(දිලීප් ජයසේකර, අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා, පොලිස් අධිකාරීවරයෙකු මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්.විදානගමගේ මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය.
සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මහෙස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළාය.
මන්ත්‍රීවරයාට විරුද්ධව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට ඔහු දිගින් දිගටම ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබුණි.
ඇඹිලිපිටිය මොරකැටිය පාරේ පිහිටි සැකකාර මන්ත්‍රීවරයාට අයත් ගොඩනැගිල්ලක් නුගේගොඩ ගංගොඩවිල, කැස්බෑව පාර ලිපිනයේ ජේ.ඒ. අනුර මහේන්ද්‍රන් නම් ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට බදු දී තිබුණි. බදුකරු බදුගත් ව්‍යපාරික ස්ථානයට සැකකාර මන්ත්‍රීවරයා විසින් තිබූ දොරගුල් ඉවත් කර වෙනම අගුල් දමා ඇති බවටත්, එහි තිබූ භාණ්ඩ ද රැගෙන ගොස් ඇති බවටත් ඔහුට එරෙහිව ඇඹිළිපිටිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ. පැමිණිල්ල මත සැකකාර ඇප මත මුදාහැර තිබුණි.
දේපල සම්බන්ධයෙන් අනර්ථයක් සිදුකිරීම හා සාපරාධී පරිහරණය යටතේ සැකකරුට විරුද්ධව බී වාර්තාවක් මගින් අධිකරණයට අද(30) ද කරුණු ඉදිරිපත් කෙරිණි. නඩුව සඳහා මන්ත්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැඳවු අද දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතීඥ මණ්ඩලයක්ම පෙනි සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ සිරාෆ් යුසුප් මහතා සහ නීතීඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියහ.
මෙහිදී විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.
පැමිණිල්ලට සහාය දක්වමින් නීතීඥ සිරාෆ් යූසුස් මහතා අධිකරණයට කරුණු දක්වමින් සැකකරු නීති හදන තැනක සිටින බැවින් ඔහු ආදර්ශවත් පුද්ගලයෙකු වී තමන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව වෙනුවෙන් අධිකරණයට පැමිණිය යුතු යැයි කීවේය. ඔහු සැකකරුවකු වී ඇත්තේ අපරාධ සිද්ධියකට බැවින් වගකිව යුතු කෙනෙකු ලෙස අධිකරණයට පැමිණිය යුතුව තිබුණේ යැයි ද කීවේය.
දේශපාලන වේදිකාවල විවිධ පුද්ගලයන්ට ජම්පර් අන්දවන බව සැකකරු පවසන නමුත් ඔහු නීතියට හිස නොනමන බැවින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි ද නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය පොලිස් අධිකාරීවරයෙක් මගින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ රසාංගා රන්මදු මහත්මිය ද පෙනී සිටි අතර ඇඹිලිපිටිය පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය. වැඩිදුර විභාගය 2020 ජනවාරි 06 දිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට තමයි.
ගෝඨාභය මහත්තයට ජම්පර් අන්දන්න කතා කළා නේද? කොහෙන්ද හිනාවෙන්න ඕනේ?
අම්මා තාත්තා ඇවිත් මොනවා කරන්නද දැන්?
දැන් මේ අයට කියන්නේ හොරු නෙවෙයිද?
මාර පොරක් නේ.. අම්මලා එවල හරියනවද? මිනිහට ජම්පර් අඳින්න වෙයි වගේ...
මට හිතන්නේ කලින්ම මෙයා ජම්පරේ අඳියි වගේ..
දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ මේවට තමයි. හොඳ වැඩේ. කොහොමද කටේ හඬ දැන් බැහැලා ඇති නේද?
ඉන්නේ නම් බබා වගේ..
රාජපක්ෂලාට ජම්පර් අන්දන්න ගිය හැම කෙනාම ජම්පර් ඇන්ද මෙයාටත් එහෙම වෙයිද දන්නේ නැහැ. අනික් අයට හොරු කීවට මෙයාලා කම්බ හොරුනේ...
පොඩ්ඩක් සද්දෙට බුරන්න වගේ හදන්නේ..
ගුරා බැංකුව බිඳිනකොට ගෝලයටත් මොකක් හරි කරන්න හිතෙන්නැති. මොන්ටිසෝරියේ හොර වැඩක් කළාම අම්මලා තාත්තලා යවල වගේ වැඩේ ෂේප් කරගන්න වගේ. මූණ දැක්කමයි එහෙම හිතුනේ...
මීට මාස කීපයකට පෙර ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ උඩවලව හංදියේ බෝ ගස කපා දමා බුදු පිළිමය ඉවත් කිරීමට අත්තනෝමතික ලෙස ඇඹිලිපිය ප්‍රාදේශීය සභාවේ එවකට සභාපති ක්‍රියා කළා. ඉන් දින කීපයක් ඇතුළත ඔහුට වසර ගණනකට හිරගත වීම සඳහා තීන්දුව ලැබුණා. මේ වතාව හේෂා මන්ත්‍රීවරයාටත් ඒ වගේම දෙයක් වෙලා තියෙන්නේ...
ජනවාරි 06 අායේ නඩුව එතකොට ජනාධිපති ගොඨාභය මෙයාට කට වරද්ද ගත්තාද?..
රාජපක්ෂලාට වචනයකින් හෝ විරුද්ධව කතාකරන අයට අත්වෙන ඉරණම තමයි මේ... නීත්‍යානුකුලව රටේ බලය නැති වුණාට, නීත්‍යානුකුල පාතාල බලය තිබෙන්නේ ඔවුන් අතේ. වර්ජන රැලි හා ජනතාව පීඩාවට පත් කරන සියලුම බලවේග පිටුපස සිටින්නේ රාජපක්ෂ බලවේගයයි. ඔවුන්ව 2015 දී ජනතාව බලයෙන් පහකළ පලිය තමයි මේ ගනිමින් සිටින්නේ.
අද ඇතුළට හෙට එළියට... සමහර විට පැයක් දෙකක්.. එක්කෝ රටේ නැති අසනීප එනවා බන්ධනාගාර රෝහලට වෙලා පිනට කකා බිබී ඉඳියි.
වැරැද්ද කලේ කවුද? පුතාද? අම්මා තාත්තද? අත පය නොකඩා හැදුවනම්, තමන්ට හැකි පමණ ඉගැන්නුවානම්, ළමයි කරන වැරදි වලට දෙමවුපියෝ ඇයි දුක්විදින්න ඕනේ? වරද කල හින්දානේද හැඟෙන්නේ? ගරු අධිකරණය මේ ප්‍රශ්නවලට උත්තර ඔහුගෙන්ම දැනගෙන දඬුවම් දුන්නානම් තමා වඩාත් සුදුසු. රටේ හැදියාව හදන්න යන්න ඉස්සෙල්ලා තමන්ගේ හැදියාව හදාගෙන ඉන්න ඕනේ විත්තිය දන්නේ නැතිවද?
මෙයාත් පෙර රාජපක්ෂ කල්ලියේ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙක්. පසුගිය පළාත්සභා මැතිවරණයට නාමයෝජනා නොදීම නිසා එක්සත් ජාතික පක්ෂයට එක්වූ අයෙක්.