IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මූනුත් සෙල්ෆි ගහයි

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් (72) ශ්‍රී ලංකා සංචාරයේ දී ඓතිහාසික ගාලු කොටුවේ දී ඔහුගේ හා බිරිය යූ සූන් ටීක් ගේ සෙල්ෆි ඡායාරූපයක් ගත්තේය. එය ඔහුගේ ජංගම දුරකතනයෙන් නොවේ. ඔහු සමඟ සංචාරයට ආ එක්සත් ජාතීන්ගේ සේවකයෙකුගේ කැමරාවෙනි. ඔහු ශ්‍රී ලාංකිකයෙකි ෆාදීල් බාකීර් මාකර්ගේ කැමරාවෙනි. ෆාදීත් හිටපු ඇමති ඉම්තියාස් බාකීර් මාකර්ගේ පුත්‍රයෙකි.

මූන් ලොව තිස් දෙවැනි බලවත්ම පුද්ගලයා බව ෆෝබ්ස් සඟරාව කියයි. ඔහු දකුණු කොරියාවේ තෙවැනි බලවත්ම පුද්ගලයාය.

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා මූන් මහ ලේකම් පදවියෙන් සමුගනී. ඔහු ඉන් පසු දකුණු කොරියවේ ජනපති තරගයට ඉදිරිපත් වෙතී දැනගන්නට ඇත.

මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක් කළ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් එරීනා බුකෝවා, නවසීලන්ත අගමැති හෙලන් ක්ලාක්, පෘතුගාල අගමැති ඇතුළු කාන්තාවන් සිව් දෙනෙක් හා පිරිමි පස් දෙනෙක් ජගත් මහලේකම් තනතුරට තරග වදිති.

තරගකරුවන් වැඩි දෙනා නැගෙනහිර යුරෝපය,බටහිර යුරෝපය හා ලතින් ඇමරිකා නියෝජනය කරති. ආසියාවෙන් කිවසිවෙකු තරගබිමට ඉදිරිපත් වී නැත.

නිල නොවන මහජන මත වලින් දැනට පෙරමුණේ සිටින්නේ නෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් එරීනා බුකෝවා ය.

mmmmm



අදහස් (0)

මූනුත් සෙල්ෆි ගහයි

වසන්ත Friday, 02 September 2016 09:12 AM

ඇමති පුතාල හැමෝම හොද තැන්වල ? (බ)

:       0       0

නලින් ජයසූරිය Sunday, 04 September 2016 12:38 PM

ෂා නියමයි (බ)

:       0       0

ජයරත්න Saturday, 03 September 2016 02:32 AM

හරිම සාමාන්‍ය මිනිස්සු මෙයාලා (නි)

:       0       0

දුමින්ද Monday, 05 September 2016 12:05 PM

හොදම මුණ, කාගේද.? (ර)

:       0       0

ජයසේකර Friday, 02 September 2016 02:01 PM

ඉමිතියාස් බකීර් මාකර් හොඳ මහත්මයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site