ග්‍රාම නිලධරයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා අද (22) දහවල් නීතීඥවරයකු මාර්ගයෙන් පිලැස්ස අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් ලක්ෂයක සහතික ඇප හා එක්දහස් පන්සීයයක මුදල් ඇප මත මුදා හරින්නැයි පිලැස්ස ප්රධාන මහෙස්ත්‍රාත් නාමල් බණ්ඩාර මහතා නියෝග කළේය.
ලබන 25 වැනිදා යළි අධිකරණයේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ! (නි)
මෙලෝ රහක් නැති මෙි වගේ අයව දේශපාලනයට යවල විඳවන එකයි ඇත්තේ.(අ)
මේ අය ගැන කතාකරලා කිසිම වැඩක් නැහැ. (නි)
බලමුකෝ ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා (නි)
සමහරවිට නිදොස් බව ඔප්පු කරන්න වෙන්න ඇති හැංගිලා හිටියේ (නි)
කෙනෙක් දේසපාලනය කරනවා නම් ඔහුගෙන් ඉටුවිය යුතු වන්නේ රටේ සුබ සිද්ධිය සඳහාම වූ ක්‍රියාවලියක් ....කරුමෙට මේ දෙසපාලකයන්ගෙන් අහන තරමක් අහන්න ලැබෙන්නේ දුෂණ,මංකොල්ල ,පහරදීම්,පගා ගෙසීම් වෙනි දේ පමණි.රටට අබ සරණයි. (අ)
පළාත් සභාවල වැඩි හරියක් ඉන්නේ අධ්‍යාපනයක් නැති අයයි (අ)
බලන්නකෝ! ඉදිරියේදී ග්‍රාමසේවක කියයි තමාම තමාට ගහගත්තා කියලා (නි)
හරි හරි ඔහොම යමු (නි)
මේ වගේ මිනිස්සුන්වද මහජන නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු යවන්නේ? මේ වගේ අයට ඡන්දෙ දෙන අය තමා වැරදි. වහාම මේ කෙනාට නිසි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
හරියට වැඩ කරන නිලධාරීන්ට පහර දෙනවා. ඊට පස්ස ගුටිකාපු නිලධාරියට අබ සරණයි. ගමේ චන්ඩි රට පාලනයට පත් කරපුහම ඔහොම තමයි. කවුද පති කලේ ?(අ)
අපි නම් කියන්නෙ මේ මන්ත්‍රීතුමාට රු.1500.00ක් දඩගහපු එකත් හොඳ නැහැ. එතුමා වගේ කෙනෙක් කොහොමද මේ මුදල හොයාගන්නෙ.දැන් එතුමාට ඒ මුදලත් ගුටිකාපු ග්‍රාම සේවකගෙන්ම ඉල්ලාගන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
සමහරු කල් පිරෙනකන් ඉන්නවානේ බාර වෙන්න. (නි)
පොලිසියට බාරවුණ එක නම් හොඳයි (නි)