2015 මහ මැතිවරණයට සමගාමීව ‘මන්ත්‍රී‘ (manthri.lk) වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ‘මැතිවරණ තොරතුරු මධ්‍යස්ථානය‘ ජනගත කිරීම අද (6) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
එම වෙබ් අඩවියට පිවිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථාදායක කටයුතු ප්‍රධාන සභාව මට්ටමින් සහ උපදේශක කාරක සභා මට්ටමින් සිදුවූ ආකාරය දිස්ත්‍රික්ක වශයෙන් සන්සන්දනාත්මකව තේරුම් ගැනීමටත්, සුවිශේෂ පනත් යෝජනාවලදී එම මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කළ ආකාරය තේරුම් ගැනීමටත්, එක් එක් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාධනීය සහ නිශේධනීය කරුණු තේරුම් ගැනීමටත් අවකාශ සලසා ඇත.
මන්ත්‍රීවරුන්ගේ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ඡන්ද දායකයාට දැක ගැනීමට ඉඩ සලසා ඇති අතර එහිදී ඡන්ද දායකයන් පත්කළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී විවිධ අණ පනත් සම්මත කරගැනීමේදී ඡන්දය දුන්නේ කොහොමද? , පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් සිදුකළේ මොනවාද? හා ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කෙසේද යන්න ගැන විශ්ලේෂණාත්මකව සොයාබැලීමේ හැකියාව මෙම තොරතුරු මධ්‍යස්ථානය තුළින් ලැබෙන බව එම පර්යේෂණ ආයතනයේ පාර්ලිමේන්තු කටයුතු පර්යේෂිකා සුරේඛා සමරසේන මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
manthri.lk දේශපාලනඥයින් ශ්‍රේණිගත කිරීමක්ද සිදුකරයි. එහිදී ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතුවලට ඇති සාධනීය සහභාගීත්වය, ප්‍රධාන පනත්, ව්‍යවස්ථා ආදී කටයුතුවලදී ක්‍රියාකාරීත්වය සම්න්ධයෙන් අධ්‍යයනය කිරීමක් සිදුකර ඇත. මෙම ශ්‍රේණිගත කිරීම දිස්ත්‍රික් මට්ටමින් හා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකර ඇති අතර එහිදී සමස්ත ලංකාවෙන්ම පළමු ස්ථානය එජාපයේ රවී කරුණානායක මහතාටත්, දෙවැනි ස්ථානය ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාටත් හිමිව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් වියදම් කරලා ගුවනින් ලම්බෝගිනි ගෙන්වපු අය ගැනත් තියෙනවද ?(නදී)
වැඩේ නම් ගොඩක් හොඳයි.හැබැයි කාලවේලාව මදි මේවා කියවලා තේරුම් ගන්න.මොන දේ කළත් ජනතාව තේරුම්ගත යුතුයි හරි දේ ඒ සැටියෙන් ඉටුකරන්න. මේවා රටේ තොටේ අත්දැකීමෙන් මිස පොතපතෙන් අමුතුවෙන් තේරුම් කරදීම නොවන බවත් දැනගත යුතුය. (නි)
හරියට හරි ශ්‍රේණිගත කිරීම. අලිමංකඩ යනවා කියල හමුදාව පාමංකඩ යන්නේ, කිලිනොච්චි යනවා කියල මැදවච්චි යන්නේ වැනි ඉතා බුද්ධිමත් සහ නියම සත්‍ය ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී වෙන කිසි කෙනෙකු නොකියපු නිසා ඔබලාගේ විනිශ්චය හරියටම හරි. (බ)
විශිෂ්ටයි! එ්ත් මේ නෝනා මහත්තුරු ටික නිවසේ ආරක්‍ෂිත කැමරා සවි කර ගෙනම පරිස්සන් වුනොත් හොඳයි. (නදී)
නිවැරදිම තේරීමක්. අංක 1 ට තේරුනේ ඒකනේ. (නි)
පරක්කුවෙලා හරි කරපු හොද වැඩක් (ම)
වැඩේ සුළු අඩු පාඩු තිබුනත් හොඳ දෙයක්. ඒ කාලේ මේ වගේ වැඩක් කලානම් යන්න වෙන්නේ සුදු වෑන් එකේ (නදී)
පාර්ලිමේන්තු විහිළු ගැන විස්තරත් තියනවද (නදී)
හොඳින් දැන දැනත් නේන්නම් මේ අය ගොන්නුන්ට ඡන්දෙ දෙන්නේ.(නදී)
මේක නම් බොහොම හොඳ දෙයක් (නි)
සමහරු නම් හරිම විහිළු තමයි කරන්නේ... (නි)
මේ ශ්‍රේණිගත කිරීමට මීට වඩා තව නිරිණායක යොදාගත යුතුයි (ම)
නියමයි. දැන් මේකෙන් පෙන්නුම් කරනවාද කොපමණ කුඩු කිලෝ ග්‍රෑම් විකුණලා තියෙනවද කියලා? පොදු දේපල හොරකම් ගැන විස්තර තිබෙනවාද? ස්ත්‍රී දුෂකයන් හෙළිකරනවද?මාල කඩන හොරුන් ගැන විස්තර තිබෙනවාද? මිනීමරුවන් ගැන හෙළිකරනවද?වැඩේ හොඳයි.හොරුන්ව හෙළිකරනවා නම් නියමම තමයි (නි)
අගේ කළයුතු කාර්යයක්. නිර්නායකයන් හා දත්ත පිළිබඳව නැවත සිතා බලන්න වේවි.(ම)
මේ සියලු තොරතුරු පුවත් පත් මගිනුත් ප්‍රසිද්ධ කරන්නේ නම් වඩාත් හොඳ යයි සිතමි.(ම)
විශිෂ්ටයි! මෙන්න වෙන්න ඕනෑ වැඩ. අපිට ඕනෑ ඒකාධිපති පාලනයක් සහිත හොරු රැලක් පාලනය කරන මවුබිමක් නොවෙයි. යහපත් පාලනයක් සහිත රටක් . (නි)
මෙම ක්‍රමයට ශ්‍රේණි ගත කිරීම අසම්පුර්ණයි . මේකෙන් ජනතාවට වැරදි පණිවිඩයක් දෙනවා .(ම)
ඉතා අගය කළයුතු යුගයේ අවශ්‍යතාවක්. ජනතාවට දැන් හොඳ තීන්දුවක් ගතහැකිය. නමුත් වැඩි දෙනෙකුට අන්තර්ජාල පහසුකම් නැති නිසා ඡන්ද කොට්ඨාශ මට්ටමින් හෝ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කළොත් හොඳයි. (නි)
වැඩේ නම් ගූඩ් එ්ත් හරියට කළා නම්. (නදී)
හොඳයි. අපිට දැන් පහසුවෙන්ම පුලුවන් පුටු රත්කළ අය සොයාගන්න (නි)
බොහොම වටින වැඩක්. මේ ගොල්ලෝ යම් යම් නීති විරෝධී වැඩවලට චෝදනා ලබල තියෙනවා නම් ඒවත් සඳහන් විය යුතුයි. උසාවියෙන් වරදකරුවෙකු විය යුතුම නැහැ. කොටින්ම කිවහොත් පින් පවු දෙකම සඳහන් විය යුතුයි. ඡන්දදායකයට හුඟක් පහසුවේවි මේගොල්ලෝ ගැන නිගමනයකට එන්ට. මෙම වෙබ් අඩවිය දිගටම ක්‍රියාත්මක කල යුතුයි.(නදී)
මරු ශ්‍රේණි ගත කිරීම. කොහෙන් හරි කුට්ටියක් කඩාගෙන වෙන්න ඇති(නදී)