පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගීවී ආපසු යමින් සිටියදී සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතාගේ වාහනය උඩුකුරුව පෙරළී ඔහුද,බිරියද සුළු තුවාළ ලබා රෝහල් ගතකළ බව පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලත් ඒ කාලේ හරිහරියට පොල් ගැහුවනේ (නි)
උඩින් ගිය පුරුද්ද තමාග අපරාදේ වහනය(කෞ)
රුපවහිනියේදී ඇන ගත්තු විදියට මේ වෙලා තියෙන්නේ බොහොම ටිකයි.(කෞ)
මෙච්චර කතා කරන්න මෙයාගේ තියෙන විශේෂත්වය මොකක්ද (බ)
මේ වාහන දකිද්දිත් ඇඟ හිරිවැටෙනවා (නි)
මිනිහා කිතුල් ගහෙන් වැටිලා කිව්වම බිරිඳ ඇහුවලු හත්තිලව්වයි මුට්ටියත් බිඳිලද කියලා. මේක දැක්කම මට ඒ කතාව මතක් වුනා, (බ)
රජයේ වාහනයක් නේද ? (බ)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
ප්‍රාඩෝ එක පෙරළෙන්න කොහොම යන්න ඇද්ද? (නි)
මේ වගේ වාහනයක් තියාගෙන පැයට සැතපුම් 10 වේගෙන් යන්නද කියන්නේ? (නි)
ආ! එතුමාගේ ගෙදර තිබුණ පාටියක් ගැන නම් කියන්න අටුවාටීකා අවශ්‍ය නැහැනේ (නි)
මහින්ද මහත්තයාත් ඉඳලද? පවු එතුමාට ගිය කලක්! රජෙක් වගේ ඉන්න තිබුණ කෙනෙක්නේ (නි)
තැනේ හැටියට නාන්න තරමට තියෙන්න ඇතිනේ. දැන් ඔය වාහනේ එළෙව්වේ කවුද කියන එකයි ගැටලුව. (නි)
රටේ දුප්පත් මිනිහෙකුට අනතුරක් වුණාම සළකන තරමටවත් මම නම් දේශපාලකයෝ ගැන අනුකම්පාවක් දක්වන්නේ නැහැ (නි)
ගහපු පොල් ගැන අපිට මතක්වෙනවා (නි)
පොල් ගහපුවා කැරකිලා ආපසු එනවාදෝ කියලයි මට සැක. (නි)
අර කාර් එකට හුඟක් හානිවෙලාද? (නි)
කට්ටිය නැකතට වැඩ අල්ලන්න ඇති මගෙ හිතේ (නි)
කට්ටිය එකතුවෙලා අවුරුදු සමරලා මදැයි කරගත්ත වින්නැහිය! (නි)
ඔයින් බේරුනා ඇති (නි)
ආයෙ දෙකක් නැහැ, පාටිය ගැන කිවුවහම අපිට හිතාගන්න පුලුවන් (නි)
අහන්න දෙයක් නැහැ, අපිට හිතාගන්න පුලුවන්. නියම කට්ටියනේ සෙට්වෙලා තියෙන්නේ (නි)
උත්සවයකට ගියා නම් ඉතින් හිතාගන්න පුලුවන් ඉතිරි හරිය (නි)
අම්මෝ! ඇති ඔයින් ගියා... (නි)
පරණ ටයර්නේ මේවා. හොඳට බලන්න (නි)
අර මහින්ද මහත්තයා කිවුව වැරදි නැකතට වැඩ කරලද කොහෙද? (නි)
මෙතුමා මම ගරුකරන චරිතයක්. ඉක්මන් සුව පතනවා (නි)
මන්ත්‍රීවරුන්ට මාර්ග නීති උල්ලංඝනය කරන්න පක්ෂ විපක්ෂ බේදයක් නැහැ. (නි)
ජනතා මුදල් මංකොල්ලකාලා නැත්නම් බයවෙන්න කිසිම දෙයක් නැහැ (නි)
මහජනතාවගේ සල්ලි නේද ඕවා? (නි)
පව් අර අහිංසක මෝටර් රථය හිමිකරු! (නි)
කුමන දේශපාලන මතය දැරුවත් ඔයින් ගියා ඇති කියලා තමයි කියන්න තියෙන්නේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ලොකු ලොකු මිනිස්සු වුණාම පාරවල් වල ඉගිලෙන්න යනවනේ. එ්කනේ කරනම් ගහන්නේ (නි)
කාර් එකට හැරෙන්නට වෙන කාටවත් තුවාලවෙලා නැහැ වගේ. ඉකමනට කාර් එක හොඳ ගරාජ් එකකට දාලා හදාගන්න. කාර් එක ඉක්මනට සාදාගන්න ලැබේවා! (නි)
මන්ත්‍රීතුමාට නම් කමක් නැහැ. කාර් එකේ සිටි අයට මොකද වුණේ? (නි)
වාහනේ හැටි දැක්කහම මෙතුමා මෙහෙම සුළු තුවාල ලබා බේරීම වාසනාවක්! (නි)
ඔයාලා තව තව පොල් ගහන්නකෝ (නි)
කොහොමද අප්පේ මේ ලෑන්ඩ් ක්රූසර් එකක් ගන්නේ? අඩුම ගානේ කොටි 3ක්වත් වෙනවා නේද මේ වාහනයක් (නි)
මෙවැනි අනතුරු කිසිවෙකුටවත් සිදුනොවිය යුතුයි. සියල්ලන්ටම ඉක්මන් සුවය පතමි!! (නි)
වාහනයක යද්දී පොඩ්ඩක් සැළකිල්ලෙන් යන්න එපායැ (නි)
ඉක්මන් සුවය පතනවා ඔබතුමාට වගේම බිරිඳටත්! (නි)
අනතුර ගැන නම් දුකයි. ඉක්මන් සුවය පතනවා. ගිය සතියේ රූපවාහිනී විවාදයකත් වාහනය වගේම මෙතුමත් උඩුකුරුව පෙරළී ගියා මතකයි (නි)
අපරාදේ වාහනය! හොඳටම හානිවෙලා (නි)
අහන්නත් පුදුමයි. අපේ දේශපාලකයින් වාහනවල ගමන් කරන්නේ ඉතාම විනීතව, හෙමින් සහ ඉතා කල්පනාවෙන්. (ඒ ගැන රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා.) මේ මන්ත්‍රීතුමාගේ රථය ගමන් කරන්න ඇත්තෙත් ඒ විදිහටනේ. එහෙව් එකේ මේ රථය මේ විදිහට පෙරලුනේ කුමක් නිසාද කියා වහාම සොයාබලන ලෙස අදාළ අංශ වලින් අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නි)
පහුගිය දවසක රූපවාහිනියේ වැඩසටහනක මහත් ආන්දෝලනාත්මක කතාවක් කළේ මෙතුමා නේද? (නි)
අයියෝ අපරාදේ රටේ සල්ලි! අධික වේගයෙන් යන්න ඇති. මේ අනතුරන් පස්සෙවත් හැදෙන්න, සරල චාම් දිවියක් ගතකරන්න (නි)
දේශපාලකයින්ට අපලයි වගේ (නි)
මෙවැනි අවස්ථාවල පළමුවෙන්ම රථය පැදවූ කෙනා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලනවා නේද? (නි)
මේවා පුද්ගලික ගමන් බිමන්. අලාබය ඔවුන්ම දරාගත යුතුය. මොවුන්ගෙන් රටට වෙන සේවය කුමක්ද. (නි)
එතුමාට නින්ද ගිහින්වද්ද? (නි)
මේ වගේ අනතුරකින් බේරුනා කියන්නෙ ලොකු පිනක් තමයි (නි)
අපොයි දෙවියනේ! (නි)
ලෑන්ඩ් ක්රූසර් එක නොවී ඉන්දියන් වාහනයක් වුණා නම් මීටවැඩිය අනතුරක් වෙන්න තිබුණා (නි)
සියල්ලන්ටම ඉක්මන් සුවය පතමි! (නි)
මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේ දේ වුණා නම් සුදු කාර් එක එළවපු කෙනාට යන්න වෙන්නේ සුදු වෑන් එකක තමයි. (නි)
මන්ත්‍රීතුමා හොඳින් බව නම් පෙනෙනවා. ඒත් සුදු කාර් එකේ පැදවූ කෙනාට මොකද වුණේ කියලා හොයල බලන එකත් වටිනවා නේද? (නි)
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)