මගීන් 110 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 6 දෙනකු රැගෙන ඇල්ජීරියායේ ඇල්ජියර්ස් අග නුවරට පියාසර කරමින් සිටි ඇල්ජීරියා ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු පනහකට පසු සන්නිවේදන සබඳතා නැති වු බව ඇල්ජීරියා රජයේ පුවත් සේවය කියයි.
ස්පාඤ්ඤයේ ස්විෆ්ට් ඒයාර් ගුවන් සමාගම මෙම යානය කුලීයට ගෙන තිබිණි.
මගීන් 116 දෙකු රැගත් ඇල්ජීරියා යානය නයිජර් ප්‍රදේශයේ දී කටා වැටෙන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම යානය දුහුවිලි කුණාටුවකට අසුවුන බව කපිතාන් පවසා ඇති බව උදයේ ප්‍රවෘත්ති වලට කිව්වා.(අ)
අම්මෝ බයේ බැහැ! මම ඉතාලි යන්න කියලා ඉන්නේ. දැන්නම් ඉතින් මෙහෙටම වෙලා ඉන්නවා (නි)
නෙහාරා නංගි, ඔයාට පාස්පෝර්ට් තියෙනවද? (නි)
ගුවන් මගීන්ට මොන අපලයක්ද මේ? (නි)
ඩුබායි තිලක් ඔහෙටම වෙලා ඉන්න..අපි දරු පවුල බලා ගන්නම්. මෙහෙට පාරේ බස් එකේ එන්න පුළුවන් වුනු දවසක එන්න. ප්ලේන් එකට නම් නගින්න එපා. (නදී)
එකනේ අපි බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න හදන්නේ..(අ)
මම දන්නා කෙනෙක් කිව්වා අපේ මිහින් ලංකා ගුවන් යානා පනයනකම් දුවනවා විතරලු. අළුත්වැඩියා කීරීම අන්තිම දුර්වල විදිහට. මොකද දැන් බජට් ගුවන් ගමන් මිහින් ලංකා අඩුවට ටිකට්. කරදරයක් වෙන්න ඉස්සල්ල බලධාරීන්ගේ ඇස මේ ගැන යොමුවේවා කියල ප්‍රර්ථනා කරනවා. මොකද දෙයක් උනාට පස්සේ අපේ රටට සහ ගුවන් සේවා වල නමට කැළලක්. (ස)
නැවු ගිලෙනවා.... ගුවන් යානා අතුරුදහන් වෙනවා ... කඩා වැටෙනවා.... මොනවද මේ වෙන්නේ? (නි)
සෑම ගුවන් මගියෙකුටම කපු මහත්වරුන්ගේ කුඩයක් අනිවාර්ය කරමු. හදිසියකදී පැරිෂුට් එකක් ලෙස යොදාගැනීමට... (නි)
නෙහාරා නංගි කොහොමත් ඉතාලියට එන්නේ නැතුව ඔහෙටම වෙලා ඉන්න. (නි)
අම්මෝ නෙහාරා, ඔයා නම් කීයටවත් ඉතාලි යන්න එපා. (නි)
වැඩේ කියන්නේ මේ අතුරුදහන්වීම් ඔක්කොම වෙන්නේ ඇමෙරිකාව විසින් ප්‍රශ්න ඇතිකළ රටවලට උඩින් යනකොට වීමයි. යුක්රේනයේ ඇමෙරිකානු ගැති ආණ්ඩුව වගේම නයිජීරියාවේ ඇමෙරිකානු බුද්ධි අංශ විසින් බිහිකළ බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් සිටීම ගැන සැළකිළිමත් වියයුතුයි (නි)
මට නම් හිතනකොටත් බයයි (නි)
ඩුබායි තිලක් , මිහින් ලංකා එකේ එන්න. (නි)
උඩින් යන අය කවදාහරි, කොහොමහරි බිම වැටෙනවා. යථාර්ථය එයයි (නි)
රජින්දගේ කතාව සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. මටත් හිතෙනවා එ්ක හරි කියල. (නදී)
මම දැන් ඉන්න ආණ්ඩුවේ ගොඩක් වැඩ වලට අකමැති මිනිහෙක්. විශේෂයෙන්ම හොර ඇමති මණ්ඩලයට. කොහොම හරි ලංකාවේ ගුවන් යානයකට එහෙම උනානම්, අපේ රටේ විරුද්ද පක්ෂයට නත්තල් තමයි (නදී)