පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනය නිකුත් කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද (20) යොමු කෙරෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනකදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත යැයිද පැවසේ.
රජයක් පිහිටුවීම සඳහා වන මූලික ක්‍රියාමාර්ගය ගැනෙනුයේ ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු 196 දෙනාගේත් ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීන් 26 දෙනාගේත් නම් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ගැසට් කිරීමෙන් අනතුරුවය. නව ඇමැති මණ්ඩලය තෝරාගැනීම සිදුවනුයේද ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙම්බෝ පැනිල්ල ළඟදීම බලාපොරොත්තුවන්න..(බ)
ජනපතිතුමනි, එස්.බී. ඇතුළු නම් කළ අය නැවත ඇතුළට ගන්න. (නි)
මහින්දව පන්නලා යහපාලනයක් සඳහා අපි ඡන්දය දුන්නේ හොර තක්කඩින්ව කොහොමහරි පාර්ලිමේන්තුවට ගෙනෙන්න නොවෙයි. ජනාධිපතිටයි අගමැතිටයි කරන්න ලොකු වැඩක් තිබෙනවා. රැවටුන මිනිසුන්ගේ ඡන්දයෙන් තේරී පත්වුණත් කුඩු වලට හෝ වෙනත් අපරාධ වලට දශමයකින් හෝ නම ගෑවී තිබුන පුද්ගලයින්ට විරුද්ධව වහාම සොයාබලා අධිකරණ තීන්දුවක් ලබාගන්න. කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස මනාප නොලැබුනත් දුෂණයට නොපෙළඹී හිටපු මැති ඇමතිවරුන්ව ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කර යහපාලනයේ කොටස්කරුවන් කරගන්න. (නි)