පසුගිය රජයේ හා වත්මන් රජයේ දූෂිතයින්ට දඬුවම් ලබාදෙන්නේ නැතිනම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බසින්නට සූදානම් යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, උතුරුමැද පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා කියයි.
රජය විවිධ හේතු දක්වමින් දූෂිතයන්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීම පමා කරමින් සිටින බවත් පසුගිය රාජපක්‍ෂ රජය මෙන්ම වත්මන් රජයද වැරදිකරුවන් ආරක්‍ෂා කරමින් සිටින බවත් කී වසන්ත සමරසිංහ මහතා රජය විසින් සඟවන වංචා දූෂණ පිළිබඳ තොරතුරු ඉදිරියේදී මුද්‍රණය කර ජනතාව අතර බෙදාහැරීමට පියවර ගන්නා බව ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා ශ‍්‍රවණාගාරයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කරනවා නම් වැඩ. අපිත් එන්නම් පාරට බැහැලා පාද යාත්‍රා යන්න, දෙවුන්දරතුඩුවේ ඉඳලා උතුරු කෙළවරටම (නි)
පසන්, උතුරට යනවනම් දැන්ම යන්න. මොකද, ඉස්සරහට යන්න ලැබෙන එක සැකයි. මම උතුරට ගියේ නම් මහින්ද යුද්දේ ඉවර කළාට පස්සෙයි. ආයේ එහෙම නොවෙයි කියන්න බෑ සන්හින්දියාව යන විදියට. (බ)
කෘෂිකර්ම නිලධාරියෙක් රුපියල් 1000ක අල්ලසක් අරගෙන රස්සාව නැතිකර ගැනීමත් හොයනවද දන්නේ නැහැ ? (බ)
උතුර නැවත ගිනි අරගෙන (හේ)
නියමයිනේ! ඔහොම යමුකෝ (නි)