සිරස සුපර්ස්ටාර් හා ශක්ති සුපර්ස්ටාර තුළින් ඔබ හඳුනා ගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්‍ෂේත්‍ර‘ය තුළ සනිටුහන් කර හමාරය. සතියේ දිනවල දහවල් 02.00 ට සිරස එෆ්.එම් ඔස්සේ විකාශනය වන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍ය‘යේ තේමා ගීතයෙන්ද සිරස ටී.වී. ඔස්සේ විකාශය වන "මේ ආදරයයි" තේමා ගීතයද ගායනා කරන ඇය මීනා ප්‍රසාදනීය.
"මම තේමා ගීතවලට තමයි වැඩි වශයෙන් දායක වෙලා තියෙන්නේ. මගේම ගී නිර්මාණ සිද්ධ වෙන්නෙ හරිම අඩුවෙන්. ඒකට හේතුව මට ලැබෙන හැම ආරාධනාවක්ම මම භාර ගන්නෙ නැහැ. මට ගැළපෙන නිර්මාණ පමණයි මම භාරගන්නේ. නමුත් මම ගී නිර්මාණයක් සිදු කළොත් මට මාධ්‍යවලින් සහයෝගය ලැබෙනවා. මගෙන් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ආපු නැති නිසා වෙන්න ඇති තේමා ගීතවලට දායක වෙනවා කියලා දැනෙන්නේ. ට්‍රේන්ඩ් එකට යන්න මම ආස නැහැ. ආර්ථික වටිනාකමක් බලන් ගීත නිර්මාණ සිදු කරන්නේ නැහැ. එහෙත් මම මෑතකදී දායක වුණ තේමා ගීත දෙකක් වැඩි ජනප්‍රියත්වයක් ලැබුවා. "මං ආදරේ" නාට්‍ය‘යේ තේමා ගීතයට මම පෞද්ගලිකව ආසයි...
"මං ආදරෙයි" ගීතය රචනා කළේ නිදුක් මධුෂික, එහි සංගීතය ජයසිරි අමරසේකර. "මේ ආදරයයි" මම ආසාවෙන් කළ ගීතයක්. වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබුණා. එයට සිරස ටී.වී. ආරාධනා කිරීම ගැන සතුටුයි. සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සුසාර දිනාල්ද මතක් කළ යුතුයි.
ප්‍රවීණ සංගීතඥයන් වගේම, නව පරපුරේ අය එක්කත් මම වැඩකරලා තියෙනවා. අද ගීත නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. මම කැමති නැහැ මම අකමැති ගීතයක් මගේ වොයිස් එකෙන් අහන්න. මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ. මේ කාලෙ සී.ඩී. පටයක් නිර්මාණය කළා කියලා වාණිජ වටිනාකමක් ගන්න බැහැ. ගායිකාවක් ලෙස සී.ඩී පටයක් කළ යුතුයි කියලා මම හිතන්නේ. එයට විශාල පිරිවැයක් වැය වෙනවා. අද තාක්ෂණය දියුණුයි. මට අවශ්‍ය හොඳ ගීත නිර්මාණය කිරීම පමණයි.
"සිරස සුපර්ස්ටාර් තුන්වැනි අදියරේදී මම ඉවත් වුණේ දොළොස් වැනියා විදිහට. ශක්ති සුපර්ස්ටාර් තරගයේ අවසාන වටයට මට යන්න හැකියාව ලැබුණා. මට තරගයකින් මේ තරම් මිනිසුන් අතරට යන්න හැකිවේවි කියලා මම හිතුවේ නැහැ. එහෙත් දෙවියන්ගේ ආශීර්වාදය දෙමාපියන්ගේ ආශීර්වාදය හා මට උදව් කළ සියලු දෙනාගේ සහයෝගයෙන් මම මේ ගමන යනවා. තනියම මම යන ගමනේදී මට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය අමතක කරන්න බැහැ. විශේෂයෙන් සුරේෂ් මාලියද්ද මතක් කළ යුතුයි. ඒ වගේම මාව විශ්වාස කරලා මට පළමු චිත්‍රපට ගීතයක් ලබාදුන් සංඛ දිනෙත්ටත් මගේ පෙම්වතාටත් මගේ නිවසේ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මාත් එක්ක හිටපු මාව විශ්වාස කළ හැමෝම මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි."
රංගන
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීනා "මේ ආදරයයි" ගීතය කලේ ආසාවෙන්ලු