ලංවීම බිල්පත් නිලධාරින්ගේ සංගමයේ (මෑන් පවර් ) මාධ්‍ය හමුවක් විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිට පාරේ අද(04) පැවැත්විය.
සංගමයේ ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ බැංකු සේවක සංගමය හා එක්සත් කම්කරු සංගමය. ටෙලිකොම් සමිතිය ඇතුළු සංගම් රැසක් තමනට සහයෝගය දෙන බවයි.
‘අදට දින 7 ක් අපි උපවාසයේ. පසුගිය අවුරුද්දේ මෑන් පවර් සේවකයන් 2300 ක් ස්ථිර කළා. අයපත්කරුවන් එකකුවත් ස්ථිර කර නැහැ. අයපත්කරුවන් 1400ක් ඉන්නවා. මෑන්පවර් සේවක සංගමයේ වැඩ කරන්න පසුගිය අවුරුද්දේ පත්වීම 2300 දුන්නේ ආණ්ඩුවට කොළේ වහලා. ඇමැතිවරයා කියනවා ජුලි 30 වෙනවිට විසඳුමක් දෙන බව ජුලි 30 කියන්නේ නැකත නොවේ.
ලංකාව පුර බිල්පත් බෙදීම අද ඇනහිටලා. විසඳුමක් නැතොත් අඹු දරුවන් සමග ලබන 6 වැනිදා මෙතැන පදිංචි වෙනවා‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙට එකතුවෙලා අයිතිවාසිකම් දිනන්න . මහින්දට හරි රනිල්ට හරි චන්දය දෙන්න. (ර)
දන්නෙ නෑති නිසා අහන්නෙ...කවුරු හරි කියන්න මට.. මේ අය මෑන් පවර් සපයන ආයතනයකින් , විදුලි බල මන්ඩලයෙ වෑඩ කරන්න එකග වෙලා, දෑන් බල කරනවා රාජ්ය ආයතනයට බදවා ගන්න කියලා. මේගොල්ල හිටියේ පිට පුද්ගලික කම්පෑනියක නෙමෙයිද? මොකක්ද විදුලි බල මන්ඩලේට තියෙන වගකීම මේ අයට රස්සාවල් දිගටම දෙන්න ඕනෙ කියලා? මේ විදිහට ගියොත් ඉතින් ඒකත් අර ලංගමය , දුම්‍රිය සේවය වගේ තමයි. දෑනුත් පාඩු එකේ තවත් නෑති වෙලාම යයි. (ර)