගැහැණු කමට ගරු කරන්න බැරි මහලොකු නාකි ඇමති මන්ත්‍රී පිරිමි පාර්ලිමේන්තු යවන එක ගැන ඔබ මොකද කියන්නේ. (කෞ)
ක්‍රිස් ගේල් වැනි සුපිරි ක්‍රිකට් තරුවකටත් කාන්තාවකට වචනයෙන් අගරු කිරීම නිසා ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු ප්‍රහාරයත්, අපේ මහලොකු බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සංස්කෘති වලින් පෝෂණය වුනු ලංකාවේ මන්ත්‍රී වරියන්ට හිංසා වනවිට නොදැක්කා වගේ ඉන්න උන්දලාවත් දැක්කාම සුද්දා අපිට වැඩිය හොඳ නේද කියලා ලජ්ජාවෙන්වත් පිළිගන්න වෙනවා.(කෞ)
ඔතන නැද්ද එහෙනම් හොදයි. ඒ වුනාට පලා බබ්බු දැන් සිංගපුරුවේ ට්‍රේනින් වෙනවා ආපුවම පළාත් සභා වලින්ම පටන් ගනියි. (බ)
රජය අපහසුතාවයට පත් කරන හෙවනැලි තාම තියෙනවා වගෙයි (බ)