
(අංජුල මහික වීරරත්න සහ යොහාන් බාසුර)
එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය.
කොළඹ පෑලියගොඩ මැනිං වෙළෙඳ සැලට පාරිභෝගිකයන් ගේ පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබූ අතර එළවළු තොග ලැබී තිබුණත් ඒවා මිලදී ගන්නට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා වෙළෙඳ කුටි පාළුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය.
පෑලියගොඩ මැනිං වෙළෙඳ පොලේ (සිල්ලර මිල) බෝංචි කිලෝව රුපියල් 1100ක්, කැරට් කිලෝව 2100ක්,ගෝවා කිලෝව 750ක්,තක්කාලි කිලෝව 400ක්,බටු කිලෝව 800,වට්ටක්කා කිලෝව 200ක්,අමු මිරිස් කිලෝව 1100ක්,රතු ලූනු කිලෝව රුපියල් 500ක් සහ විදේශීය ලොකු ලූනු කිලෝව රුපියල් 430 ක් වශයෙන් වාර්තා විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලංකාවේ ආර්ථිකේ හරස්කඩක්. අද ඩොලර්වලට ඉල්ලුමක් නෑ. රට දේශීයව දුප්පත් වුණාම ඩොලර් ඉල්ලුම නැතිවෙනවා. ආර්ථිකය සකෝචනය වෙනවා. ජාතික ආදායම ගණනය කරන්න දෙයක් නෑ අමුතුවෙන්. ලෝකේ මෙච්චර භයානක අඩියකට වැටුණු වෙන රටක් නෑ. කෙනෙක් කියනවා සිම්බාබ්වේ උද්ධමනය ගැන. උද්ධමනය කියන්නේ ඉල්ලුම, සැපයුම වගේ ආර්ථික දත්තයක්.... හරියට කාර් එකක ස්පීඩ් එක වගේ. ස්පීඩ් එක වැඩි වුණොත් එළවන කෙනා ඉතා දක්ෂයෙක් වෙන්න ඕනෑ. නැත්නම් ඕනෑනම් ෆුට් සයිකලේටත් අයින් කරගෙන හෝ තල්ලු කරගෙන යන්නත් පුළුවන්... හැබැයි දක්ෂයෝ ඉන්න රටවල් වේගෙන් අපි පහුකරගෙන යනවා. අපි වේගෙන් හිඟාකනවා.. ලෝකේ වටෙන්ම. එච්චරයි අපිට පුළුවන්...!
රට මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයට නම් හොඳක් සිදුවෙන්නේ නෑ...
පසුගිය කාලයේ ඇද හැළුණු අනපේක්ෂිත වර්ෂාව නිසා ගොවිතැන් වලට හානිවුණා. අතරමැදියා ඒ අස්සේ තම සාක්කු පුරවා ගන්නවා. ගොවියාගෙන් කෙලින්ම පාරිභෝගිකයාටත් නිෂ්පාදන ගලායන තුරු රටේ නිෂ්පාදනය කරගන්න දෙයක්වත් සාධාරණ මුදලකට පාරිභෝගිකයින්ටත් යන්නේ නෑ...!
රනිල්ගේ පිනට මහ වැහි වැහැලා ගම් බිම් යටවෙලා වගාබිම් යටවෙලා ජලාශ පිරිලා ලයිට් බිල අහස උසට වැඩිවෙලා... ඒ නිසා රනිල්ගේ පිනට කැරට්මිල... රත්‍රන් ගණන් වෙන්නේත් රනිල්ගේ පිනට තමයි...!