‘ඇඹිලිපිටිය පොලිසිය ඉස්සරහ පාරේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම තියනවා. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරින් සම්බන්ධවෙලා පොලිස් ස්කෝඩ්එක ඇතුව ඇඹිලිපිටියෙන් ගංජා අදිනවා. ඇඹිලිපිටියේ හොරට ගස් කපන්නේ පොලීසියේ ඉහළ නිලධාරින්ගේ සහාය ඇතුව. ගණිකා වෘත්තිය ඇඹිලිපිටියේ කෙරෙනවා. වැටත් නියරත් ගොයම් කනවා නම් ඒ බව කාට කියන්නද? මෙවගේ මහ කාලකණ්නි තත්ත්වයක් තියෙන්නේ අද. ඇතැම් පහළ දේශපාලකයන් පොලීසිවලට බලපෑම් කරන බව මම දන්නවා. ඒ බලපෑම් මත නිලධරයන් පරල වෙලා.‘ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනි රෝහණ මහතා එසේ පැවසීය.
රුපියල් ලක‍්ෂ එකසිය විස්සක් වැය කර ඇඹිලිපිටිය නගරයේ අලූතින් ඉදිකළ සුරාබදු කාර්යාලය විවෘත කරමින් සිකුරාදා මන්ත්‍රීවරයා එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම කට්ටිය එකයි කියන දේ නෙමේ කරන්නේ.(ස)
රුවන්පුර පුරවැසියෙක් විදියට මට අහන්න තියෙන්නේ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුවන ඔබට කරන්න දෙයක් නැත්නම් හුදී ජනයින් වන අපිට කිව්වා කියල අනේ අපි මොනොව කොරන්ඩද ?(නදී)
ඇයි කලිනුත් කිව්වනේද මේ වගේ දේවල් ලෝකේ ඕනෑම රටක වෙනවා කියලා. සද්ද නොකර කරබාගෙන ඉන්නකියලා. ආයිමත් කියවා ගන්න ඕනද?(නදී)
මම මේ නොදන්නා නිසා අහන්නේ , ලංකාවේ පොලිසියේ අය ඇදුම් අදිනවද ? (අ)
එහෙනම් කියමු බලන්න ඊළඟ ඡන්දෙට කටවුට් ගහන්න කොහොමද සල්ලි හම්බ කරන්නේ කියලා.(නදී)
ඔබ තුමාට මේක තේරුනට ලොකු උදවියට එහෙම තේරුමක් නැහැ. එකනේ ස්වාදීන ආයතන නොපිහිටුවන්නේ.(නදී)
එල එල ඔබට අපේ ප්‍රණාමය (අ)
ඔන්න කෙල පාර මුනටම එනෝ.(නදී)
පොලිස් ලොක්කෝ කුඩු,කසිප්පු,ගංජා, හා වෙනත් නීති විරෝධී ස්ථාන වලට ඇතූල්වන්නේ හරියට සිංහයෝ වගේ සාමාන්‍ය ජනතාවට පේන්න. නමුත් ජරාව අරගෙන එලියට එන්නේ බල්ලෝ වගේ. පොලිසිය හරියට නීති ක්‍රියාත්මක කෙරුවොත් ඔය සියලුම ජරාවැඩ නවත්වන්න පුළුවන්. මුලින්ම පොලිස්සියේ සියලුදෙනාගේ වත්කම් පරික්ෂා කරන්න ඕනේ.(නදී)
මේ කතා විහිලු දේශපාලනයයි පොලිසියයි අපේ මව්බිම දිනෙන් දින විනාශ කරනවා.(නදී)
මේ දෙගොල්ලොම එකගෙයි කනවා. බොරුවට මාධ්‍යට බයයි කියනවා විතරයි. ඔය එකක්වත් නඩු දාල ඔප්පු කරලා නෑනේ. උනුත් හොරු. මුනුත් හොරු. අපිත් මෝඩයෝ. නායකයෝත් මෝඩයෝ. ඔහොම යන්.(නදී)
කරන්න බැරි ඒනම දෙයක් ජනාධිපතිට කරන්න පුලුවන් නේද? ඇයි තවත් පරක්කු ? නැත්නම් මේවට වග කියන්න වෙයි.(නදී)
ඡන්දයක් ලග එනවද? කල්පනාවෙන් ඉන්න.(නදී)
වත්තල පොලීසියත් එහෙම තමයි. ලොක්කා හොද උනාට පොඩ්ඩො හොරු. හොරු ඈල්ලුවම බඩු ටික පොලිසියේ අය මාටියා ගහනවා. හොරා ටික දවසක් පොලීසියේ තියා ඉදලා මුකුත් හම්බ උනේ නෑ කියලා ගෙදර යවනවා. එක්කෝ අයිතිකාරයට හම්බ වෙච්ච බඩුවලින් ටිකක් දීලා හොරා ගෙදර යවනවා. ස්තානාදිපතිතුමා සම්මන්ත්‍රනයකට රෑස්වීමකට ගියොත් කසිප්පු කඩ ඔක්කොම අරිනවා.(නදී)
අසේල, ඔබ තුමාගේ පෑන කඩු පතකි. මගේ ආචාරය!(නදී)
එකට කාලා පාවා දීමක් වත් ද? (ස)
ලංකාවේ පොලිසිය අපිට දැන් එපා වෙලා.. මීට වැඩිය සාදාරන ආයතනයක් තියෙන්න ඕනෑ. (නි)
රට කරවන්නනම් මසුරන් නැතිව බැරි වටිනා තියන දෙය විකිණිය යුතුය රටේ.(නදී)
මත්කුඩු මත් පැන් නිසා බාල අපරාද වැඩියි. සිංහලයා නැති කරන්න අපිට මේවා අසල් වැසියෝ ගෙනත් දෙනවා. මේවා සංවිදානාත්මකව කරන වැඩ. පාසැල් අතුලෙත් ඇතිවන්නේ ඒ ආනිසංසයි.(නදී)
අවබෝධ කරගත යුතු යථාර්ථයක් තිබේ. මේ අප අත්විදින්නේ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් කොන්ත්‍රාත් ගෙන කුලියට මිනීමරන රටක, නඩුකාර හාමුදුරුවරුන් නඩු දිනවීම සදහා කප්පම් ගැනීමට ගොස් අල්ලස් කොමිසමට කොටුවී බන්ධනාගාර ගතවන රටක ජීවත්වීමේ අසිරියයි. මේ හෙළිදරව් වන්නේ අපේ ප්‍රාර්ථනාවන්හි ස්‌වරූපයයි. මේ කිසිවක් අහම්බයන් නොවේ. ඔවුන් අප අතර ආකෘස්‌මිකව, හුදකලාව පහළවන්නේත් නොවේ. මේ අප විසින් කැටයම් දමා නිපදවා ගත් සුරුවම්ය. අප ජීවත් වන්නේ අප විසින්ම නිර්මාණය කරගත් මෙවැනි නිමැවුම් පිරිවරාගෙනය. අපරාධකරුවන් යෑයි උපකල්පිත පුද්ගලයින් පාරවල් අයිනේ මැරී සිටින විට, බලයේ අවශ්‍යතා මත මිනිසුන් සාධක රහිතව අතුරුදන් වනවිට ඒ බිහිසුණු අනීතික වටපිටාවෙන් ත්‍රිල් ගෙන හුරේ දැමූ සමාජයකට ලැබිය යුතු දේ වාස් ගුණවර්ධනලා ඒ ආකාරයෙන්ම ලබා දී තිබේ. දැන් කළ යුත්තේ කන් කෝදිරි නොගා එය පිළිගැනීමය.(නදී)
ගිනි අවි සහ ගිනි කෙලි ... (නි)
දිනෙන් දින උග්‍රවන ජනතා අප්‍රසාදය නොමගට හැරවීමේ කුට උපක්‍රම මේවා මේවා අපට කියල අත පිහදාගන හරියනවද. අනික කවුද පොලිසිය මාරුවෙන් මාරුවට දෙසපාලනි කරනේ කලේ ? (ත)
මහත්මයාණනි, ඔබ තුමාට බොහෝම ස්තුතියි මේ හෙලිදරව්වට. කරුණාකර ඉහළට මේ බව පුද්ගලිකවම සැල කොරන්ඩ. තීන්දුවක් ගනීවිද කියා බලමු.(නදී)
අපේ රටට කුඩු එන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ ඇතුලේ කුඩු බෙදන්නේ වැඩියම පළාත් සභා මන්ත්‍රීලා. රටේ වැඩියම කුඩු ගහන්නේ සිංහලයෝ. පළාත් සභා වහාම නීති ගත කළ යුතුයි. ඉන්දියානු ජාතිවාදයට එරෙහිව නැගී සිටිමු.(නදී)
වැටත් නියරත් ගොයම් කනවා නම් ඒ බව කාට කියන්නද? (අ)
කාගේ උනත් තියෙන වරද කියන්න ඕනේ (දී)
ඔහොම කතා වරින්වර ඇහෙනකොට අපටත් හරි සන්තෝසයක් දැනෙනවා. දයා කියනවා වගේ මේවා සමහරවිට එක පැන් පහරින් ඉවර කරන්න පුළුවන් බව අපටත් පෙනෙනවා. සමහර දේවල් ක්ෂණයකින් විසඳෙන හැටි බැලුවාම. ඒක එහෙම නොවෙන්නේ ඇයි කියන එක නම් රාජ්‍ය රහසක්.(නදී)
මෑතක පළවූ බොහෝ වාර්තා වලින් පෙනෙනවා ලංකාවේ පොලිසියේ ලොකු ප්‍රශ්නයක් තියෙන බව. මෙවන් අවස්ථාවල වෙන රටවල් කරන්නේ ස්වාධින කොමිසමක් පත් කරනවා මේ ගැන හොයා බලන්න. එවැනි කොමිසන් වාර්තා ඊට පසුව ක්‍රියාත්මක කරනවා. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ කවුරුවත් එහෙම දෙයක් ගැන ඉල්ලන්නෙත් නැහැ. රජය ඒ වගේ දෙයක් කරන්න අදහසකුත් නැහැ. මේක අපි කාගේත් අවාසනාව. (නදී)
මෙන්න බයිලා.(නදී)
රට කරවන ඔබතුමන්ලත් මෙහෙම කියනවනම් අපිට මොනවද අපේ රට ගෙන කියන්න වෙන්නේ (ත)
දැන් ලැබෙන ආරංචි අනුව ,ඇඹිලිපිටියේ පමණක් නෙවේ ,රටේ හැම තැනම ,වෙන්නේ එකම දේ තමයි. කියලා වැඩක් නැහැ! අන්තිමේ පැමිණිලි කරු අමාරුවේ..(ත)
මම නම් කැමතියි ප්‍රාදේශීය දේශපාලකයෝ පොලිසියත් එක්ක ගැටෙන එකට. බළල් වලි න්‍යාය අහල තියෙනවද? බළල්ලු දෙන්නෙක් පොරකන කොට ඉතිරි වෙන්නේ වලිග විතරයි. කුණු දේශපාලුවන් සහ එක ගෙයි කන දූෂිත පොලිස් නිලධාරිනුත් අවසන් වූ දවසට යහපත් පුරවැසියාට සහනයක් ලැබෙයි. (නදී)
මන්ත්‍රී තුමා, පොලිසිය නිරුවත් වෙලා දැන් ගොඩක් කල්නේ. ඔබ තුමාගේ නිරුවත් කිරීම බොහොම ප්‍රමාද උනා කියලා හිතෙන්නේ නැති ද ? දොසක් වේ නම් ගැත්තහුට සමා වන සේක්වා!(නදී)
ගෙදර බල්ලා පාරේ යන මිනිස්සු කනවනම් ගෙදර මිනිහා වග කියන්න ඕනේ. ආණ්ඩුවේත් දේශ පාලෙනෙන් ඉන්න ඒ අයෙගේ වැඩ ගැන ලොක්ක වග කියන්න ඕනේ. පන බයට කවුරුත් කතා කරන්නෙ නැහැ.(නදී)
ඒක හන්දනේ ඔයාගේ කට්ටිය පනාමුරේදී පොලිසියේ අයට එලව එලවා ගැහැව්වේ. ගහපු එකම තමයි හොඳ . එනවා මෙතන. (නදී)
මෙහෙම කියන ගමන් සුරා බදු කාර්යාලයක් නොවැ විවෘත කරලා තියෙන්නේ හැබෑට.(නදී)
මන්ත්‍රී තුමා ට බොහොම ස්තුතියි. මේ ගැන ඔබ තුමාට වඩා ඉහල තැන නොදදන්වා ඇති? ඒකයි ප්‍රස්නේ. ඔබ තුමා ඇත්ත කීම ගැන මගේ මනාපය.(නදී)
අනේ ඇමතිතුමෝ ඕව කොහෙත් තියෙනවාඅ. මම කියන්නම් ඕනනම් තලංගම හොරණ බොරලැස්ගමුව මොරටුව තව කොච්චර කිව්වත් ඔච්චරයි. ඕවා නැත්නම් කොහොමද ආණ්ඩුවේ පඩියෙන් මාලිගා හදන්නේ. ඕනා නම් හොයලා බලන්න තලංගම ස්ථානාධිපති ගෙයක් හදනවා ජා ඇල කොහොමද කියලා. මුළු බත්තරමුල්ලේ ඉදල මාලබේ වෙනකම් ඉන්න ව්‍යාපාරිකයන්ට හරි කරදරේ. මෙයාව කොහේටවත් මාරු කරන්න හැදුවොත් ඇමති තුමා බේරනවා. කාට කියන්නද ගෝඨාභය මහත්තයා දැම්මා කියලා එයා කියනවා එයාව හොල්ලන්න කාටවත් බැහල්ලු මේක ප්‍රසිද්ද රහසක්ද? එකත් මම දන්නේ නැහැ.(නදී)
පොලීසිය නිරුවත් වෙලා විතරක් නැවතිලා නැහැ දැන් අසුචිත් කනවා.(නදී)
පොලිස් අත්අඩංගුවේදී මිස්සු මැරෙනවා, මිනී මරන්න පොලිස් ලොක්කෝ කොන්ත්‍රාත් ගන්නවා, කංසා වැවීම හා ප්‍රවාහනයට පොලිස් ආරක්ෂාව, පොලිස් නිලධාරීන් කුඩු හා කසිප්පු මුදලාලිලාගේ සාක්කුවේ. දැනට උසාවියට ඉදිරිපත් කරන්නෙත් පොලිසියට ඕන නඩු විතරක් නිසා නුදුරු අනාගතේම විද්‍යුත් මාධ්‍යයෙන් ජනතාව සිය අවනඩු උසාවියට කියනකොට පොලිසියක් කුමටද? ඒ නිසා රටට අවශ්‍යවන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයේ පොලිසියක් නොවන බව ඉස්තිරයි.(නදී)
පොලිසියේ නිලධාරීන්ට පවුල් රකින්න පඩිය මදි. වෙන අයට වැරදි කරන්න හොදනම් මොකද එයාලට බැරි .(නදී)
ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්නේ මොකටද
සමහර ඇමති වරු පොලිසිය නිරුවත් කරනවා . සමහර ඇමති වරු මන්ත්‍රී වරු ඔවුන්ම නිරුවත් වෙනවා . හොඳ නරක දෙකම රිය සක වගේ . අපේ පොලිසිය ගොඩක් වෙලාවට ඔවුන්ම නිරුවත් කර ගන්නවා . වෙන අයට එක කරන්න අවශ්‍ය නැහැ . (ත)
පුදුම වෙන්න දෙයක් නැහැ, අපේ කට්ටිය පාතාලේ අයව ආයුද බලන්න එක්ක ගිහින් මැරුවම හුරේ දැම්මා, නීතිය බල්ලට ගියා. ලොකු කට්ටිය වෙනුවෙන් කරපුවා දැන් පොලිස් කාරයෝ තමුන් වෙනුවෙන් කරනවා. ලගම උදාහරණෙ වාස්. සිවිල් සමාජේ දැන් හිරි වැටිලා තියෙන්නේ, අපි වපුරපු දේම තමා ඔය නෙලා ගන්නේ.(නදී)
කවුද සර් එව්වේ කියක් ඕනද හැන්දවෙලා සෙට් වෙමු. එහෙනම් මේක තියාගන්න පස්සේ බැරිය සෙට් වෙන්න. ඔය ටික ඇති පොලිසිය බැලන්ස් කරන්න.(නදී)
කෝටිගණන් වටිනා කාර්යාල ඕන නැහැ ඔය සුරා හල බලපත් නැති කලානම් මහ ජනතාවගේ මුදල් ඉතුරුයි.(නදී)
ඔබට ජය වේවා! (නි)
පොලිසියත් දැන් හරාම් වෙලා.(අ)
ප්‍රකාශය නම් හොඳියි .එත් ඉතින් කොහොම විශ්වාස කරන්නද...යටින් ගේම ගෙනියනවද දන්නේ නෑ වගේ..(අ)