මෙරට තෙදින නිල සංචාරයක් සදහා එක්වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් හෝ උතුරු පළාත් සභා මන්ත්‍රීන් හමුවී සාකචිඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් පැවසීය.
මහ ලේකම්වරයා ලබන සිකුරාදා (02) වැනිදා යාපනයේ සංචාරයක නිරත වෙමින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විපක්ෂ නායක ආර් සමිබන්ධන් හමුවීමට න්‍යාය පත්‍රයේ කාලය වෙන් කර තිබුණත් උතුරු මහ ඇමතිවරයා ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් හමුවීමට කාලවේලාව වෙන්කරගෙන නැති බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ බොරු මෙයා අාවේම උතුරේ විස්තර දැනගන්ට අපිව ගොනාට අන්දන්ට එපා ඔය පැත්තේ වෙන දේවල් අපි ඔක්කොම දන්නවා හොදට මතක තිය ගන්න (බ)
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් විග්නේෂ්වරන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීන් හමුවී සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර තියන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න පුලුවන්. (නි)
නිමල්ලාලිත, හා සුගත්ලා රෑ හීනෙන් බයවෙලා නැගිටලා වගෙයි කතාවෙන් පෙනෙන්නේ. (ර)
අයියෝ! මදැයි අර ‘හොර පොල්‘ කට්ටිය උද්ඝෝෂණය කරන්න බලාහිටියා (නි)
මේ සිද්ධියට විග්නේශ්වරන්ටත් වඩා දුක්වෙනවා ඇත්තේ මෙවන් හමුවීමක් හරහා ආණ්ඩුවට මඩ ගහන්න බලාගෙන ඉන්න සමහර ජාතිවාදී පිරිස් (නි)
මොහාන් මහත්තයෝ, නියම ජාතිවාදීන් කව්ද කියලා බලාගන්න, ඔබ උතුරේ හෝ කාත්තන්කුදියේ, නැත්නම් අක්කරේපත්තුවේ ප්‍රාදේශිය බල සභාවකට තරඟ කරලා බලන්න. ඉන්පසු සිංහල අයිතිය ගැන කතාකරන අයට කැමති නම් ජාතිවාදීන් කියන්න. (නි)
මේවට රැවටෙන්න එපා. යාපනයට ගියේ නිකන්ද? (නි)
බෑන් කි මුන් විග්නේශ්වරන් හමුවීම ප්‍රතික්ෂේප කළාට ඔහු මේ රටේ එදා පැවති රජයට වින කිරීමට, රජය අපහසුතාවයට පත්කිරීමට උත්සාහ කළ බව නොදන්නා, අද ඔහුට ආවඩන අයට ඔහුගේ කෙරුවාව ළඟදීම බලාගැනීමට හැකිවනු ඇත (නි)
උතුරු මහඇමති කියන්නේ රටේ නායකයාවත් පළාතේ ලොක්කාවත් නොවෙයිනේ. නායක මට්ටමේ හමුවීම් තමයි සංස්කෘතිය. (නි)
බැන්කී මූන්ටත් අන්තිමේදී හිතෙන්න ඇති උතුරේ මහ ඇමතියා කියන්නේ මෙකෙක්ද මං මොකටද ඕකව බලන්න යන්නෙ කියල. ඒකයි වෙලාවක් දීල නැත්තෙ. (බ)
නිමල් ලලිත මමත් ඔයාට 100%ක් එකඟයි. කිලිනොච්චියේ බුදු පිළිම කඩලා දාපු ඒවා, මොහාන් වගේ අයට පේනවා ඇත්තේ සංහිදියාවේ කොටස් වගේ වෙන්න ඇති. (බ)