පානදුරේ හොරේතුඩුවේ පන්සලකින් වංචා කළැයි කියන රුපියල් 21000ක් ආපසු ගෙවීමට එකඟ වූ මතුගම ප්‍රාදේශීය සභා මන්ධාන මන්ත්‍රී බොන්දුපිටියේ නාගතිස්ස හිමියන් අත්අඩංගුවට ගන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද වරෙන්තු නිකුත් කළේය.

ඒ හිමියන් අද අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.

ඇපකරුවනට ද නොතීසි නිකුත් කැරිණි.