මන්ත්‍රී දීමනා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව ඉවත් කර ගැනීමට බදාදා පැවැති පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (24) පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ දළ සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තු ගෘහස්ත කමිටුවේ යෝජනාවක් අනුව මෙය ඉදිරිපත් කැර තිබිණි.
පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව මෙම යෝජනාව ඉවත් කර ගැනීමට තීරණය කරගත් බව කථානායක කාර්යාලය දැනුම් දී ඇත. මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ඉදිරියේදී සකස් කිරීම සුදුසු බව කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දී ඇත.
නමුත් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස හිමි නොවූ මන්ත්‍රීන් 7 දෙනකු වෙනුවෙන් කිසියම් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බවටද එහිදී එකඟතාවය පළවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාමත් හැමතැනකදීමත් හැන්ද අතේ ඇත්තෝ බෙදාහදා ගන්නා අතර හැන්ද අතේ නැත්තෝ දුක් විඳිති. වරින් වරට වසර පහෙන් පහට පාර්ලිමේන්තු යන්නේ වෙන වෙන මහජන නියෝජිත ආයතන වෙත යන්න මේ තරම්ම බෙල්ල කඩා ගෙන පොරකන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි තමන්ට බෙදා හදා ගන්න හැන්ද අතට ගන්න බව දැන්වත් වැඩ කරන අහිංසක අසරණ මහජනතාව තේරුම් ගත්තොත් අපිට හා අපේ රටට මීට වඩා ලොකු දියුණුවක් සංවර්ධනයක් ඇති වේවි. (බ)
මේ විදිහටම, තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත් ලබාදීමේ යෝජනාවත් ඉවත්කරන්න හෝ, ඉන්ධන පිරිමහන, හයිබ්‍රිඩ්, සෝල පවර් හෝ අඩු ධාරිතා ඇංජින් සහිත වාහන ලෙස සංශෝධනය කරන්න. (බ)
මොනවා කරන්නද ලිප්ටන් වටරුමට වත් යමුද බෝර්ඩ් කෑල්ලකුත් අරගෙන. (ර)
මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගත එක හොඳයි. ඒ වෙනුවෙන් සියලු පක්ෂ නායකයන්ට අපේ ආචාරය රටේ දැනට තිබෙන ආර්ථික අමාරුකම් ගැන නොහිතා, නොසලකා මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ යෝජනාවේ මුලිකත්වය ගත් අයට රජය සමාවක් නොදිය යුතුය. ඒ අයට විතරද අමාරුකම් දැනෙන්නේ ? (ර)
බයවෙන්න එපා ඔය අකුල ගත්තේ තාවකාලිකව. (ර)
මේකෙන් කොච්චර විශාල බදු ප්‍රමාණයක් රජයට අහිමි වෙනවද? පොඩ්ඩක් හිතල බලන්න. හැම අවරුදු 5 කට පාරක්ම මේ පර්මිට් දෙනවා කියන්නේ අවරුදු 20 ක් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 1000 ක් ලැබෙනවා කියන එක. මේ වගේ 225 කට දෙන්න ගියහම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? (ර)
රටේ තත්වේ හැටියට මෙවැනි යෝජනාවක් කතා කරන්නේ නැතුව හිටියනම් තමයි හොද. (ර)
මොවුන් අපේ ලස්සන ශ්‍රී ලංකාව විනාශ කරනවට අපි මොවුන්ගේ දීමනාවත් වැඩි කරදෙමු නේද? (නි)
ජයවේවා! අපිට හරිම සතුටුයි (නි)