(කුෂාන් ජයවර්ධන)
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමෙන් අනතුරට පත් මීනගයා දුම්රියේ මැදිරි රැසක් මේ වනවිට පීලි ගත කර තිබෙන අතර එම කටයුතු අද (22) රාත්‍රියේදීත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.
ඒ මහතා මෙසේ ද පැවැසීය.
‘‘මහව හා ත‍්‍රිකුණාමලය ධාවනාගාර ෆෝමන්වරුන් හා දුම්රිය මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් පිරිසක් එක්ව අනතුරටපත් මැදිරි හා දුම්රිය එන්ජිම පීලිගත කිරීම් ආරම්භ කර තිබෙනවා.
දැනට මැදිරි 6ක් මෙම ස්ථානයෙන් ඉවත් කරගැනීමට හැකිව තිබෙනවා. තවත් මැදිරි 4ක් හා දුම්රිය එන්ජිම පීලි ගත කිරීමට ඉතිරිව තිබෙනවා. එම මැදිරි හා එන්ජිම පීලිගත කිරීම සඳහා කොළඹ ධාවනාගාරයේ සිට විශේෂ දොඹකරයක් මෙම ස්ථානයට ගෙන්වා ගැනීමට සිදුව තිබෙනවා. කාලගුණික තත්ත්වයේ බලපෑමක් ඇති නොවුණහොත් හැකි ඉක්මනින් මෙම කටයුතු නිමාකරමින් දුම්රිය ධාවනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා‘‘ යැයිද කීය.
පීලී පැනීමෙන් අනතුරටපත් මිනගයා දුම්රියේ ඉතිරිව තිබූ මැදිරි 4 න් තවත් මැදිරියක් අද රාත‍්‍රිය වන විට එම ස්ථානයෙන් ඉවත් කර තිබෙන අතර මේ වනවිට ඉතිරි මැදිරි තුන හා දුම්රිය එන්ජිම දුම්රිය කාර්ය මණ්ඩලය විසින් පීලිගත කිරීම ආරම්භ කර ඇත.
අනතුරට පත් දුම්රිය එන්ජිම නැවති ඇත්තේ කලාඔය පාලම මතදීය. එන්ජිම පීලිපැනීම හේතුවෙන් අඩි 40ක් පමණ උසින් වූ දුම්රිය පාලම මත වූ දුම්රිය මාර්ගයටද හානි සිදුව තිබේ.
මේ නිසා අනතුරට පත්ව පාලම මත නැවති ඇති දුම්රිය එන්ජිම කලාඔයට නොවැටී ඉවත් කර ගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.
කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කොළඹ මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. දුම්රිය පීලිපැනීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ මීටර් 200ක පමණ කොටසක් විනාශවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ 200 කට ආසන්න දුම්රිය මගීන් පිරිසක් එහි ගමන් කර ඇති අතර මෙම දුම්රිය අනතුරින් කිසිදු අයෙකුට තුවාල හෝ වෙනත් හානියක් සිදුව නොතිබීමද විශේෂත්වයකි.
දුම්රිය රියදුරා ඇතුලු කාර්ය මණ්ඩලයේ සැලකිල්ල නිසා දුම්රිය කලා ඔයට නොවැටී බේරාගෙන ඇති අතර, සිදුවීමට තිබූ විශාල හානියක් වැළකී ඇති බවද පොල්වත්තගේ මහතා පැවැසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනච්චිලට කරදරයක් නැතිද?
2019/10/20 දින මම උදේ ඔතන හරහා අවුකන පංසලට ගියා..මෙම ස්ටේෂන් එක හරියේ තියෙන්නේ සිල්බර කොටන් ..මේ කොටන් දිරලා ට්‍රැක් එක ඉහල පහල ගිහිල්ලා වගේ තමයි දැක්කේ.මම ඒත් කල්පනා කරා මේ රේල් පාර නඩත්තුවක් වෙනවා වගේ දැක්කේ නැහැ. .
අපි නොදන්නා රියදුරෝ , මොකා හරි උගසට තියල පඩි වැඩි කර ගැනීමට කරන වර්ජන හැර වෙන කිසිවක් නොමෙත, ඉතින් මොන සැලකිල්ලක් ද ? මොන බොරුවක්ද ?
සැලකිලිමත් වුනා නම් මෙහෙම දෙයක් වෙනවද... මේ තමයි තවත් පාඩු ලබන රාජ්‍ය ආයතනයක්
ඕනෑම කෙනෙකුට (හැබැයි දුම්රිය සම්බන්ද සේවකයන්ට හැර ) තේරෙනවා මෙතන සිල්පර කොට හොදටම් දිරල . මේවගේම දෙයක් වුණා බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල . එතනේ වෙලා තියෙන්නේ කොන්ක්‍රීට් සිල්පර සමග සම්බන්ද වන පිලි කොකු දිරල . මෙම මාර්ග පරීක්ෂා කරන සේවකයන්, නිලදාරීන් කොතෙකුත් ඉන්නවා ඔය තැන්තැන් වලට වෙලා කයිවාරු ගහන ව හැර වගකීමක් නැහැ .මේ වෙන අලාභය තමන්ගේ පඩියෙන් අයකර ගැනීමක් නැති නිසා දුම්රිය පාඩුද ලාබද යන්න වගක් නොමැති නිසා අනතුරක් අවොත් වැඩ කරන්න බලාගෙන ඉන්නවා . එතකොට අතිකාල දීමන විශේෂ දීමනා සමගින්ම මාසේ පඩිය ගන්න පුළුවන් . මේ රාජ්‍ය සේවකයෝ ඉන්නකන් මේ රට දියුණු කරන්න අමාරුයි
දුම්රිය මාර්ගය හරිහැටි නඩත්තු නොවීම මෙම අනතුරට හේතුව වෙන්න පුලුවන්. හැබැයි අනතුරින් පස්සේ කළයුතු දේවල් පිළිබදව අදහස් දක්වලා තියෙන බොහොම දෙනෙකුට දුම්රිය මාර්ගය, දුම්රිය මැදිරිය සහ දුම්රිය එන්ජිමක දිග පළල හා ඒවායේ බර පිළිබද අවබෝධයක් නොමැතිවීම පිළිබදව කණගාටුයි.