(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මින් බොහෝ පිරිසක් විදේශගතව සිටින්නේ ඥාතීන් හමුවීම සහ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සොයා බැලීම සඳහාය.
මෙසේ විදේශගතවුණු මන්ත්‍රීවරු කීපදෙනෙක් පසුගිය දිනවල දිවයිනට නැවත පැමිණියහ.
මේ අතර නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාවේ කාමර මෙම මස 14 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා මන්ත්‍රීවරුන් විසින් වෙන් කරගනු ලැබ අවසන් බව මන්ත්‍රී සේවා අංශය සඳහන් කළේය.
මේ කාලය ඇතුළත මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එම බංගලාව වෙන් කරගෙන ඇතැයිද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
අයවැය අවසාන ඡන්ද විමසීම පසුගිය 13 වැනිදා පැවැත්වීමෙන් පසු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ අනුව සියලු මන්ත්‍රීවරුන්ට මාසයකට ආසන්න කාලයක නිවාඩුවක් ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා සැප විඳපල්ලා... අපි පිටිපස්ස ඉරාගෙන වියදම් පියවන්නම්... ලබන පාරත් නුඹලාටම ඡන්දෙත් දෙන්නම්.. අපි හරිම බුද්ධිමත් ජනතාවක්...
අනේ හෙන ගහපල්ලා....
රට බංකොලොත් වුණාට, මේ අයට විදේශ නිවාඩුවලට වියදම් කරන්න නම් ඕනේතරම් විදේශ විනිමය නම් තියෙනවා...!
රට දිනවන පිරිසක් නේ. මොනවා වුණත්. අපි ලෝකයෙන් එක කියහංකෝ...!
කමක් නෑ VAT එක වැඩි වුණාම අපි ඔය බිල් ඔක්කොම ගෙවන්නම්...
ඔන්න තමන්ගේ ඡන්ද දායකයින්ට වැට් බදු වැඩිකිරීමේ පනත සම්මත කරලා ඒකේ සතුට සමරන හැටි. කෝ මෙතැන මේ සෙට් එකට කඩේ යන උදවිය...? පුදුමෙක මහත තවමත් මේ අමන රැල රට විනාශ කළ බව නොපිලිිගන්නා ගවයින් සිටීමයි.
රටට හෙණ ගැහුවත් මේ අයට සැප...! කාලකණ්ණි තොලොංචි වෙලාම යන්න ඕනේ...!
ඔන්න සෙට් එක හොයලා බලනවා නම්... මොවුන් ඉන්නේ රට හදන්න නෙවෙයි. රටෙන් හැදිලා සල්ලි ටික පිටරට පටවන්න. ඡන්දෙ පැරදිලා ලංකාවේ ඉන්න බැරි තත්වයක් ආවොත් මේ ඔක්කොම යන්නේ ඔහේ තමයි.