දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා ගමන් කළ පැජරෝ රථය අද අලුයම අහංගම කතළුවේදී ඇඟළුම් සේවකයන් රැගෙන ගිය බසයක හැපීමෙන් මන්ත්‍රීවරයා ද ඔහුගේ රියේ ගමන් කළ තිදෙනෙක් ද ඇඟළුම් සේවක සේවිකාවෝ 26 දෙනක් ද කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා ගමන් කළ පැජරෝ රථය අද අලුයම අහංගම කතළුවේදී ඇඟළුම් සේවකයන් රැගෙන ගිය බසයක හැපීමෙන් මන්ත්‍රීවරයා ද ඔහුගේ රියේ ගමන් කළ තිදෙනෙක් ද ඇඟළුම් සේවක සේවිකාවෝ 26 දෙනක් ද කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක ළමයි ගැනයි දුක. (ස)
දැන් ලංකාවේ ජනගහනයට සමානව දේශපාලකයොත් ඉන්නවනේ. (ස)
අපේ රටේ මන්ත්‍රීලා යන්නේ උඩින්. චන්දෙ කාලෙට විතරයි බිමින් යන්නේ. (ස)
වාහනේ දැක්කම පේනවා දුප්පත් මන්ත්‍රී කෙනෙක් කියලා, විපක්ෂේ කෙනෙක් වෙන්න ඇති. (ස)
මෙයාලත් ඇවිල්ල හැපෙන්නෙම දුප්පත් අසරණයන්ගේ ඇගේම තමා. (ස)
ලංකාවේ මොන දේ වුනත් දේශපාලකයෙක් ඒකට සම්බන්ද වෙලා තියෙනවා. (නි)
මේ රිය ඇතුළේ මුකුත් තිබිලා නැද්ද? (නි)
මත්පැන් පානය කරලද බලන්න . (නි)
ඔබතුමා රස්සාවල් දෙන්නවත් ඉර්දී උනාද මේ හිමිදිරියේ? (ස)
අර අහිංසක නංගිලා සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (ස)
වාහන දෙකම ගොඩක් පොඩි වෙලා නේද? අහිංසක ළමයින්ට ගොඩක් අමාරුද, අනේ එයාලට ඉක්මන් සුවය පතමු. (ස)
මේක නරුමයෝ ඉන්න රටක් වෙලා. මන්ත්‍රීලා විතරක් නොවෙයි, සාමාන්‍යය මිනිස්සු පවා වාහන එලවන විදියෙන් තේරෙනවා.
ගොඩක් දවසකින් පත්තරේ බලන්න ගත්තේ ඩෝං ගාල දැක්කේ දෙසපාලකයෙක් සම්බන්ද දෙයක් අනේ මන්ද...? අනේ!! මගේ රටට ගිය කල! (ස)
මේවා දකින්න දකින්න මගේ රට ගැන මටම කලකිරෙනවා. නංගිලාට ඉක්මන් සුවය පතමි. (නි)
ලංකාවේ ඇමති-මැතිතුමන්ලා රිය අනතුරු වලට ලක්වන අවස්ථා සලකන විට මට හිතන්නේ මෙතුමන්ලා වැඩිහරියක් ඉන්නේ මහපාරේ කියලා. ඒ වුනාට මගේ හාමිනේ කියන්නේ මෙතුමන්ලගේ රිදුරන්ගේ නොහැකියාව කියලා. පොඩි එකා නම් කියන්නේ අනෙක් අයට හෙන ගැහුනත් වේගයෙන් යන එක මෙතුමන්ලා විනෝදාංශය කියආ. (අපි දෙන්නා නම් එහෙම හිතන්නේ නැහැ). කොහොම නමුත් එක්කෝ මෙතුමන්ලා ගෙදරට වෙලා ඉන්න ඕනෑ. නැතිනම් හරි හමන් රියදුරන් ගන්න ඕනෑ. නැත්නම් අපේ සල්ලිවලින් මෙතුමන්ලා හෙලිකොප්ටර ගන්න ඕනෑ. නැතිනම් මෙතුමන්ලට රේස් යන්න පාරවල් ටික දීලා අපි හෙලිකොප්ටර ගන්න ඕනෑ (අපේ සල්ලි වලින්). (නි)
ඔහොම ඔහොම හරි දේශපාලුවෝ ටික එක එක්කෙනා හරි මැරිලා යනවා නම් මේ රටට හොද කාලයක් එයි.(නදී)
පින්තූරය අනුව මට නම් හිතෙන්නේ ජීප් එක වෙන වාහනයකට ඉස්සර කරන්න හදද්දී බස් එකේ වැදිලා ආපස්සට හැරිලා කියලයි (නි)
උපුල්, ඔබ හරියටම හරි. (නි)
මොහු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක්. මොහුගෙ පදිචිය මාතර වල්ගම. ගමේ නම වගේම මේ මිහිහත් (අ)
රාජ උෂ්ණය තිබෙන කෙනෙක්. (අ)
පේන විදිහටනම් මන්ත්‍රීගේ වැරැද්ද වගේ. ඔය කිවුවත් වගේ මන්ත්‍රීට දෙවියන්ගේ පිහිට තමා. රියදුරාටත් කාගේහරි පිහිටයි. (නි)
සංජීව ඔයා හරි. දැන් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව 50%ක් දේශපාලඥයෝ. අර හැප්පිච්ච නංගිලා අක්කලා ඉතුරු 50%ට අයිති අසරණ අය. එයාලට දෙවියන්ගේම පිහිටයි. අපේ රටටත් ඊජිප්තුවට වගේ ලොකු වෙනසක් අවශ්‍යයි කියලා මට හිතෙනවා. අපේ ගමටනම් ඔය එක සභාවකින්වත් කරලා ඇති දෙයක්නම් නැහැ. (දී)
කව්ද මේ මන්ත්‍රී ? මොන දොරෙන්ද මන්ත්‍රීව එලියට ගත්තේ ? (නි)
ඡායාරුපය දුටුවහම නම් සිතෙන්නේ මන්ත්‍රී රියදුරා වාහනයෙන් උඩින් යාමට උත්සහ කර ඇති බවයි. වෙරිමතින් සිටි මන්ත්‍රී අසැබි වචනයෙන් බැන වැදුණු බවක්ද සදහන් වෙනවා.එය එසේ නම් සාප කලයුත්තේ මනාප ඡන්ද ක්‍රමයට. කොට්ඨාස ක්‍රමයට චන්දය තිබුනා නම් ජනතාවට බොරු පොරොන්දු දී බලයට පැමිණ ජනතාවට යකුන් පෙන්වන අය බලයට එන්නේ නැහැ. එදා සිංහලය රැක ගැනීමට මහා සඟ රුවන සිටි නමුත් අද වැඩියෙන් සිටින්නේ දේශපාලනය රකින අය (නි)
හීනෙන් ඇවිදින ලෙඩක් තිබිලා වාහනේ අරන් ගියාද දන්නේ නැහැ හිමිදිරියෙම? (නි)
පැජරෝ රථය හුඟාක් හෙමින් ඇවිත් කියලා බැලුවම පේනවා (නි)
මෙම පැජොරෝ රථය දුටු විට පෙනෙනවා මෙහි ඉදිරි පස බෆරයට අමතරයව එයට උඩින් ක්ලෑස් බාර් එකක් සවි කර තිබී ඇති බව. එම බාරය සවි කිරීමේ ඇති වැදගත් කමනම් අනතුරකදී එම වාහනයට වන හානිය අවම කරීමයි. නමුත් මෙම වාහනයේ බාරය සමග ගැටෙනා අනිත් වාහනය හෝ වෙන යම් දෙයකට සිදු වන දෙය ඉතා බරපතලයි.(නදී)
අනේ අපිට සේවය කරන්න ඉන්න අපේ මන්ත්‍රීලාට මේ වකවානුවේ හරියට අපලයි. අපි මේ ගැන ජනාධිපතිතුමාට කියලා මහ සංඝරත්නය කැඳවලා අරලිය ගහ මන්දිරයේදී ශාන්ති කර්මයක් කරන්න සුදානම් කරමුකො. (නි)
ඇයි හැමදාම රථ වාහන අනතුරු වෙන්නේ. මේවා නතර හෝ අඩු කරන්න විසදුම් ගන්නේ නැත්තේ ඇයි. හැමදාම සාකච්ඡා කරලා වැඩක් නැහැ. විසදුම් ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ නේද. මිහින් ගුවන් සේවයට සල්ලි මිලියන් ගණන් හැම අවුරුද්දෙම දීලා උඩින් යන්න හදන එකද හරි. මේවා අඩු කරන එකද. පාරවල් හැදුවට වැඩක් නැහැ. ඒවායේ යන අයට මාර්ග නීති ගැන අවබෝදයක් දෙන්න ඕනේ නේද. පාරේ යන හැම කෙනාම ගැන හිතා මාර්ග වල ආරක්ෂාව හැම කෙනාටම සලසා දීම රජයේ යුතු කමක්.(නදී)
මෙතුමන්ලගේ වාහන ඈතට හඳුනා ගන්න පුළුවන් නිවෙන පත්තුවෙන බලුප් දැම්ම නම් හොඳයි නේද. පාට පළාත් සබා අනුව වෙනස් උනාට කමක් නැහැ. නැත්නම් නිමල් කිව්ව වගේ අනෙත් රියදුන්ට සාතන්ගේ පිහිටයි.(නදී)
මත් පැන් පානය සම්පුර්ණයෙන් නතර කරන්න. රථවාහන අනතුරු අඩුවෙයි. එළවෙන ජාමේ ගංජා ටිකක් හරි අදියි. දුප්පත් ළමයි ටික රෝහලේ.(නදී)
වාහනයේ බෆරයට උඩින් යකඩ බාර් ගහන්න තහනම්. පොලිසියට මේවා පෙනෙන්නේ නැද්ද?අහිංසක ත්‍රීවීල් කාරයොයි මෝටර් සයිකල් කාරයොයි නැති වරදවල් දාලා නඩුවලට පටලනවා.ගාලු පාරේ වැඩි හරියක් ඉන්නේ නොම්බර එකේ පගා මරුවෝ ටිකක්. මාත් රුපියල් 500 ඒවා ඕනෑ තරම් දීලා තියනවා ඔය අම්බරුවන්ට.... (නි)
අපේ රට කරවන උතුමන්ලා ටොයිලට් ගියත් යන්නේ හයි ස්පීඩ් වටේ ඉන්න මිනිස්සු යට කරගෙන. මම නම් දැක්ක තැන වහනේ අයින් කරගන්නවා.(නදී)
ඔහොම ඔහොම හරි දේශපාලුවෝ ටික එක එක්කෙනා හරි මැරිලා යනවා නම් මේ රටට හොද කාලයක් එයි. සමස්ත ජනතාවගේම ප්‍රාර්ථනය ඕකම තමයි.(නදී)
මන්ත්‍රී මලේ නැද්ද?(නදී)
මේ වගේ වාහන වල ඉගිල්ලෙන මන්තිරි තුමාලාට ඇමති තුමාලටත් ඒගොල්ලන්ගේ පරිවාර තුමාලටත් හෙමින් යන්න කවදාවත් බැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ පාරේ යන අනික් උදවියට වැඩිය ඒගොල්ලෝ උසස් කියලා. හෙමින් යන්න දැන්වත් ඉගෙන ගනීවිද දන්නේ නැහැ. (නි)
මේ වාහන මේ උත්තමයලට නිකන් ලැබුන ඒවානේ. ඒවාට මොනවා වුනත් එයාලට ගානක් නැහැ. තව අලුත් එකක් වෙලාවට ලැබේවි. පාඩුව මේ රටේ මහා ජනතාවටනේ. එයින්ද කමක් නැහැ. අපි ගන්න පරිප්පු 500 නුත් අපිට ඕවලට ගෙවනවා . (නි)
අහිංසක ළමයි වෙනුවෙන් දුක් වෙමු. (ස)
මන්ත්‍රී ගිහින් තියන වේගයේ හැටියට හැපිලා අනිත් පැත්තට හැරිලා වගේ තමයි පෙන්නේ. කොහොමත් මේ දේශපාලුවන්ට හෙමින් ගමනකුත් නැහැ කරන දෙයකුත් නැහැ. (නි)
ෂෙරිෆ් අපි අල්ලටවත් කියමු මන්ත්‍රීලා බේරලා දෙන්න කියලා.බුදු දහමේ හැටියට සංඝ රත්නයටනම් බැහැ එයාලා බේරෙන්නේ නැතුව කාවවත් බේරන්න.(අ)
අනේ කාලේ වනේ වාසේ (දී)
ඊයේ රෑ ගිය ගමනද කොහෙද ? නෝනාගෙන් බේරෙන්න, එළිවෙන්න කලින් ගෙදරට බඩගා ගන්න හිතාගෙන ඉගිල්ලෙන්න ඇති. දැන් උන්දෑ ඉවරයි. කොසු පාර තමයි ගෙදර මහයියගෙන්.(නදී)
ශේරිෆ්ලා දන්නේ ඔච්චරයි තමා. සංඝරත්නය කොහෙද ශාන්තිකර්ම කරන්නේ?නොදන්නා දේ කියවලා වරිගේ නහගන්න එපා. (දී)
අසාදාරන සල්ලි වලට වෙන්නේ මේක තමා.(නදී)
මේ අය පාරක ගියත් මිනිස්සුන්ට අපලයිනේ. ඒකෙත් හැටි? (දී)
මිනීමරු ප්‍රභාකරන්වත් නැති එකේ මේ ඔක්කොම මැරිලා යනවා නම් රටට සෙතක් වෙනවා. දුක පවුලක් නඩත්තු කරන්න දුක් විදින අසරණ ළමයි ගැනයි.(නදී)
මන්ත්‍රීට කරදරයක් නැද්ද... (නි)
මේ කාලේ හැම සිද්ධියකටම වගේ දේශපාලකයෙක් සම්බන්ධයි. (ස)
බීපු මන්ත්‍රී කුනුහරුපෙනුත් බැනලා බස් එකේ යට ඉදන්. අසික්කිතයි නේද වැඩේ. අපේ ඡන්දෙන් ගිහිල්ලා අපිටම කෙනෙහිලිකම් කරනවා.(නදී)
වැරදිකරු මන්ත්‍රී තුමාගේ රියැදුර නම් දෙවියන්ගේ පිහිටයි. බස් රථයේ රියදුරු නම් සාතන්ගේ පිහිටයි. පිහිට පැතිය යුත්තේ අහිංසක දුප්පත් ඇඟලුම් සේවක සේවිකාවන් වෙනුවෙන්. (ස)