(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මින් බොහෝ පිරිසක් විදේශගතව සිටින්නේ ඥාතීන් හමුවීම සහ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සොයා බැලීම සඳහාය.
මෙසේ විදේශගතවුණු මන්ත්‍රීවරු කීපදෙනෙක් පසුගිය දිනවල දිවයිනට නැවත පැමිණියහ.
මේ අතර නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාවේ කාමර මෙම මස 14 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා මන්ත්‍රීවරුන් විසින් වෙන් කරගනු ලැබ අවසන් බව මන්ත්‍රී සේවා අංශය සඳහන් කළේය.
මේ කාලය ඇතුළත මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එම බංගලාව වෙන් කරගෙන ඇතැයිද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
අයවැය අවසාන ඡන්ද විමසීම පසුගිය 13 වැනිදා පැවැත්වීමෙන් පසු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ අනුව සියලු මන්ත්‍රීවරුන්ට මාසයකට ආසන්න කාලයක නිවාඩුවක් ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මන්ත්‍රී විස්සක් රට සවාරියේ
Perera Tuesday, 26 December 2023 09:30 PM
ඔබලා සැප විඳපල්ලා... අපි පිටිපස්ස ඉරාගෙන වියදම් පියවන්නම්... ලබන පාරත් නුඹලාටම ඡන්දෙත් දෙන්නම්.. අපි හරිම බුද්ධිමත් ජනතාවක්...
Bandula Tuesday, 26 December 2023 11:15 PM
අනේ හෙන ගහපල්ලා....
kapila Wednesday, 27 December 2023 12:24 AM
රට බංකොලොත් වුණාට, මේ අයට විදේශ නිවාඩුවලට වියදම් කරන්න නම් ඕනේතරම් විදේශ විනිමය නම් තියෙනවා...!
අප්පුහාමි Wednesday, 27 December 2023 03:00 AM
රට දිනවන පිරිසක් නේ. මොනවා වුණත්. අපි ලෝකයෙන් එක කියහංකෝ...!
Nimal Wednesday, 27 December 2023 08:09 AM
කමක් නෑ VAT එක වැඩි වුණාම අපි ඔය බිල් ඔක්කොම ගෙවන්නම්...
සෙනෙවිරත්න Wednesday, 27 December 2023 12:12 PM
ඔන්න තමන්ගේ ඡන්ද දායකයින්ට වැට් බදු වැඩිකිරීමේ පනත සම්මත කරලා ඒකේ සතුට සමරන හැටි. කෝ මෙතැන මේ සෙට් එකට කඩේ යන උදවිය...? පුදුමෙක මහත තවමත් මේ අමන රැල රට විනාශ කළ බව නොපිලිිගන්නා ගවයින් සිටීමයි.
fairoos Wednesday, 27 December 2023 12:21 PM
රටට හෙණ ගැහුවත් මේ අයට සැප...! කාලකණ්ණි තොලොංචි වෙලාම යන්න ඕනේ...!
don Wednesday, 27 December 2023 07:28 PM
ඔන්න සෙට් එක හොයලා බලනවා නම්... මොවුන් ඉන්නේ රට හදන්න නෙවෙයි. රටෙන් හැදිලා සල්ලි ටික පිටරට පටවන්න. ඡන්දෙ පැරදිලා ලංකාවේ ඉන්න බැරි තත්වයක් ආවොත් මේ ඔක්කොම යන්නේ ඔහේ තමයි.