IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට  සිදුවී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සියලුම මන්ත්‍රීවරියන්ගේ  අත්සනින්  යුතු   පැමිණිල්ලක්   කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ( 19) බාරදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත්දා  පැවැති  මන්ත්‍රීවරියන්ගේ සංසද  රැස්වීමේදීද     දීර්ඝව සාකච්ඡා කෙරුණු බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි  කුමාරි  විජේරත්න  මහත්මිය පැවසුවාය.

මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට වඩා බාහිර පරීක්ෂණයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය  ක්‍රමවේදය  බව පැවසූ මන්ත්‍රීවරිය  යම් හිංසනයක් සිදුවී ඇත්නම් වින්දිත නිලධාරිනියන්ට යම්  සාධාරණයක් ඉටු විය යුතු බවද ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහනුවර දිස්ත්‍රික්   මන්ත්‍රීනී නීතිඥ  චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවේ  සාමාන්‍යයෙන් ආයතනයක මෙවැනි සිද්ධි වාර්තා වන අවස්ථාවන්හිදී   බාහිර විමර්ශනයකට යොමු කිරීම  ලෝකය පිළිගත්  පැහැදිලි නීතිමය ක්‍රියාදාමය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී ඇමතිනී  සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය. සිද්ධිය සම්බන්ධයෙන් මුලින් පත් කෙරුණු  අභ්‍යන්තර විමර්ශන කමිටුව වින්දිත නිලධාරිනිය විසින්  විශ්වාසනීයත්වය ගැන  සැක මතු  කරමින්   තරයේ  ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි කටයුතු  අතරමග නතරවිය.

 



අදහස් (0)

මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1778 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site