
(මනෝප්‍රිය ගුණසේකර)
කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී මිලාන් සජිත් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකුට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 11 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (28) නියම කළේය.
විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි 2012 වසරේදී ගල් කොරියක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බලපත්‍රය ලබාදීමට රුපියල් ලක්ෂ 7ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා ලබාගැනීම, ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා අටක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ දොම්පේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වශයෙන් සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රී මිලාන් සජිත් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු වන අජිත් සිසිර කුමාර නමැත්තන්ය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනීනී සිටියහ.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව එලෙස නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා ප්‍රාදේශිය සභාවේ ඉන්නකොට තමයි මේ සිද්දිය වෙලා තියෙන්නේ. රුපියල් ලක්ෂ 5ක් ගත්ත නිසා දකුණු අත කසනවා වගේ ඒත් අපේ කට්ටිය මේ සිද්දිය දැනගෙන එයාව පාර්ලිමේන්තු උත්සවයට තෝරලා තියෙනවා. අපේ මිනිස්සුන්ට මොකද වෙන්නේ. නරක ඉතිහාසයක් නැති හොඳ මිනිස්සු තෝරාගන්න බැරි ඇයි? මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ. ඔහු ආණ්ඩු බලයෙන් උසාවියෙන් පැන යන බව මට විශ්වාසයි.
මෙම නඩුව පවරලා තියන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකලාගේ අත්සන් සහිතද නැත් නම් අත්සන් රහිතද? මෙම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකලා දේශපාලුවන්ගේ නඩු පවරන්නේ ඔවුන්ගේ අත්සන් රහිත. එතකොට නඩු වීසි වෙනවා. මෙම නඩුවට එසේ නොවේවා.