එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර කේතුමතී බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය 15 වැනි වතාවටත් පැවැත්විණි.
කේතුමතී විහාරස්ථානාධිපති පිදිවිල්ලේ පියතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු පිංකම සඳහා බර්මින්හැම් නුවර ජේතවන විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, එම විහාරවාසී මාපලගම සෝරත හිමි, බෙරගම පියරතන හිමි, තිස්සපුර සුගතරතන හිමි,නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරවාසී මල්දෙනියේ චන්දාලෝක හිමි, මැන්චෙස්ටර් කේතුමතී විහාරවාසී ගල්පොතයයේ පේමානන්ද හිමි සහ පන්නල සුමන යන හිමිවරුන් වැඩම කළහ.
මැන්චෙස්ටර් නගරය අවට පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක්ද සහභාගී වුහ.කේතුමතී දහම් පාසලේ දරුවෝ දෙමාපියෝ සහ දායකයෝ පිංකම සංවිධානය කළහ. වෛද්‍ය නාලිනී ගජවීර සහ බන්දුල ගජවීර පවුලේ සැමදෙනා ප්‍රධාන දායකත්වය දැරුහ.
තෙල්දෙණියේ අමිත හිමියන් විසින් කඨින චීවර පුජාවෙහි ඇති වැදගත්කම විස්තර කරමින් අනුශාසනාව පවත්වනු ලැබීය. පිංකමෙහි වැඩකටයුතු ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සඳහා උපකාරී වූ වැඩමකළ මහා සංඝ රත්නයට, විහාරස්ථානයේ දායක කාරකාදීන්ට, දහම් පාසලේ දරුදැරියන් සහ දෙමාපියන් හට සහ පිංකමට සහභාගී වූ සියලු දෙනාටම උන්වහන්සේ පුන්‍යානුමොදනා කළහ.
තිස්සපුර සුගතරතන හිමි ඉංග්‍රීසි බසින් ධර්මදේශනාවක් කළහ.
දහම්පාසලේ ඉගෙනුම ලබා අවසන් විභාගය සමත්වූ අයේෂා මැදගොඩ, ප්‍රභාශ ඔමාල් ජයවර්ධන, හරිනි රත්නායක, අයින්දා ගමගේ, අනුක්ෂා අමරසේන, ඉනූශි රණවීර සහ නධීර හෙට්ටිපතිරණහෙලගේ යන සිසු සිසුවියන්ගේ සහතික පත් ඔවුන් වෙත පිදිවිල්ලේ පියතිස්ස හිමියන් අතින් පිරිනමනු ලැබීය.
කේතුමතී විහාරස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධ විස්තර දිමුතු ජයවන්න විසින් ඉදිරිපත් කෙරුණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා සාර්ථකව ඉටු වුනේ , සැදැහැවත් ශ්‍රී ලංකා වාසීන්ගේ සහයෝගයත් සමහර බෞද්ධ විදේශිකයන්ගේ සහයෝගයත් නිසා , සිලල්ලන්ට ස්තුති කරමි.(හේ)