(ඔගස්ටින් ප්‍රනාන්දු)
ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ වැඩිමහල් පුතා ජූලි 4 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා අද ( 01) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ හලාවත කුරුණෑගල පාරේ සේදවත්තේ පදිංචි වලිමුණි මැන්ඩිස් අබේසේකර ඉශාන් චතුරංග (26) නමැති අයයි.
මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර මහතාට සැකකරු විසින් පසුගිය 29 වන දින රාත්‍රියේ මන්ත්‍රීවරයාගේ නිවසේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව සැකකරු අද ( 01 ) උදෑසන පොලිසියට පැමිණ බාර විය.
මෙම සිද්ධියේදී තුවාල ලද කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රී පුත්‍රයාගෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසු ඔහුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
හලාවත පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර නීතීඥ රුවන් ප්‍රනාන්දු සහ නීතීඥ නුවන් ජයවීර යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනීසිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය තමන්ට ගහල යන ලොක්කන්ව අල්ලගන්ඩ බයයි, නිදහස් වෙනවා.. නියතයි
පුත්තලම පැත්තේ මේ වගේ වැරදි ඉතාම බරපතලයි, රිමාන්ඩ් කරන්නම ඕන. ඔය පැත්තේ අක්කර දාහක් හමාරක් එලිකෙරුව වගේද, පුපුරණ ද්‍රව්‍ය කිලෝ සීයක් හමාරක් අහුවුණා වගේද මෙව්වා, හරිම බරපතලයි.
හිස් වොඩ්කා බෝතලේකට නිවපු උණු වතුර දාලා බොන්න දෙන්න. පුත්තලමේ තියන රෝගයක් ඕක...
අනේ මේ අහිංසක පැටියව අත ඇරලා දාන්න රාලහාමි... මුණ දැක්කමත් දුකේ බෑ.. දවස් හත අටකින් හරිහමන් කෑමකුත් නැහැ වගේ පව් අප්පා... තාත්තලාගේ බූරු උෟෂ්ස්නේ ගහල තියෙන මේවගේ බුරු පුතාලා ඇතුළටම දාන එක හොඳයි.. කාලකන්නි රටට වැඩකුත් නැති, තමන්ටත් වැඩකුත් නැති පෙරේතයන්...
ලැජ්ජයි රාලහාමි ලැජ්ජයි. ගැහුවොත් ගහන්න බැරි මොකද..? ඔය හිඟන්නන්ට බයවෙන්න එපා. ඔවුන් පඩි ගන්නේ අපි ගෙවන ටැක්ස් වලින්. ආරක්ෂක අංශවල නිලධාරීන්ට මේ කියන්නේ... ඔය දියවන්නාවේ ඉන්න හිඟන්නෙක් හරි, උන්ගේ පැටියෙක් හරි ඔබට ගැහුවොත්.. ගහන්න. වැටෙන්න මගහන්න. ගුටිකාලා ලැජ්ජා කරන්න එපා...
මේ පැත්තේ ඉන්නෙම දේශපාලන ලොක්කන්ගේ ලොකුකමෙන් ඉදිමිලා ඉන්න දේශපාලු පුතාලා නේද?
ගිනි ගන්න රටක කෙළින.., අම්බරුවන් වැනි පුතුන්...
ඊලග ඡන්දෙදි තරුණ නායකත්වයට කදිමයී !