අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටද අහෝසි කළ තීරු බදු රහිත වාහන හිමිකම මන්ත්‍රීවරුන්ට යළි දීම සඳහා යම් සහනයක් සැළසීමට රජය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියනුයේ මේ සඳහා වන සහනදායී වැඩපිළිවෙළක් ගැන ලබන සතියේ තීරණයක් ගන්නා බවයි.
මන්ත්‍රීවරුනට පමණක් එම සහනය සැළසුවහොත් රජයේ වෛද්‍යවරුන් හා ඉහළ පෙලේ රජයේ සේවකයින් තමනට එම වරප්‍රසාදය හිමිකර දෙන ලෙස ඉල්ලා වර්ජනයක් කිරීමට යන බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ පෙළට කිරි , පහළ පෙළට කැකිරි (ම)
මෙහෙම ප්‍රතිපත්ති කඩන්න බැ. එහෙම මේ 225 ට විතරක් අලුත් නීති ඕන නෑ. අනිවාර්යෙන්ම මුළු රටම මේකට විරුද්ධයි (බ)
වහාම මෙම ක්‍රියාව නවත්වන්න. මොකක්ද මේ මහජනයාට කරන විහිලුව? අයවැය තීන්දු ගන්නේ හොඳින් හොයා බලා නොවේද? ප්‍රතිපත්ති මෙසේ සුළු වෙලාවකින් වෙනස් කිරීමෙන් අයවැය පිළිබඳව විශ්වාසය පළුදු වෙයි. මේ සියලු දේවල් ගැන ඇත්තේ තදබල කලකිරීමකි. (බ)
මේක දැන් යහ පාලනේට වඩා මෝඩ පාරාදීසයක් වෙලා තියෙන්නේ. කියන්නේ එකක් කරන්නේ එකක්. (බ)