
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට යම් අපහාසයක් හෝ හිරිහැරයක් සිදු වුවහොත් ඒ ගැන පියවර ගැනීමේ අයිතිය කාන්තා මන්ත්‍රී සංසදයට ලබාදිය යුතු යැයි කතානායකවරයාට යෝජනා කරන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද(23) පැවසීය.
පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ වීම සම්බන්ධ ප්‍රශ්නයක් මේ වන විට පැන නැගී තිබෙන හෙයින් අදාල යෝජනාව කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා මන්ත්‍රීවරියකට වන හිරිහැරයට අදාල පියවරක් ගැනීමේ අයිතිය කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයටම ලබා දිය යුතු බවද සඳහන් කළේය.
කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය ඇතුළු සෙසු අයට කතානායකවරයා මුණගැසී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා වත්මන් වරප්‍රසාද කඩ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙනී සිටී කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපතිවරියට සිය ප්‍රශංසාව පළ කරන බවද කීය.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජලනි ආර්යාවට අනන් මනන් කියන්න එන්න එපා...හරිද?
හිතුවේ නම් මන්ත්‍රී "වරුන්" ගැන විතරයි හොයන්නේ කියලයි...
අයවැය අස්සේ මොකට කාන්තා අයිතීන් ගැන කතාකරනවාද මන්දා මේ රනිල්...?
රන්ජන්ගේ හඬපටවලින් හොඳ සාක්ෂි ලබාගන්න පුළුවන්....