පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනා වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍ර මාස තුන හතරකින් එතියි ඇමැති තලතා අතුකෝරාළ හා නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා පවසයි.
නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා පැවසූයේ තමා ටොයොටෝ වී8 වාහනයක් රුපියල් ලක්ෂ 85කට ගත් බවයි. ඇමැතිනී තලතා අතුකෝරාළ පැවසූයේ තමාගේ පෞද්ගලික මුදලින් ටොයොටා සහරා වාහනයක් ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම බලාගෙන ගියාම අර අලි බබා සහ හොරු 40 වගේ තමයි (නි)
කෝ අර සාලාව ප්‍රශ්න ටික විසඳලා ඉවරද? (නි)
ඕක අලුත් දෙයක් නෙමෙයි. හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම හිමි වරප්‍රසාදයක්. (නි)
බෙනට්. ඔබගේ අදහස සියයට සියයක් සත්‍යයි. (අ)
ලංකාව විනාශ වෙනවා. එ්ක ඇත්ත. ඔය මොන පක්ෂයත් එකයි. (නි)
කවුරු කවුරුත් මේක අපේ රට අපේ රට කියල කිව්වට ඇත්තටම මේක අපේ රටද? හුහ්! හුහ්!හූ !!! නුඹලාට වැරදිලා ළමයිනේ වැරදිලා. මේක උන්ගේ රට .. උන්ගේ රට..... කවුද උන් කියන්නේ? පුළුවන් නම් කියපල්ලා. මේක උන්ගේ නොවෙයිනම් උන්ට ඕන ඕන ඒවා කොරනවද? අපි ඕවට එක එක ඒවා කියන්ඩ ගිහින් අර ලී කොට දෙකකට මොකක්දෝ අහුවෙච්චි වඳුරට වෙච්ච දේ වෙයි . බලාගෙන පරිස්සමට ඕන් . (අ)
මැදපෙර දිග අවරුදු 10 යකට වඩා සේවය කරපු/රටට විදේශ විනිමය උපයපු දුන්නු කෙනෙකුටවත් අඩුම වශයෙන් අලුත් වාහනයක් තීරුබදු රහිතව ගන්න පුළුවන් කමක් නැහැ. (ම)
හරියට මෙයාලා කියන්නේ නිකන් සාමාන්‍ය වාහන ගත්ත වගේ. මේවා දියුණුයි කියන රටවලත් පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන්. මෙවැනි මහජන නියෝජිතයින්ගෙන් රටට ඇති වැඩේ මොකක්ද? (නි)
තිලක්ලා යහපාලනයට තමයි කඩේ ගියේ. අපිට මතකයි. ඔබට සතුටුයිද දැන්........? (නි)
අසරණ දුප්පත් මිනිසුන්ට වැට් බදු. යහපාලකයන්ට සැප කාර්. සාලාව අසරණයන්ට මහ පාරයි, ටෙන්ට් එකයි. රටට ගිය කල? (නි)
ඇමතිවරු පිටරට ණය අරන් හා රටේ මුදලින් තීරුබදු රහිත වාහන ගෙන්වීම රටේ ආර්ථිකයට බරපතල පහරකි. සාලාවේ අසරණ අයට පිහිට වෙනු! (නි)
ඔවුන්ට ඩියුටි ෆ්‍රී. අපිට ඩබල් ඩබල් ..... (නි)
ඔබට සතුටුයිද දැන්..................... (ම)
රටට ඇත්තට ආදරේ කරන නායකයෝ මේවට ඉඩ දෙන් නැහැ. පක්ෂ බේදයෙන් තොරව හැමෝම මේවට විරුද්ධ වෙන්න ඕනේ. (බ)
අනේ අපට සාලාවේ තිබුන ගේ හදා ගන්න සල්ලි වෙන්කරලා දෙන්න. (බ)
මෙයාලට සුපිරි වාහන ගෙනාවේ නැත්නම් විදේශිකයෝ හිතනවා මේක දුප්පත් රටක් කියලා. (බ)
හරි දැන් ඉතින් ලංකාව දියුණුවෙයි බලාගෙන සිටියදීම (නි)
මගේ පුද්ගලික මුදලින් ආණ්ඩුවට වැට් එකත් දීලා ළුෑණු කිලෝවක් අරගත්තා. (නි)
කවුරුවත් ටොයෝට සිස්ට්ස් , යාරිස් අරගෙන නැතිද? (බ)
තමන්ගේ මඩිය තර කරගන්න අපේ බඩට ගහන එක හරිද? (නි)
මොකද මේ හැමෝම නින්දෙන් නැගිටලා වගේ කමෙන්ට් දාන්නේ ඩියුටි ෆ්‍රී කාර් ගෙන්නන පලවෙනි ආණ්ඩුවද මේ මිට කලින් ලංකාවට ඩියුටි ෆ්‍රී කාර් ගෙන්නලාම නැතිද ඒකාලේ ගේනකොට ඔයාල කොහෙද හිටියේ නිකම් බොරුවට තප්පුලන්න එපා (බ)
නියම යහපාලනය! ජයවේවා! (නි)
ලක්ෂ 85 කට ටොයෝටා වී 8 එකක්..? මාත් එකක් ගන්න ඉන්නේ. කොහෙද ඒ ගානට තියෙන්නේ. මට කෝටි 3.5ක් කිවුවනේ. (නි)
පැරදිලත් දිනුවා කියලා පාර්ලිමේන්තු ආ හොරු ගැන නම් කතාකරලා වැඩක් නැහැ. ඒත් මහින්දව එළවලා යහපාලනේ දෙන්නම් කියලා ආ උදවියත් තමන්ගේ බඩ වඩාගන්න ඡන්දදායකයාට සළකන හැටි නම් හිරිකිතයි. (නි)
මුළු රටම මෝඩයෝ කියලා හිතාගෙනද මේ දේශපාලකයෝ මෙහෙම බොරු කියන්නේ? (නි)
හැම සැපක්ම මේ අයට තමයි.(හේ)
දුප්පත් අපි කන පරිප්පු ඇටේ ටත් බදු ගහනවා. මේගොල්ලන්ට කෝටි ගණන් වටිනා පර්මිට්.කාගෙන් ගැලවුණත් දේව සාපයෙන් ගැලවීමක් නැහැ. මිනිස්සුන්ගේ දුක් කදුළු ,දහදිය ලේ නේද මේ විදිහට සුරගන්නේ. (ම)
අපිම කතිරේ ගහල ඇරපු අවුරුදු 5 හෙන් ලක්ෂ ගානක විශ්‍රාම වැටුප්, බදු රහිත සැප වාහන, පිනට ඉන්න කොලඹ ගෙවල්, මහජන මුදලින් වැටුප ගෙවන අතට පයට සේවකයන්, ආරක්ෂක නිලධාරීන්, රියදුරන්, දුරකථන බිල්, ඉන්ධන ගාස්තු, උත්සව වලට වියදම්, ඒ මදිවට බිලියන ගණන් හොර කම් කරන, කරලත් යහතින් වැජබෙන, මේ සේරම වියදම් අපේ බත් ඇටේ ඉදලා ගහන බදු මුදල් වලින් පියව ගන්න රටක. රජයේ සේවකයා අවුරුදු 60 වෙන කල් අතුල්ලලත් සොච්චමක විශ්‍රාම වැටුප ගන්න අවුරුදු ගානක් කන්තෝරු ගැන බඩ ගාන අපේ රට යයි කියන සිරි ලංකාවේ ඇයි අපි ඉපදුනේ.(හේ)
අහිංසක ජනතාව රවටා සැප විදින මෙයාලා සැප විදිනවා දුප්පත් අපේ සල්ලි (ම)
මට කියන්න කටට වචන එන්නේ නැත. ආවත් මෙතන ලියන්නට බැරිය. (නි)
මට නම් කියන්න තියෙන්නේ කවුරු කවුරුත් එකයි කියලා තමයි (නි)
මේ පර්මිට් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණලා ජනතාවට ඒ මුදලින් සහන දෙන්නේ නැත්තම් මුළු රටම ඊට විරුද්ධව පෙළගැසෙමු. (නි)
මහ ජනතාවගේ බඩටම ගහන එක තමයි වෙන්නේ. කට්ටිය ඔහොම යමු. (නි)
මේ පර්මිට් වලට සල්ලි හොයන්නනේ අපි කන එකේ ඉඳලා වැට් වැඩිකළේ. (නි)
දෙගොල්ලන්ම එකතුවෙලා රට කනවා කියලා මට නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ (නි)
මහජනතාවගේ මුදල් වලින් කිසිම අරමුණක් නැතිව සෙල්ලම් කරන්න එපා යන තැනට පව් කරවා ගන්න නිකන් (ම)
ඊය්යේ ඇමති කෙනෙක් කිවුවා හම්බන්තොට වරයට නැව් එන්නේ නැහැ කියලා. මේ වාහන අාවේ මොන වරායටද? (නි)
දැන් ඉතින් බලමුකෝ ඒකාබද්ධ විපක්ෂයේ දේශහිතෛෂීන් ගන්නේ නැද්ද කියලා මේ වාහන. (නි)
මහජනතාවට කාගේ සරණක්ද? (නි)
පිලිපීනය හදන්න අලුතින් පත්වුණ ජනාධිපති ගැන අලුතින් පුවත් මවනවා. පිලිපීන ජාතිකයන් සියල්ලෝම තමන්ගේ රට හදන වැඩපිළිවෙල ගැන පුදුම උනන්දුවකින් ඉන්නේ. සියල්ලෝම රටේ සිද්ධවෙන අලුත් විපර්යාසය ගැන ප්‍රවෘත්ති බලනවා. කුඩු මුදලාලිලා, ගෙන්වන්නෝ, බොන්නෝ, විකුණන්නෝ හසු වුණාම මුලින්ම අවවාද කරනවා. නැවත හසුවුණොත් මරනවා. දිනකට 50 කට වඩා මරනවා. අපේ රටේ? (නි)
ජනතාවට අබ සරණයි.වෙන මොනවා කියන්නද? (නි)
ඒකට මොකද, අසරණ ජනතාවට නම් බදු පිට බදු ගහලා දැඩි දඬුවම් දෙනවා (නි)
පිලිපීනයේ අලුතින් පත් වුන ජනාධිපති වගේ කොන්ද පන තියෙන නිර්භිත පාලකයකුගේ අඩුව හොදටම දැනෙනවා. (ම)
අපිට කාර් එපා. වැට් එක හොඳයි. (නි)
ඔබට සතුටුයිද දැන්?? (නි)
ඇයි තිලක්, ඔයාලා උඩ පැනලා පත්කරගත් නිර්භීත අයට බැරිද අලුත් පාලනය හොඳට ගෙනියන්න? (නි)
ජනතාවගේ මුර දේවතාවන් යැයි පවසන මාධ්‍ය ජනතාව වෙනුවෙන් මේ ගැන හඬ නැඟීමට කාලයයි මේ (නි)
මෙහෙම ගියොත් අපේ රටට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
අපේ රට ගැන මට නම් හරිම කණගාටුයි. (නි)
සුදීපා, අපි පුද්ගලික දේශපාලනයක් කරන්නේ නැහැ. රට පැත්තෙන් හොඳදේට හොඳයි කියනවා. වැරදිදේට වැරදියි කියනවා. (නි)
මේ අති අසාධාරණ පර්මිට් වැඩේ මුළු ජනතාවම එකතු වෙලා නවත්වන්න ඕන .මත්‍රිරි වරුන්ටයි , ආණ්ඩුවේ ආයතන වල තෝරගත්තු පිරිසකට පමණක් හැටට හැටේ නැගල යන්න තමන් කැමති ඕනෑම වාහනයක් සම්පුර්ණ බද්දෙන් නිදහස්ව ගෙන්නන්න අවස්තාව දෙන ගමන් සාමාන්‍ය මිනිහෙක්ට තම පාවිච්චියට ඕන කරන සාමාන්‍ය වාහනයක් සඳහා අති අසාදාරන බද්දක් අය කිරීමට විරුද්දව මුළු රටම පෙළගැසිය යුතුයි . (අ)
රටේ අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහලා තවත් දැඩි දඬුවම් දෙන්න ඕනෑ (නි)
අපේ රටේ මිනිසුන් හැමදාමත් පිටරට වල ඉන්න හොඳ හොඳ නායකයන් ගැන කතා කර කර ඉඳලා මැතිවරණයක් ආවහම තමන්ගේ කුමන හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් දැන දැනම වැරදි පුද්ගලයන්ව බලයට පත්කරනවා. එහෙම ජනතාවක් ඉන්න රටක තත්වය මේක තමයි. (නි)
මේ වගේ මානව හිතවාදී මන්ත්‍රී මඩුල්ලක් ලෝකේ කොහෙවත් නැහැ. ජනතාවට ජයවේවා !!!! (ම)
අනේ අපොයි පාලනේ රඟ (බ)
අහවලා තාම පත්තරේ බලන්න නැතුව ඇති. ඒකයි මේව ගෙන්වන්න එපා කියන්න බැරිවෙන්න ඇත්තේ. (නි)
මම තිලක්-ඩුබායිගේ අදහස් කියවනවා. කාටවත් කඩේ යන්නේ නැහැ. ඔබ වගේ හැමෝම හිතනවා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ පර්මිට් නම් ජාතික අපරාධයක්. (නි)
ඔව්ගෙන් ගමට අවොත් ජනතව නිසි පිළිතුරු දෙයි (ම)