සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවා නොගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිමේ උද්ඝෝෂණයක් අද (2) හබරාදුව නගරයේ දී පැවැත්විණි.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ ජි සි පියසිරි, ශම්මු ආරියවංශ, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ, ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්කුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් ද හබරාදුව සහ ඉමදුව ප්‍රාදේශීය සභා දෙකේ පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ඝෝණයට සහභාගී වී සිටියහ.
“ ඇයි චන්දිම අඩන්නේ අපි මොනවද කරන්නේ” “මහින්ද හොද වුණේ ඡන්දෙන් පස්සෙද?” “චන්දිමගේ දේශපාලන ගමනේ මළගම අදයි” “හබරාදුව ජනතාව ගොනාට අන්දපු කාලේ ඉවරයි” ආදී සටන් පාඨ කියමින් හබරාදුව ප්‍රාදේශීය සභාව අසල සිට ගාල්ල මාතර මහා මාර්ගය ඔස්සේ බස් නැවතුම්පොළ දක්වා ගමන් කළ උද්ඝෝෂකයෝ එහිදි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදී සිට සාමකාමීව විසිර ගියහ.
මේ අතර එම අවස්ථාවේ ඒ අසල පිහිටි හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී හිටපු ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේම ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක් පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා විසින් මෙම රැස්විම සංවිධානය කර තිබුණි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අනුරාධ ජයරත්න මහතාද මෙම රැස්වීමට සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි.. මේ වගේ අය පොහොට්ටුවට එක්කර නොගත යුතුයි.
අවස්ථාවාදී දේශපාලකයන්ට වෙන්නම ඕන.
කටුස්සන් වගේ පාට වෙනස් කරමින් ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පනින මිනිස්සු දේශපාලනයෙන් එලවා දමන්න ඕනේ.. මේ ගොල්ලන්ට ලොකු ඡන්ද පදනමක් නැත. නමුත් සන්ධානෙට කතිරේ ගහන මිනිස්සු නම ප්‍රසිද්ධ නිසා නිතර කනට ඇහිලා හුරු නිසා මොවුන්ටත් මනාපයක් ගහනවා. එහෙම වුණත් මුල ඉඳලම දුක්විඳලා මහන්සි වුන පොහොට්ටුවේ කෙනෙකුට පාර්ලිමේන්තු යන්න බැරිවෙනවා. 77 ඉස්සර තිබුණු කොට්ටාශ ක්‍රමය තිබුණා නම් මේ ගොල්ලන් පැරදිලා ගොඩක් කල්... පොහොට්ටුවට ගන්න එපා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගිහින් හදිසියේ බල තුලනයක් සිදු වුනොත් අනිත් පැත්තට පනින එක අනිවාර්යයෙන් කරනවා. මේ ගොල්ලන්ට වැදගත් වෙන්නේ බලය ධනය මිසක් වෙන කිසිම දෙයක් නොවේ .
අනේ මේ ජනතාව හිතන් ඉන්නවා ගොනාට අන්දපු කලේ ඉවරයි කියලා, ඒ ගොනාගේ නැත්නම් දැන් වෙන ගොනේක්ගේ කරත්තේ අදිනවා ජනතාව තාමත්...
05 වෙනිදා කොළඹට ගෙන්වලා කරන්න හදන්නෙත් ඒකමයි. මහින්ද කරත් චන්දිම කරත් දෙකම එකයි.
චන්දිම, ඔබ උගත් වැදගත් නොකිලිටි කෙනෙක්, ඒකාබද්දය කියන්නේ යුද්ධය සහ පෞර්ෂය යන සාධකය මතම මහින්ද වටා ගොඩනැගුනු පිරිසක්. මහින්ද නැති දවසක එයාලට අනාගතයක් නැහැ. ඔබගේ අනන්‍යතාවය රැක ගන්න. දැන් වත් පැත්තට ගියොත් වෙන්නේ අර නොවැදගත් මෝඩ වාචාල රැලටත් යට වෙලා ඉන්න.