
(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිලබ්නිවාස සංකීර්ණයේ හදිසි අලුත් වැඩියාවක් කිරීමට ඇති හෙයින් ඉන් ඉවත්වන ලෙසට මෙසේ දැනුම් දුන් බවයි.
මේ අනුව මන්ත්‍රීවරුන් හය දෙනෙකු දැනට ඉන් ඉවත්ව ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
මාධ්‍යවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පමණ ඇත. සෙසු නිවාස වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.
අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාදීමට සිදුවන හෙයින් ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල්කාන්ත එහෙමත් යනවද? නැත්නම් එතුමා දැන් කලක සිටම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නොවෙන නිසා එයාට ඉන්න පුළුවන්ද? අනික් අය යද්දී...!
පව් අවිහිංසකයෝ ඉන්න තැනක් නැතුව කොහේ ගිහිල්ලා නවතියිද දන්නේ නැහැ. මතක් වෙනකොට බඩ පපුව දාලා යනවා. සමහරවිට පිටකොටුවේ බස් නැවතුම් පොළ ළඟ හරි කොටුවේ දුම්රිය ස්ථානය අසළ පේමන්ට් එකේ හරි ඉන්නවා දකින්න ලැබේවි...!
ඔතැන ඉන්න සමහර ගෙවලයින් ඔය ලියුම් කඩදාසි කියවන්නේ නැහැ. ලයිට්, වතුර ටෙලිෆෝන් සහ තව නොයෙකුත් දේවල් වලට අහස උසට පොලු තියලා ඇති. ඒවාට ගේන්න කියලා ආණ්ඩුවෙන් ගත්තු සල්ලි කොහේ ගිහින්ද කියලා ඔවුන්වත් දන්නේ නැහැ කියාවි. හොඳ තොයිලයක් කරලා හොඳ දුම්මල පාරවල් ටිකක් ගැහුවොත් මිස නැත්නම් මේ ආත්මෙට යවනවා බොරු...
දැන් අවුරුදු ගාණක් තිස්සේ ඔතැන පදිංචි වෙලා හිටපු ලාල්කාන්ත හිටපු මන්ත්‍රීටත් යන්න වේවිද ඔතැනින්...?
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් යන සෙට් එකේ, මන්ත්‍රී ආසනයකුත් නැතුව 2010 ඉඳලා ඒකේ අරක් ගත්තු ලාල් කාන්ත බහිරවයාත්, තඹුත්තේගම අනුරගේ නිල නිවසේ හිටපු රාමලිංගම් චන්ද්‍රසේකරුත් ඉන්නවාද? ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියන්නේ ඕකට තමයි...!
අන්තිමට බැලුවාම රනිල්ට වඩා අලුත් අයගෙත් වෙනසක් නෑ. එක්කෝ මේ කරන්නේ ඉන්න එවුන් දැන්ම එළවා චුට්ටක් හරි රිද්දලා සතුටු වෙන්න (එහෙම නම් ලාල් කාන්ත සහ පරණ ජෙපි මානසිකත්වය දැන්වත් අයින් කරගන්න), නැත්නම් තමුන්ගේ අය එයි කියලා දැන්ම රටේ ජනතාව වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් සොච්චම තමුන්ගේ පක්ෂය වෙනුවෙන් වියදම් කරනවා (එහෙම නම් මුදල් අවභාවිථාවක්). දෙකම කැතයි.