උතුරු මැද එජාප මන්ත්‍රීවරයෙකි. තම මෝටර් රථය අලුත්වැඩියාව සඳහා කාර්මික ශිල්පියකු (36) කැඳවා ගත්තාලු.
මෝටර් රථයේ අලුත්වැඩියා කටයුතු වලදී ඇතැම් කොටස් අලුත්වැඩියා කළ නොහැකි බව කාර්මික ශිල්පියා මන්ත්‍රීවරයාට දැනුම් දීමෙන් පසු මන්ත්‍රීවරයා කෝපයට පත්ව ඔහුගේ ගරාජයට ගොස් යකඩ පොල්ලකින් ඔහුට පහර දුන් බව කියති. ඔහු පහර දීම කර ඇත්තේ සිය බිරිය ඉදිරිපිටදී බවද වාර්තාවේ.
එසේ පහර කෑමට ලක්වූ බව කියන කාර්මික ශිල්පියා අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ සම්බන්ධයෙන් කාර්මික ශිල්පියා කැකිරාව පොලිසියට පැමිණිල්ලක්ද කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන පරීක්ෂණ පොලීසිය කරයි. ඒකෙන් සත්‍යය හෙළි වේවි. (ර)
කොච්චර පිටට සුදු ඇඳගෙන හිටියත් මේ අයගේ ජරා ගති වහන්න බෑ, (හේ)
මේ වගේ අයට නාම යෝජනා දෙන පක්ෂ නායකයන් ලැජ්ජා වියයුතුය. මොවුන්ට ඡන්දය දෙන දේශපාලන ගැත්තන්ට මොවුන්ගේ හොඳ නරක වටහාගැනීමේ හැකියාව වැඩිදියුණු වේවා. (නි)
මේ වගේ මන්දමානසික මැරයන් පත්කළ ඡන්දදායකයන්ටයි දඬුවම් කළයුත්තේ (නි)
රිළවුන්ට දැලිපිහි ලැබුනහම ඔහොම තමා (නි)