(ප්‍රසාද් මුතුකුඩ)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවය කරන ‘මෑන් පවර්‘ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සේවයෙන් ඉවත්වීම හේතුවෙන් මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ කටයුතු ආඩාල වී තිබේ.
වැටුප් වැඩි කරන්නැයි කළ ඉල්ලීම බලධාරීන් නොසලකා හැරීම හේතුවෙන් ඔවුහු අද (31) සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමය පවසයි.
සිය ඉල්ලීම් ඉටුවන තුරු මෙම ක්‍රියාමාර්ගය අත්නොහරින බව ඔවුහු පවසති. මේ වන විට ගුවන්තොටුපොළ කටයුතු අඩාල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් බලන්නේ කළ දුටුකල වල ඉහගන්නයි.
මේ රජය බලයට එන්නට මේ "මෑන් පවර් " මාෆියාවේ ගොදුරක් වූ අහිංසකයෝත් සහයෝගය දුන්නා. මට මතකයි වරක් දේශපාලකයෙක් ඇවිත් වැඩ වර්ජක මෑන් පවර් සේවකයින්ව දිරිගන්වනවා. "අපි බලයට ආපු ගමන් ඔයගොල්ලන්ව ස්ථිර කරනවා. ඔය මෑන්පවර් ඔක්කොම වහලා දමනවා.." කියලා ඔහු ප්රතිඥාවක් පවා දුන්නා.. නමුත් මට හිතෙන හැටියට මේ මෑන්පවර් මාෆියාව දූෂිත දේශපාලකයන් කිහිපදෙනෙක් එකතුවෙලා කරගෙන යන්නක්... අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ මාසික වේතනයෙන් 50% පමණ මේ මාෆියාව හොරා ගන්නවා.