මහ බැංකු අධිපතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව පොලිසිය කියයි.
අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම බිම ඇද වැටීම නිසා රෝහල් ගත කළ බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි කියයි.
රැලිය කොටුව රීගල් සිනමාහල අසලින් ඇරඹී ලංකා බැංකු මූලස්ථානය හරහා මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කරයි.
(දෙරණ අනුග්‍රහයෙනි)
ඡායාරූප - ඉෂංක සුනිමල්
වීඩියෝ - ඉෂංක සුනිමල්














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ,ජනතාව පත්කළ ආණ්ඩුවට එම කාලයට රට පාලනය කල යුතයි. (ම)
හිවල් දේශපාලනය සහ කුරුම්බැට්ටි දේශපාලකයෝ කවුදැයි අපි හොඳින් හඳුනන්නෙමු (නි)
වෙනස සැපද වැඩ කරලා හොරකම් කරනවද වැඩක් නොකරම හොරකම් කරනවද දැන් වෙන්නේ මොකද්ද හැබැයි අල්ලපු හොරෙක් තවම නැහැ (බ)
ඔබට ඉක්මන් සුව! (නි)
අසරණ උගත් දරුවන්ට කදුළු ගෑස් වලින්,ජල ප්‍රහාර වලින් පහර එල්ල කරන රටේ නායකයෝ ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
රටේ අවනීතිය නවත්වන්න උත්සුක වූ සහෘදයාණෙනි, ඔබට ඉක්මන් සුවය! (නි)
එතකොට මේ රැළියට විරුද්ධ අදහස් පළකරන අය කියන්නෙ මහ බැංකුවේ සිදුවී තිබෙන මූල්‍ය වංචාව හරිම හොඳයි, තව ඉදිරියත් ඒ වගේ දේවල් වියයුතුයි කියලද? (නි)
බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන් (බ)
මේගොල්ලෝ හිතන්නේ අපිට මෙච්චර ඉක්මනට අතීතය අමතක වෙනවා කියලද? අද ඕනෑම කෙනෙකුට කිසිම බයක් නැතුව, පෙළපාලි උද්ඝෝෂණ කරන්න පුළුවන්. මේකත් යහපාලනයේ ප්‍රතිඵලයක් තමා (නි)
රජුන් ළඟ වැඳ වැටී යටි මඩිය තද කරන්... හොරෙන් ගිය ගමන කොටඋඩ ගියා එක සැරෙන්... ඉතින් ඒ සැප හොයන් ආවාම පෙරහැරෙන්... බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්... (නි)
අපි වෙනුවෙන් නේද මේ උතුමන් මෙහෙම දුක් විඳින්නේ? (නි)
රණවිරුවන්ගේ කළු ඔලු පටිය ඇයි දාගෙන ඉන්නේ මේ අය? (නි)
සත්‍යය කවදා හෝ ජයගන්නවා ඇත (නි)
අපේ අවාසනාව තමයි! (නි)
අර විශ්ව විද්‍යාල ළමයි ඔහොම යනකොට පාරවල් අවහිර වෙනවා කියලා අදහස් දාපු අය අද නැහැ නේද? (නි)
තමන්ටම දෙයක් වෙන්න ඕනෑ වේදනාව දැනෙන්න (නි)
දැන් තමයි පළදෙන්නේ (නි)
අපි වෙනුවෙන් සේවය කරන්න ගිහිල්ලා නේද මේ? (නි)
හොරු තවම නිදැල්ලේ. වහාම අල්ලා ගස් බඳිනු! (නි)
හොරා කාලා දැන් සුදනෝ වගේ. මිනිස්සු මැරිලා ඉපදිලා කියලා හිතාගෙන ඉන්නේ (නි)
කතාකළොත් රට වෙනුවෙන් පන දෙන්න. ඒ වුණාට බදු රුපියලකින් වැඩිකළොත් මැරෙන්න හදනවා (නි)
අනේ ඇයි මේ වගේ රත්තරන් මනුස්සයෙකුට මෙහෙම වුණේ? (නි)
මෙතුමාගේ රෝහල් ගාස්තුවත් මහජනයාටද ගෙවන්න වෙන්නේ? (නි)
දෙගොල්ලෝ යාලුවෙලා ඉන්න එපායැ. මොකද මේ එළවන්න කියන්නේ? (නි)
ලෝකයේ තිබෙන නරකම යහපාලනය තියෙන්නේ ලංකාවේ අපේ ලංකාවේ. (නි)
නඩු අහන්න කලින් රජය පෙරළාගන්න වගේ බලන්නේ. (නි)
කේශල අමන්දා, ඔයා කියන්නේ ජනතාව මෝඩයෝ කියලද? ඔයා එහෙම වුණාට, අනිත් අයත් එහෙමයි කියලා හිතන්න එපා. දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. (නි)
රටට වෙන්න යන හෝ වෙලා තියෙන නස්පැත්තිය පාට කණ්ණාඩි ගළවලා හොඳට බලන්න (නි)
ජයවේවා..!! විපක්ෂයේ කාර්ය කව්රුත් කරන්නේ නැත්තම් ඔබතුමන්ලාවත් කරන්න. අපේ සහයෝගය. (නි)
මේ අය හදන්නේ කොහොමහරි රජය පෙරළන්න. (නි)
තමන් කළ කී දෑ කවදාහරි විඳවන්න වෙනවා (නි)
ඇති යන්තම් ඔයින් බේරුනා (නි)
පහුගිය ආණ්ඩුවේ හොරු ටික පවතින ආණ්ඩුවේ හොරු එළවන්නලු.හිනාවෙන්න ඕනෑ කොහෙන්ද දන්නෙ නැහැ (නි)
සමහරු රටට කරන වින්නැහියට මහජන ශාප වදිනවා (නි)
ඔබට ඉක්මනින් සුව ලැබේවා! (නි)
මම අදත් කියන්නේ මේක තමයි යහපාලනය කියලා (නි)
2500-3000 ගෑස් ගත් අපිට, 166/- තෙල් ගහපු අපිට වැට් එක මොන කජ්ජක්ද? (නි)
මන්ත්‍රිතුමනි, ඔබට යළිත් මෙවන් අනතුරු නොවේවා. (නි)
කර්ම විපාක යම් කොටසක් මෙලොවදීම පටිසන් දෙනවා (නි)
ඒ කාලේ යුද්ධයට යවන්න තිබුනේ මේ වීරයෝ. මහ බැංකු අධිපති නැවත පත්කරන්නේ නැහැ කියලා කිව්වට පස්සේ මෙයාලා කරන්නේ නිකන් ලකුණු දාගන්න හදන එක. (නි)
මට නම් දුකක් නැහැ (නි)
සිරිමලී, කොහෙද ජනතාව පත්කළ රජයක් තිබෙන්නේ? ජනතාවට බොරු කියා මෝඩයින් කර එම 60% මෝඩයින් පත්කළ විකට රඟ මඬලක් ඇත්තේ. මාස 17 මෙලෙස නම් ඔබ සිතන කාලයම තිබුනොත් ශ්‍රී ලංකාව කොතැනක තිබේවිද කියා සිතා ගැනීමටත් අපහසුයි (නි)
කළ කළ දේ පළ පළ දේ කියලා හිතෙන්නේ මට විතරද? (නි)
මේවට ජල ප්‍රහාර, කදුළු ගෑස් වදින්නේ නැත්තේ මොකද? (නි)
සටනට සුදානම්ද?මියගියත් අපි නැහැ පස්සට යන්නේ, සටන ජයගන්නාතුරු (නි)
අනේ තුවාල කරගන්න, මොන එහෙකට ගියාද මේ වැඩ වලට? (නි)
අර අහවලාගේ මකර කටටත් මොකක්හරි වැටුනා නම් මම සතුටුයි කටේ දත් ටික බඩට යන්න (නි)
සිරිමලී, එහෙනම් අද කසාද බැඳලා මාසෙන් දෙකෙන් දික්කසාද වෙන අය ගැන මොකද කියන්නේ. තේරුම් ගියාම වෙන්වෙනවා. එ්ක ස්වභාවය (නි)
ගහපු පොල් ටික ටික වැඩකරනවා වගේ (නි)
තිලක් ඩුබායිගේ මීටරය මාරුවෙලාද? කවුරුහරි මාරුකරලද? (නි)
අනේ හැබෑට අපිට බණ කියන කට්ටියගේ උජාරුව? (නි)
එක හොරෙක් කළාය කියන හොරකමකට විරුද්ධව විරෝධතාවේ යෙදෙන කට්ටිය දැක්කහම මේවට අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෑ (නි)
'දිට්ට ධම්ම වේදනීය කර්මයද' මන්දා...?? (නි)
අපේ කාලයේ ජාතික වීරයෙක් වූ ඔබට ඉක්මන් සුව! (නි)
ගරු ජනාධිපතිතුමනි, දිනෙන් දින අගාධයට යන මේ රට ගොඩගන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. වැඩ වර්ජන, උද්ඝෝෂණ වලින් අපි හෙම්බත් වෙලයි ඉන්නෙ. (නි)
මට නම් කිසිම දුකක් දැනෙන්නේ නැහැ (නි)
කිරුළපන වේදිකාවට නැගපු අයට හොඳ නැහැ වගෙයි (නි)
මහා බැංකු අධිපති හොරා කියමුකෝ. එතකොට මෙයාලා කවුද? සිල් ගත්තාට උපාසකයෝ වෙනවද? මෙතනින් බාගයක් විතර හොරුන්ගෙත් හොරු නේද? (නි)
රෝහිත මන්ත්‍රිතුමා නියම ජනතා නායකයෙක් (නි)
අනේ දෙවියනේ, මේ මොකද වුණේ? (නි)
ඇයි මෙහෙම වෙන්නේ කියලා තේරුම් කරලා දෙන්න (නි)
පොල් වැඩ කරනවා (බ)
අනේ! රත්තරන් මහත්තයෝ, මොකද මේ වුණේ? (නි)
රට වෙනුවෙන් නියම හැඟීමක් ඇති අය (නි)
රෝහිත මහත්තයට ඉක්මන් සුව ලැබේවා! (නි)
සමිත, ලෝකයේ සිටින දරුණුම ගණයේ කම්බා හොරුන්ගෙන් ජනවාරි 8 වෙනිදා රට නිදහස් කරගත්ත. ඒ අය අද වියරු වැටිලයි තියෙන්නේ. (නි)
දේශපාලකයො කරනකොට කමක් නැහැ. කැම්පස් කොල්ලන් කළොත් අදහස් දාන අය එක් කෙනෙක්වත් නැහැ. (නි)
ලේ ගලනවා නේද? අනේ දෙවියනේ! (නි)
හතර පෝයට සිල් ගන්න තරුණ දේශපාලකයෙකුත් ඉන්නේ. (නි)
මට දුක සමාජවාදියෝ කියලා හඳුන්වාගත් සෙට් එකත් මේ කම්බා හොරු රෑනට එකතුවෙලා ඉන්න එකයි. (නි)
අනේ ඔබතුමා මේ දුක්විඳින්නේ අපි නිසා නේද? (නි)
දැන්වත් පසුගිය රජය රටේ ගසාකාපු ධනස්කන්දය ජනතා සතු කරලා දැඩි දඬුවම් දෙන්න. අමතක නොවෙන දැඩි දඬුවම් දෙන්න. (නි)
බලාගෙන ගියාම ඔක්කොම මෙතැනනේ (නි)
මගේ හිතට ලොකු බයක් දැනුනා (නි)
මේ කට්ටිය දඟලන්නේ වැරදි වැඩ මොනවත් නොකළ මිනිස්සු වගේනේ. මහා බැංකුවේ එදා හිටිය ලොක්කෝ කරපුවත් ටික ටික එළිවෙනවා නේද? (නි)
තිලක් ඩුබායි, යහපාලනයට කඩේ ගිය ඔබ මොකක්ද ඔබට වෙච්ච අලුත් වෙනස? කෙසේවෙතත් පසුව හෝ රට ගෙනයන වැරදි දිශාව ගැන අවබෝධ කරගැනීම අගය කරමි (නි)
මේ වගේ විපතක් වුණ වෙලාවට ඊට විරුද්ධව මේකට අදහස් දාලා තියෙන හැම කෙනෙක්ම දේශද්‍රෝහියෝ විදියටයි මම දකින්නේ. තමන්ගේ රට ගැන නොහිතන තමන්ගේ වාසි ගැන විතරක් හිතන අය. නුඹලට මේ රටට වෙන්න යන විපත ගැන තේරුණත්, නුඹලගේ මොළේ තියෙන්නේ මැටිනෙ. ඒ නිසා මේ දේවල් තේරෙන්නෙ නැහැ (නි)
පිකටින් කරන ළමයින්ට ඔයවගේ පහරදෙද්දී ඔය කවුරුත් ඒ ළමයි ගැන බැලුවද? ඇහුවද? (නි)
පීඩිත පන්තිය වෙනුවෙන් සටන් කරන ජනතාවාදී රත්තරන් මිනිසුන්ට ජය වේවා! ධනවාදී ආණ්ඩුව පන්නාදමා ජනතාවාදී මහින්ද පාලනයක් නැවත ගෙන එමු. හොරකම් නැති මරබිය නැති සාධාරන සමාජයකට මහින්ද දිනවමු. (නි)
කම්බා හොරු පන්නා දමමු (නි)
ඕවා දිට්ට ධම්ම වේදනීය කර්ම ලෙසයි මම නම් දකින්නේ. (නි)
මෙයාලා සටන්කරන්නේ එයාලගේ නැතිවුණ බලය වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවේ (නි)
යහපාලනයට කඩේ යන අය ගැන ලැජ්ජයි (නි)
විශිෂ්ටයි. යහපාලනය රට කනවා (නි)
ඕවා ගානක් නැහැ එයාලට. මේවා කරන්නේ අපි වෙනුවෙන් (නි)
පහුගිය ආණ්ඩුවේ හොරු ටික පවතින ආණ්ඩුවේ හොරු එළවන්නලු නේද හදන්නේ? (නි)
අවාසනාවන්ත ජාතියක්. තම තමන්ට වදිනතුරු සටන් කරන අයට හිනාවෙවී හිටපල්ලා. වදිනදාට වදින්නෙ නුඹලාගෙ දරු පරපුරටත් එක්ක. එදාට නුඹලා ප්‍රමාද වෙලා වැඩියි කියලා දැනෙයි (නි)
සොබාදහමට යටනොවන කිසිවක් නැත! (නි)
ඔබට සිදුවුණ දේ ගැන අපිට හරි දුකයි (නි)
මේ ඔක්කොම හොරු ටික අපිට එපාවෙලා. ආණ්ඩුවෙන් කරන පාටකුත් නැහැනේ (නි)
කරුණාකරලා ඩුබායි රටේ බැංකු ගිණුම් වල තිබෙන රුපියල් කෝටි ගණනක මුදල් සම්බාරය ගැන හොයන්න. ඒ මුදල් ජනතාව සතු කරන්න. කම්බා හොරුන්ට දැඩි දඩුවම් දෙන්න. (නි)
ඉක්මන් සුවය ලැබේවා! ඔබලාට ජය වේවා! (නි)
මට පෙනෙන්නේ එකම දෙයයි. කෝ උසාවි නියෝග? කෝ ජල විදින? කෝ කඳුළු ගෑස්? පේනවා නේද පොලිසියේ පක්ෂග්‍රාහිත්වය. පොලිසියේ මේ පක්ෂග්‍රාහිත්වයට විරුද්ධව යහපාලකයෝ වහාම පියවරක් ගතයුතුයි. (නි)
ඔබේ සටනට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ජය වේවා! හොරු පන්නා දමමු (නි)
සුප්‍රබුද්ධ, ඔබගේ සත්‍ය අදහස මොළයක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. (නි)
ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා! හොරු භංග වේවා! (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
යහපාලන හොරු එළවමු (නි)
දෙවියනේ! ඔලුව පැලිලා නේද? (නි)
පහුගිය කාලයේත් මෙතුමාට සෑහෙන කරදර වුණා. ඉක්මන් සුව ලැබේවා! (නි)
තව ඉල්ලනවා හොරකම් කරන්න. ලැජ්ජා නැති හැටි? (නි)
කණගාටුදායක ආරංචියක්නේ අහන්න ලැබුණෙ උදෙන්ම (නි)
ඝෝෂාකළාට මහජනතාව ඔබ සමඟ නැත (නි)
අනේ දෙවියනේ, දැන් මොකද කරන්නේ? (නි)
මදැයි මෙතුමා කරගත් දෙයක් (නි)
මහින්ද රාජපක්ෂගේ කාලේ මේ වගේ පෙළපාලි වලට වෙඩි තිබ්බා. මේ අය මහජනතාව මුලාකරගෙන මේ යහපාලන රජය ලබාදීපු නිදහස භුක්තිවිඳින හැටි දැක්කහම ඇත්තටම යහපාලන රජය ගැන සතුටුයි (නි)
දශකයක් පුරා එකදු චෝදනාවකටවත් ඉල්ලා අස්නොවූ මරාවාදීන් යහපාලන ආණ්ඩුවේ චූදිතයන්ට ඉල්ලා අස්වෙන්නැයි කියමින් පෙළපාලි යෑම පට්ටපල් විහිළුවක් (නි)
පොල් පොල් පොපොල් පොල් ... පොල් පොල් පොල් ... ලංකාවේ වතුවල වැවෙන පොල් ....(බ)
ස්වභාව ධර්මයේ ක්‍රියාකාරකම් හරිම ගුප්ත වුනත් බේරෙන්න හරිම අමාරුයි.(ම)
බොහොම හොඳ කථාවක් (බ)
සත්‍යය කවදා හෝ ජයගනිවි (බ)
මේ අයට පුදුම අමාරුවක් තියෙන්නේ මිනිස්සු කුල්ලප්පු කරන්න. (බ)
අපේ නැහැ මාරු වෙන දේශපාලනේ විපතට පත් ඔබ තුමාට ඉක්මන් සුවය පතනවා (බ)
කවද කාපු ටකරන්ද මේවා.. පොලේ බලේද දන්නෙත් නැහැ (බ)
දැන් ඉන්නේ වැඩක් නොකර නිකන් ඉදල හොරකම් කරන අය (බ)
උද්ඝෝෂණය කළේ දුප්පත් අපි වෙනුවෙන්නේ (නි)
අපි ඔබ වෙනුවෙන් බෝධි පූජා පවත්වමු (නි)
අශෝක, ඔබ හරි. (ර)
අපි වෙනුවෙන් පාරට බැස්ස අපේ කාලේ වීරයෝ! (නි)
නාමල්ලා කටේ හිරි ඇර ගන්නවා. තමන්ගේ පියා දීලා තිබුන නිදහස තිබුනේ සල්ලිකාරයින්ට, දුෂිතයින්ට. අසරණයට සුදුවෑන්. (නි)
ඔබ තුමාට සුවය පතමි.! (ර)
ඔබලා ගත් උත්සාහයට සුබ පතමි.! ඔබ තුමාට ඉක්මන් සුවය පතමි.! (ර)
සටන් කරන කොට ඔහොම තමා සැලෙන්න එපා සුවපත් වේවා.! (ර)
මේ ඒකාබද්ධ විපක්ෂය මොනවා කළත් මෙහම තමයි. පොල් ගහන්න ගිහින් දිනේෂ් ගුණවර්ධනගේ මුදල් පර්ස් එකට කවුදෝ විද්දා. රවීගේ විශ්වාසභංග යෝජනාවේදී පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන ක්‍රියාවිරහිත වුණා. දැන් මෙයා තුවාලවෙලා. මෙහෙම ගියොත් කොහොමද බලයට එන්නේ? (නි)
දේශපාලන මතවාද මොනවා වුණත් මිනිසුන් වශයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
මෙන්න රටට ආදරේ ඇති මිනිස්සු! (නි)
ඔබේ සටනට ජයවේවා! (නි)
නාමල් විමල් ඉන්නේ නිකන් මෙලෝදෙයක් නොදන්නා බබාලා වගේ. (නි)
කණගාටු වෙනවා. ඒ වගේම ඉක්මන් සුවය පතනවා සමහරුන් මෙතන දමන අදහස් උතුම් මනුස්සකම් නැති බව පේනවා. (ර)
පුදුම කණගාටුවක් තියෙන්නේ අපේ මිනිසුන්ගේ අදහස් දැක්කම වෛර හිත් තුල කකියනවා, ඔබ තුමා සුවපත් වේවා.! (ර)
මේ සටනට හැමදෙනාම එකතු වෙලා සහය වෙන්න. (ර)
රොහාන් කියන්නේ ඕනෑදෙයක් කරනතුරු නිදාගෙන කටපියාගෙන ඉන්න කියලද? (නි)
බාල යකඩද දන්නෙ නැහැ ඒකත් (නි)
කළු ඇඳුමට මෙයාලා හරි හැඩයිනේ (නි)
මෙත් සිතින්, සාමකාමිව විසඳියයුතු ප්‍රශ්න තර්ජනයෙන් කරන්න ගියාම කළකම් පළදෙන හැටි! පොල් ගහනකොට ඕවා ආපහු එන බවද සිතිය යුතුය (නි)
කළු ඇඳුමට හරි ලස්සනයි. හින්දි ෆිල්ම් මතක්වෙනවා. අපහසුතාවය මහජනයාට තමා කවදත්. මොකද මෙයාලා ඔක්කොම ඉවරවෙලා වාහනවල නැඟලා පිටත්වෙලා යයි (නි)
ඔබතුමා ගැන අපිට කණගාටුයි (නි)
ඔව් ..ඔව්..! වැඩ බැරි ආණ්ඩුව පන්නමු. හොරු ටිකට නැවත බලය අරන්දෙමු. (නි)
ඉක්මනට නීතිය ක්‍රියාත්මක කලොත් හොඳයි අපේ රටේ සල්ලි හොරකම් කරපු උදවියට. (ර)
ඕකනේ කියන්නේ බැරි වැඩ වලට, අසාධාරණ දේවලට යන්න එපා කියලා. රෝහිත බැරියරයට හිරවීම ගැන යහපාලන රජය පතුරු ගහන්න දැන් ගොඩක් අය මාන බලා ඉන්නවා ඇති (නි)
මහ බැංකු අධිපති ඉවත්කරන්න පාර්ලිමේන්තුවෙන් හරි අධිකරණයෙන් හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා මිස මෙවැනි විහිලු වැඩවලින් ලැබෙන ප්‍රතිඵලය ඕක තමයි (නි)
රට වෙනුවෙන් සටන් වදින ඔබතුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුවය පතමු. (ර)
යහපාලන හොරුන්ට විරුද්ධව සටන් වදින ඔබ සැමට සුබ පතමි! (නි)
ඉක්මණින් සුවපත් වේවා! (නි)
අනේ අපේ රත්තරං දේශපාලකතුමෙක් නේද මේ? (නි)
මෙතුමා එක්වරකුත් බේරුනේත් අනූනවයෙන්. ඉක්මන් සුවය පතනවා. (නි)
ස්වභාව ධර්මය හරි අපුර්ව දේවල් කරන බව දැන්වත් කවුරුත් සිතිය යතුය (බ)
මේ ගොල්ලන්ගේ හිතේ පොල් ගැහිලි, මිරිස් අඹරිලි විනෝදෙට කරන වැඩ කියල. බැරිවෙලාවත් ආපහු කැරකිලා එන්න ගත්තහම දුවන්ඩ වෙනවා. (බ)
අනේ රත්තරනේ මොකක්ද මේ කරගත්තේ (බ)
කොහොමද යහපාලානේ? දැන් හොරු එළවන්න හිටපු හොරු පාරට බැහැලා. හරි සතුටුයි. (බ)
ස්වහාව ධර්මය ඹවුන්ට දඬුවම්දිමට පටන්ගෙන අැත. (නි)
අයි මොවුන්ට කදුළු ගැස් ගැහුවේ නැත්තේ? පොලිසියට ඒවා කරන්න පුළුවන් ළමයින්ට පමණද? (නි)
සිරිමලි, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පැරදුන අපේක්ෂයෝ දාගෙන දුවන ආණ්ඩුවක් කියන්නේ මහා විහිළුවක් නේද? මෙයාලා හොරුන්ට ගෙදර යන්න කියන්නේ අපට ආදරේට නොවේ. කියනවාට වැඩේ වෙන හැටි පේනවනේ (නි)
තමුන්ගේ දේශපාලනය නිසා නැති කරගත් මනුස්සකම්, කණගාටු වෙනවා මෙතන අදහස් දැකලා. (ර)
මේ ගෙනයන සටනට දිවි හිමියෙන් අපි ඉන්නවා. (ර)
ආණ්ඩුව ගෙදර යවන්න කලින් ඔය පිරිස ජනතාවගේ දේපොළ හොරකාපුවා ගැන උත්තර දීලා හිටියා නම් තමයි හොඳ. (නි)
සැලෙන්න එපා මලත් සටන අපි නොහරිමි අපි දන්නවා සටන අමිහිරි බව නමුත් ජය ගන්නකන් අත් නොහරිමි. (ර)
කට්ටියම එකතුවෙලා රට කන එක තමයි කරන්නේ. (නි)
ගහපු පොල් වදින්න පටන් අරගෙන වගෙයි නේද? (නි)
මේ රටේ මිනිස්සු කියනවා නම් මේ ආණ්ඩුව හොඳයි කියලා, අපරාදේ මේ මිනිස්සු තුවාල කරගන්නේ. මහා බැංකුව බිමට කඩා වැටුනත් මොකද වැට් එක සියයට 50 වුණත් මොකද, රට කෑලි කැඩුනත් මොකද ආණ්ඩුව මිනිසුන්ට රුපියල් 10000 වැඩිකරලා දුන්නනේ. (නි)
අහිංසක විශ්ව විද්‍යාල ළමුන්ට ගහන කදුළු ගස් අද නැහැ ...අපේ රටේ හැටි ... (ම)
මේ අය බලන්නේ පොදු යැයි පෙනීයන මහබැංකු අධිපති පිළිබඳ මාර්තෘකාව ඉදිරියට දමාගෙන, ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමට ආණ්ඩුවේ අය යම් කොටසක්ද හවුල් කරගෙන, රජයට එරෙහිව ගොඩ තරවී ඇති බව පෙන්වීමේ සංදර්ශනයක් පවත්වන්න වගෙයි. (නි)
ශිෂ්‍යන්ගේ උද්ඝෝෂණ වලට බනින අයගේ කටවල් කෝ ? (බ)
ලොකු අනතුරක් වගෙයි. ඉක්මන් සුව! (නි)
මෙතන ඉන්නවා හිතක් පපුවක් නැති වෛරය පිරී අය... (ර)
පොලිසියෙන් මාර්ගය වසා ඇති නම්, ඒ මාර්ගය වැසී ඇති බව අපි ත්රුම් ගත යුතුයි නේද ... (ර)
විමල් මන්ත්‍රීතුමාලට ගොඩඑන්න තියෙන්නේ මේවා කරලා තමයි. නැත්නම් ඇපත් නැහැ. ඔහොම කෑ ගහන්නේ නැතුව පොඩ්ඩක් හිතන්න. මාර්ග බාධක කඩාගෙන යන එකකටද සාමකාමී පාගමන කියන්නේ? (නි)
මේ පුංචි රට කවදාවත් දියුණුවක් නම් ලබන්නේ නැහැ (නි)
මේ ප්‍රහාරය ගැන පරීක්ෂණ කළයුතුයි යැයි සිතනවා (නි)
ඒකාබද්ධ විපක්ෂයවත් ශක්තිමත් වෙනවා නම් මේ ආණ්ඩුවේ සැර බහිනවා (නි)
සටනට ජය පතමි.! (ර)
මන්ත්‍රීතුමා ගැන අපිට හරිම දුකයි (නි)
පව්! ඉක්මන් සුවය පතමි. (නි)
මට නම් හරි දුක හිතුනා. ඔබට ඉක්මන් සුව! (නි)
මෙන්න මිනිස්සු. මොනවාහරි කරලා ජනතාවට සහනයක් දෙන්නයි මහන්සි වෙන්නේ. සමහර අය සැපට පුටුවේ ඉඳලා හැමදෙයක්ම ලබා ගන්නකොට, මේගොල්ලෝ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් සටන් කරනවා. (නි)
හතුරෙකුට වුණත් විපතක් වුණාම සිංහල බෞද්ධයන් වශයෙන් අපි කණගාටු වෙනවා. නමුත් අනුන්ට ශාපකරලා ගහපු පොල් වල ආනිසංසය ආපහු කැරකිලා වගේ. (නි)
මව්බිම වෙනුවෙන් පෙරට එන විමල් වීරවංශ වීරයා ඇතුලු සැබෑ දේශප්‍රේමීන්ට ජයෙන් ජයම වේවා.! (ර)
මේතරම් දූෂිත චෝදනා තිබෙන මහ බැංකු අධිපති මෙම තනතුරේ නැවතත් පත්කරගන්නේ මොකටද? අල්ලපු රටේ ජනතා විරෝධය පිළිගෙන මහ බැංකු අධිපති ඉල්ලා අස්වුණා නේද? (නි)
අර හොර පොල් ගහපුවා මතක්වුණා මට නම් (නි)
මෙහෙම වැඩ වලට මොනවට යනවද මන්දා? (නි)
කට්ටිය දඟලන්නේ වැරදි වැඩ මොනවත් නොකළ මිනිස්සු වගේනේ. (ර)
2500-3000 ගෑස් ගත් අපිට, 166/- තෙල් ගහපු අපිට වැට් එක මොන කජ්ජක්ද? (නි)
වීරවංශලා කලින් ආණ්ඩුවේ සිටි ආර්ථික ඝාතකයන්ටත් එරෙහිව මෙහෙම කෙරුවානම් අපිට හිතන්න පුළුවන් මේ කෑගහන්නේ රටේ ජනතාව වෙනුවෙන් කියලා. නමුත් ඇත්තටම ඔවුන් කරන්නේ බලයට ඒමට දැඟලීමක් විතරයි. (නි)
පොල් ගහලා දෙවියන්ට කන්නලව් කළ ඒවා මතකද? (නි)
දේශපාලනය මොකක් වුණත් ඔබට බුදුසරණයි! ඉක්මන් සුවය. (නි)
අනේ අම්මේ! පුදුම කට්ටියක්නේ ඇවිදින් තියෙන්නේ පිකටින් එකට (නි)
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ආ! ඔක්කොම මේ පෙළපාලියේ වගෙයි (නි)
ඔබතුමන්ලාගේ සටනට ජයවේවා! (නි)
කල කම් තම ඉතින් (ම)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (නි)
අපොයි! මහින්ද මහත්තයට ඉස්පිරිතාලේ යන්නත් වෙනවනේ දැන්. පන්සල් යන්නත් ලැබෙයිද දන්නේ නැහැ. (නි)
බැරි වැඩ නොකරන් රෝහිත ඇමැතිතුමෝ කිව්වාලු (ම)
අයියෝ! කණගාටුදායක පුවතක් (නි)
මට දුක දැන් ඇවිත් ඉන්න අය අපේ ඡන්දය රවට්ටලා ගත්තා (බ)