වැට් බදු වැඩි කිරීමෙන් නොනැවතී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ වරප්‍රසාද වැඩි කිරීම බදු ගෙවන දුප්පතා පිට බැරි බර පැටවීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව පවසයි.
මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට විරුද්ධ බවද වැට් බද්දෙන් නිදහස් කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවාදැයි මෙතෙක් ප්‍රකාශ කර නැති බවද ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ රජය කාලේ ආර්ථිකය කාබාසිනියා කළා නම් ඔහුට බැන බැන සිටීමෙන් ඵලක් නොමැති බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තත්වයේ ඉන්නකොට කවුරුත් කියන්නේ ඔහොම තමයි. බැරිවෙලාවත් මේ කට්ටියගෙන් එක්කෙනෙක්වත් සබේ හිටියා නම් එයත් අත උස්සන්නේ නැතුවට මොකක්ද තිබෙන සහතිකය? (නි)
මේ වාගේ වැඩ වලට නිවැරදි පිළිතුරු අනිවාර්යයෙන් ඉදිරියේදී ලැබෙනවා ඇත. (නි)
විරෝධයපාලා විතරක් වැඩක් නැහැ මහත්තයෝ. මොකක්හරි තදබල ක්‍රියාමාර්ගයක් ගන්න (නි)
අැයි දැන් කඩේ ගිහින් එපා වෙලා ද? (බ)
දැනට ඩීල් නැති වමක් කියල ඉතුරුවෙලා තියෙන්නේ මෙතන විතරයි. හෙමින් වුනත් ඉස්සරහට යන්න දරුවනේ. හැබැයි ජවිපෙ වගේනම් ධනපති පංතිවල අතකොලු වෙන්න එපා. (බ)
මහජනතාවට වහ කුප්පියක් තියාගන්න වෙයි (බ)
ඉස්සර නම් ජවිපෙ තමයි ඉස්සෙල්ලම මේවාට විරුද්ධ වුනේ. අනේ මන්ද ඒ කට්ටියත් දැන් එජාප ශ්‍රී ලංකා හෙළ උරුමේ වගේම වෙලා නේද? (බ)
මෙහෙමවත් සහනයක් නොදුන්නානම් මේ අය ඉල්ලා අස්වන්නට ඉඩ තිබුණා (බ)
රුවනි, ආරංචිය නම් තිබෙන්නේ මේ මන්ත්‍රීලගේ දීමනා ලක්ෂ ගානකින් ඉහළ දාන යෝජනා වලට හැමෝගේම කැමැත්ත ලැබිලා කියලා. දැන් ජනතාව බුද්ධිමත්ව මේ ගැන තීරණයක් ගන්න ඕනෑ කාලය ඇවිල්ලා. (නි)
සම්ප්‍රදායක් විදිහට විරුද්ධ වෙලා තේරුමක් නැහැ. මේවා ජනතාවට කියල වැඩකුත් නැහැ.(බ)
ඇත්තටම මේ පාලකයන් ට පිස්සුද. නැත්නම් රට පාලනය කරන්න දන්නේ නැද්ද, ලංකාවේ ජනතාවට නොවීසුදුනු ප්‍රශ්න අහස උසට තියෙන කොට .පාර්ලිමේන්තු නියෝජිතයන්ට වැටුප් ඉහල දාගන්න සුදානම් වෙන්නේ. ඉතාම ඉක්මනට රාජ්‍ය .පාලන උපදේශකයින් ගේ සේවය ලබා ගත යුතුය.නැතිනම් වරදී කාලයක් යන්න පෙර අසාර්ථකම රටට වැඩක් නොකළ රජයක් බවට පත්වී ඉදිරි කාලයේ අන්ත පරාජයක් ලබනු සිකුරුය. (බ)
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩුකළ යුතුමයි. වැඩේ කියන්නේ මේකට එකල සිටිය අයයි මෙකල ඉන්න අයයි දෙගොල්ලොම විරුද්ධ එකනේ. ජනතාව එකතුවෙලා හරි දේශපාලඥයින්ගේ වරප්‍රසාද අඩුකළ යුතුයි. (නි)
මන්ත්‍රී පර්මිට් ගැන හැම පක්ෂයේම කට්ටිය ගෙන්වා ප්‍රසිද්ධ සාකච්ඡාවක් පවත්වන්න. ජනතාවට බර පටවලා සැප විඳින්න හදන්නෙ කවුද කියලා අපිට බලාගන්න පුවළුන්. (නි)
මන්ත්‍රී දීමනා විතරක් නෙමෙයි, ඇමතිලාට පන්දම් අල්ලන රාජ්‍ය ආයතන වල සිටින ඉහළ පෙළේ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා හිතු මනාපයේ හොර රහසේ වැඩි කරගත්තා සහ අදත් වෙනවා එ්කම. මේවා සොයා බැලිය යුතුයි. සැමට සාධාරණත්වය තිබිය යුතුයි. (නි)
හිටපු ආණ්ඩුවේ අය හොරා කෑවා කියනවා. මේ ආණ්ඩුවේ අය ලයිසන් ලබාගෙන දැහැමෙන් සෙමෙන් ජනතාව හූරා කන්නයි ලෑස්තිය. (නි)
අපි දහදුක් විඳලා හම්බ කරන්නේ දේශපාලඥයෝ, නෑදෑ පිරිවර සහ ඒ අයට උදව් කරන නිලධාරින් පිරිස සැපට තියන්නද? මේ ගැන වහ වහා ක්‍රියාත්මක වියයුතුයි. දේශපාලන වරප්‍රසාද සහ නිලධාරි වරප්‍රසාද අඩු කළයුතුයි. (නි)
සංස්ථා සභාපති කෙනෙකුගේ, මන්ත්‍රී කෙනෙකුගේ හා ඇමති කෙනෙකුගේ වැටුප් හා සියළු දීමනා වල එකතුව කීයද කියලා සාමාන්‍ය ජනතාවට දැනගන්නත් එක්ක සාක්ෂි සහිතව ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිල්ලා කියන්නකෝ. (නි)
රොකී, හිටපු ආණ්ඩුවේ අය ලයිසන්ද ලබාගෙන දැහැමෙන් සෙමෙන් ජනතාව හූරාකමින් එ්ත් මදිවාට තව තවත් මහා පරිමාණයෙන් හොරා කෑවේ? ඒ නිසා මේ අය එපා කියලා ඒ අයව නම් නැවත කිසිසේත්ම එපා. (නි)
රොකී, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමාට කියන්නකො බලපත්‍ර නොගෙන ඉන්න කියලා. ඒ අයත් ගන්නවා නේද මේ හැම එකක්ම. එකතුවෙලයි කන්නේ. අපි කියන්නේ මේ දේශපාලඥයින්ටයි, ඒ වටේ ඉන්න හෙන්චයියන්ටයි නිත්‍යානුකූලව දෙන දීමනා වරප්‍රසාද අඩු කළයුතුයි කියලයි (නි)
පෙරටුගාමීන් පමණක් නොවේ මේවගේ ආත්මර්ටකාමී ජන විරෝධී තීරණවලට එරෙහිව මුළු රටම පෙළ ගැසිය යුතු වේ. (ර)
මේ කරන්නේ ආර්ථිකය බිඳ වැටෙන්න පෙර මන්ත්‍රීන්ගේ මල්ල පුරවා ගැනීමයි. තව නොබෝ දිනකින් රජයේ සේවකයන්ට පඩි ගෙවීමද අත්හිටවනු ඇත. මිනිසුන්ට මේවා තේරුම් යනවිට සියල්ල සිදුවී හමාරය. (නි)
මෙන්න තවත් යහ ජන්ද ප්‍රතිළුලයක් (ම)