පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජී එච් අජිත් කුමාර මහතාගේ කාර්යාලයයට අද පස්වරු හතට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා පොලිසියේ පස් දෙනකු පමණ බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි මන්ත්‍රීවරයා පොලිස්පතිට පැමිණිලි කළේය.
ඔවුන් කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් නැතිව කාර්යාලයයට ඇතුළු වූ බවත්, තමාගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු විසින් පොලිස්පතිට යැවුණු ලිපියේ සඳහන්ය.
මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න එපා ඕවා එච්චර (නි)
ගණන් ගන්න එපා අජිත් කුමාර මහත්තයෝ ඕක තමා යහපාලනය (නදී)
සම්බන්ද කරගන්න ලැබුණා නම් හොඳ වැල් බොරුවක් කියවන්න තිබුන.(අ)
උසාවි නියෝගයක් නැතුව ඇතුළු වෙන්න බැහැ නේද? (නි)
අය වැයට විරුද්ධ නොවුන නම් ඕක වෙන්නේ නැනේ. (අ)
මේකයි අයවැයයි අතර සම්බන්ධයක් නැහැ. (ර)
හොරෙන් හැංගිලා ඉන්න අය හොයන්න ඇවිත් ඇති .(දිල්)
ජනතාවට සහන දුන්න අය වැයට විරුද්ද වුණ කෙනාද (අ)