දෙමළ ජාතික සන්ධානයේ ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මීට සුළු මොහොතකට පෙර රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
2005 වසරේදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයේ නත්තල් දේවමෙහෙයට සහභාගී වෙමින් සිටියදී පරරාජසිංහම්ට වෙඩි තබා ඝාතනය කර ඇතැයිද ඔහුගේ බිරිය ඇතුළු තවත් 8 දෙනකු වෙඩි වැදී තුවාල ලැබී යැයිද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරණ්තලා භික්ෂු ඝාතනයට කරුණාවත් අත්අඩංගුවට ගත්තොත් නරකද? පිල්ලෙයාන්ට වඩා මිනීමරුවෙක් තමා කරුණා. රාජපක්ෂ තමන්ගේ කොන්ත්‍රාත්තු කරගන්න රෙද්ද අස්සේ දාගෙන හිටියට. (බ)
අර තජුදීන්ගේ සිද්දියට තවම කව්රුවත් අත්අඩංගුවට අරගත්තේ නැහැ නේද. ඒ සැක කරුවන් ලොකු වැඩිද නැත්නම් අත්අඩංගුවට ගැනීම තහනම් නියෝගයක් අරන්ද. (අ)
සංහිඳියාව යනු පරණ තුවාල යළි තුවාල කිරීමද (අ)
මහින්දට සපෝර්ට් කරපු ඔක්කොම මොන මොනවට හරි ප්‍රශ්න කරනවා. නරක නෑ වැඩේ. (බ)
පිල්ලෙයාන් හා කරුණා අම්මාන් කොටි ත්‍රස්තවාදීන්ව සිටි බව 2009 යුද්ධය මැයි මස අවසාන වන විටත් සියළු ලක් වාසීන් දැන සිටියහ. එහෙත් ඔවුන් කල සියලු වරදවලට ඔවුන්ට ජනතාව සමාව හිමි කර දුන්නේ අවසන් සටනේදී මෙන්ම නැගෙනහිර ප්‍රදේශයෙන් රජයේ හමුදාවන්ට අත්පත් කර දීමටද කරුණා-පිල්ලෙයාන් දැවැන්ත සහයක් වූ බැවිනි. (ර)