‘අද ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී නැගිටලා කතා කරන්නේ මොනවද? කිසිම හරයක් තියෙන දේවල් නොවෙයි. මේ රටේ මිනිසුන් දහස් ගණනක් බලාපොරොත්තු තියාගෙන මැතිවරණයකදි කතිරය සලකුණු කර පාර්ලිමේන්තුවට යවන්නේ මේ වැඩකට නැති කතා කියන්නද? ‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ආණ්ඩුවේ වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ විහිලු සපයන්න විතරයි. මේ ගොල්ලන්ට මෙච්චර පහසුකම් හා වැටුප් දෙන්නේ මොනවා කරනවටද කියලා හිතෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් කී දෙනෙක් ජනතාව ප්‍රතික්ෂේප කරලා ජාතික ලැයිස්තුවෙන් රිංගපු අයද? මේ රටට වෙන දේ ගැන හරිම දුක හිතෙනවා. (නි)
මෙච්චරකල් ඉඳලා දැන්ද මතක්වුණේ? කාගේත් ඇති වෙනසක් නැහැ. කලින් ආණ්ඩුවේ ඉඳලා මොනවද කළ වැඩක් ඇති දේ? (නි)
අපේ විදුර මහත්තයා හරි. (නි)
1977 පස්සේ බලයට අාවේ හොඳ අයට වඩා හිස් මොළකාරයන්. සමාජයට වැඩක් නැති ජාවාරම්කාර හොරු. හැමෝම නම් නොවේ. පේනවනේ දැන් පෝලිමේ ඉන්න හැටි (නි)
ඔය ටික තේරෙන්න ගිය කලක්. අනික දැන් පාර්ලිමේන්තු යන්නේ වැඩකට ඇති දේවල් කතාකරන්නම නොවෙයිනෙ. (නි)
ඔබතුමා ගැන පමණයි අපිට බලාපොරොත්තුවක් ඇත්තේ (නි)
ඕනෑම කෙනෙක් යමක් කරන්නේ තමන්ගේ දැනුමේ හැටියට, එහෙමත් නැත්නම් තමන්ට තිබෙන ඥාන ශක්තියේ තරමට. (නි)
අනේ ඒකට අපේ අගමැතිතුමා. එතුමා නම් හරි ලස්සනට කතා කරනවා. (නි)
හරයක් නැති උගත්කමක් නැති දේශපාලන කතා ප්‍රවෘත්ති කියන වෙලාවට ඇතුළත් කරන්න අවශ්‍යම නම් ප්‍රවෘත්ති අවසානයට යොදන්න. (නි)
ඔබතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
කාටවත් දොස් කියල වැඩක් නැහැ .අපේ මිනිස්සුම තමයි බත් පැකට් එකට ,සුළු මුදලකට , නුසුදුස්සන්ට මනාප දීලා පාර්ලිමේන්තු යවන්නේ (ම)
මෙතුමා කලින් පාර්ලිමේන්තුවේ ඉඳලා නැහැ වගේනේ. (නි)
කාගේත් වැඩි වෙනසක් නම් අපි දැකලා නැහැ (නි)
ඔබතුමා පමණයි මෙහෙමවත් කෙළින් කතාකරන්නේ (නි)
ඔබතුමා කියන දේ හරි (නි)
අපේ සුන්දර මව්බිමේ අසුන්දරම දෙය දේශපාලනයයි. දුෂිතම දෙය දේශපාලනයයි. කුහකම, පව්කාරම, නපුරුම, නූගත්ම අය දේශපාලකයෝයි. (නි)
මමත් එකඟ වෙනවා ඔබතුමාගේ කතාවට (නි)
මේ තත්වයට වගකියන්න ඕනෑ ඡන්දදායකයෝ. දියුණු රටවල ඡන්දදායකයෝ කතිරය ගහන්නේ මනාප ලැයිස්තුවේ ඉන්න උගත් වැදගත් යමක් කරන්න පුළුවන් කෙනෙකු තෝරලා. මෙහෙ කතිරය ගහන්නේ පවුල්වාදය, පක්ෂය, පාට, මැරකම, මුදල් බලය වැනි සාධක සැළකිල්ලට අරගෙන (නි)
ඕකත් කියන්න දෙයක්ද? නවසිය හැත්තෑව, නවසිය අසුවෙන් පස්සේ අපේ පාර්ලිමේන්තුවට ගියේ කොටින්ම හොරු රැලක්. මේ අතර ගොහොරු මඩේ තිබෙන නෙළුම වගේ මඩෙන් උඩට මතුවෙලා බැබළෙන පියුම වගේ පිරිසිදු, උගත්, රට ජාතියට වැඩදායි මැති ඇමතිවරු කීපපොලකුත් ඉන්නවා අපේ වාසනාවට (නි)
මෙතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත (නි)
මෙතුමා අගය කළයුතු කෙනෙක්. ජනතාවාදී අදහස් ඇති කෙනෙක්. (නි)
පිටබැද්දර ජයා, ඔබ හරියටම හරි. වැරැද්ද පක්ෂ නායකයෝ. නායකයෝ හොරු සහ මෝඩයෝ ඉදිරිපත් නොකළ යුතුයි. එතකොට ජනතාව හොරුන්ට සහ මෝඩයන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)
වැඩකට ඇති කතා කරන්න උගත්කමක් තියෙන්න එපායැ. දියවන්නාවේ ඉන්න අයගෙන් කිදෙනෙක් සා/පෙළ සහ උ/පෙළ අසමත්ද? අපේ රටේ උගත් ජනතාව පාලනය කරන්න සහ නීති හදන්නට ඉන්නෙ සා/පෙළත් අසමතුන් නම් ඉතිරි හරිය ගැන කවර කතාද? (නි)
අපි එයාලව තෝරලා පාර්ලිමේන්තු යවන්නේ ඔයවගේ කතා අහන්න තමයි. අැයි ඕක ඔබතුමාට තේරෙන්නේ නැත්තේ? (නි)
පක්ෂ වලට වගකීමක් තිබෙනවා හොරු දූෂිතයො සහ නූගතුන් ඉදිරිපත් නොකරවිමට. එය වෙන්නෙ නැහැනේ. ඕනෑම කෙනෙකුට නාමයෝජනා දෙනවා. හරිහමන් අපේක්ෂකයො දාන්නෙ නැති පක්ෂ වලට පාඩමක් ඉගැන්විම මාධ්‍ය සහ ජනතාව සතු යුතුකමකි (නි)
ඒ කියන්නේ එදා සිටි මන්ත්‍රීවරු කලේ ඔක්කොම වැඩකට ඇති කතාද? කීයෙන් කීදෙනාද අඩු වශයෙන් වැදගත් විදියට කතාකරන්න දන්නේ? අපට මතකයි සමහර දිගුකාලිනව මහජන සේවයට කැපවුණා කියන අය කුණුහරුපෙන් සභා ගැබේ හිටි අයව අමතපු හැටි. (නි)
හරියට කතා කරන්නවත් දන්නෙ නැති කිසිම උගත්කමකුත් නැති මේ වගේ අයව ඇයි ජනතාව පුම්බන්නේ? මල්මාලා දාලා, ගරු කියලා කෑල්ලක් දාලා වැඳ වැටීගෙන යන්නෙ. ඇයි එහෙම කරන්නේ? (නි)
කාටවත් බැනලා ඇති වැඩේ මොකක්ද? මෙයාලව ඔතනට ඔසවලා තියන්නේ අපිමනේ. (නි)
පඩියට වැඩ කරන, විශ්‍රාම වැටුප් තියෙන, ඉන්ධන දීමනා ඇතුළු සියළු දීමනා සහ වරප්‍රසාද ලබන දේශපාලඥයා ගැන අපි හොඳට දන්නවා (නි)
ඔබතුමා හරි. ඔබතුමාගේ ප්‍රතිපත්ති වලට අපි ගරු කරනවා. (නි)
මැතිවරණ වේදිකා ගානේ කළ කතා අහලා තමයි මොවුන් පාර්ලිමේන්තුවට යැවුවේ. ජනතාව ඒ කතාවලට ආසයි. (නි)
ඔබතුමාගේ කතාව කාලෝචිතයි. මැතිසබේ අනික් අයට මේවා තේරුනොත් හොඳයි. ඔබතුමාගේ පියාත් කෙළින් කතාකළ කෙනෙක්. (නි)
මොවුන් හොරකම් කරලා අහුවුණාම අපිම පෙළපාලි යනවා අපේ ඇමතිතුමා බේරාගනියව් කියලා. ඊටපස්සේ ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවනවා රට හදන්න කියලා. පාර්ලිමේන්තු ගියාම ඔවුන් දන්නවා අපි වගේ මෝඩ මීහරක් ඉන්නතුරු ඔවුන් මොන දේ කළත් අපි ඔවුන්ට දෙවියන්ට වගේ සළකනවා කියල. අපිට තමයි ඉතින් ගහන්න ඕනෑ මඩුවලිගෙන්. (නි)
හරි, සාරවත් කතා කිව්වා කියමුකෝ. ඒත් ජනතාව ඒවටද තැන දෙන්නේ? නැත්නම් මෝඩ විහිළු කතා වලටද? (නි)
පාර්ලිමේන්තුවේ සමහර ලොකු තනතුරු වල ඉන්න අයත් වැදගත් විදියට වැදගත් දේවල් කතාකරන්න දන්නේ නැතිකොට පොඩි අය ගැන මොන කතාද? කෝනාරගේ සහ සුදත්ගේ කතා හරියටම හරි. (නි)
මුළු ජනතාවම ඒගොල්ලන්ට ගෙවන්නේ පරණ ණයක්. (නි)