ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජපන් මිත්‍රත්ව පාරේ කැලෑ රොදක් අසලදී තරුණියකට අතවර කරන්න ගිය බව කියන යතුරු පැදිකරුවකු සැකපිට අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
අද (22) රාත්‍රී 8.30 ට පමණ අදාළ සිදුවීම සිදුවී ඇති බවත් එම තරුණිය කෑ ගසාගෙන පාර පනිනු දුටු රියදුරන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමෙන් පසු පොලිසිය එනතුරු සැකකරු රඳවාගෙන ඇතැයිද කියති.
අදාළ තරුණියගේ මැනේජර්වරයකු වන සැකකරු ඇයට බෙහෙත් අරන්දීමේ මුවාවෙන් ඇය එහි රැගෙන ආ බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිය කැමැත්තෙන් ආවත්, පාර මැද අතවර කරන්න ගියාම කෑනොගහා ඉන්නවද? මෙයා පුදුමාකාර මෝඩ මැනේජර් කෙනෙක්නේ (නි)
අසනීප නම් රාජකාරි වෙලාවේ තව සේවිකාවක් එක්ක නේද යන්න ඕනෑ? (නි)
තරුණියත් දැනගන්න එපැයි හත් දෙවියනේ! මිනිහෙක් එක්ක මහ රෑ එහෙම යනවද? (නි)
කොහොමද වැඩ? හැමතනම දැන් මේවා පැතිරිලා (නි)
අනේ මෙහෙමත් වැඩ? (නි)
තැනක්-නොතැනක් නැති කෙනෙක් (බ)
බොලව් රටේ මෙච්චර අපරාධ සිද්ධ වෙලත් ,මුන්ගේ තියෙන බය නැතිකම,ඕකට ඉතින් සම්පුර්ණ වගකීම ඉතින් යහ පාලනය තමා (බ)
අපරාදේ බෙහෙත තවම කුප්පියේ ඇති (ම)